Friday, April 30, 2021

MA KANDULIN LIYAMI MESE by Punsiri Zoysa | මා කඳුළින් ලියමි මෙසේ


 

෴෴෴ මා කඳුළින් ලියමි මෙසේ ෴෴෴

මා කඳුළින් ලියමි මෙසේ එය අවසන් කරනු කෙසේ මා තනියෙන් පෙම් කෙරුවේ ඔබ නෑ මට පෙම් කෙරුවේ මා කඳුළින් ලියමි මෙසේ එය අවසන් කරනු කෙසේ හරි ලස්සණ අකුරුවලින් මුතු කැට වැනි මියුරු වදන් ලියලා මට ආදරයෙන් දුන් සෙනෙහස සිහිනෙකි දැන් මුළු ජීවිතයම දුකකී කඳුළුයි දැන් මට අයිතී මා කඳුළින් ලියමි මෙසේ ................ මා කඳුළින් ලියමි මෙසේ එය අවසන් කරනු කෙසේ මගෙ ඇස්වල කඳුළු කැට දන්නව දුක් වෙන තරම මට පෙම් කළ ආදරය ඇයි නපුරු වෙලා මෙහෙම මම වැඳ වැඳ යලි කියමී ඔබ විතරයි මට අයිතී මා කඳුළින් ලියමි මෙසේ ................ මා කඳුළින් ලියමි මෙසේ එය අවසන් කරනු කෙසේ

OBAI MAMAI MAWU SIHINA (Original Song) by Milton Mallawarachchi | ඔබයි මමයි මැවූ සිහින


 

෴෴෴ ඔබයි මමයි මැවූ සිහින ෴෴෴

ඔබයි මමයි මැවූ සිහින ලොවම මැකී යයි දෙ අත රැගෙන එකම දිනෙක අප සමු ගන්නයි සුනිල පලිඟු දියෙන් සපිරි පොකුණ මා තමයි රුව ද සුවඳ එකම පරිදි රැගත් මල ඔබයි ඔබයි මමයි මැවූ සිහින ................ අපට නොමැත නීති රීති සෙනෙහස පමණී තවත් ලොවක තවත් දිනෙක ඔබෙ අත ගනිමී ඔබයි මමයි මැවූ සිහින ................ පද රචනය: බණ්ඩාර කේ. විජේතුංග සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Bandara K. Wijethunge Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

IRAI HANDAI WANDA AWASARA ILLA by M.S. Fernando | ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා


 

෴෴෴ ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා ෴෴෴

ඉරයි හඳයි වැඳ අවසර ඉල්ලා මවයි පියයි වැඳ අවසර ඉල්ලා උපන් ගමට වැඳ අවසර ඉල්ලා (එන දා නොවර දා කියන දා කවද දෝ) // (නැවුම් කලෙන් උදෙන් වතුර නාලා කිතුල් රැහැන් කොණ්ඩෙ කඩා දාලා සමන් මලක් නෙලන් රන්දවාලා සිහින් සිනිඳු සළුවක් දවටාලා) // එන දා නොවර දා කියන දා කවද දෝ ඉරයි හඳයි වැඳ ................ (පැල්පත තුල මැණික් පහන වීලා නංගිගෙ හොඳ නෑනන්ඩිය වීලා අම්මගෙ හිත දිනු ලේලිය වීලා ආල වඩන මගේ සොඳුර වීලා) // එන දා නොවර දා කියන දා කවද දෝ ඉරයි හඳයි වැඳ ................ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ෂාන් ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Karunarathne Abeysekara Music: Shan Artist: M. S. Fernando