Saturday, April 30, 2022

MA UPANNA PUNCHI PALE by Malini Fonseka | මා උපන්න පුංචි පැලේ - මාලිනී ෆ...


෴෴෴ මා උපන්න පුංචි පැලේ ෴෴෴

 

පද රචනය:            මාලිනී ෆොන්සේකා

සංගීත නිර්මාණය: සරත් දසනායක

ගායනය:               මාලිනී ෆොන්සේකා

Lyrics:                 Malini Fonseka

Music:                 Sarath Dasanayake

Artist:                  Malini Fonseka


MA SITHA BOLANDA NISA by Malini Fonseka | මා සිත බොළඳ නිසා - මාලිනී ෆොන්...


෴෴෴ මා සිත බොළ නිසා ෴෴෴

 

පද රචනය:            මාලිනී ෆොන්සේකා

සංගීත නිර්මාණය: සරත් දසනායක

ගායනය:               මාලිනී ෆොන්සේකා

Lyrics:                 Malini Fonseka

Music:                 Sarath Dasanayake

Artist:                  Malini Fonseka


Thursday, April 28, 2022

WILE HANSA RANGE by T. M. Jayarathne | විලේ හංස රඟේ - ටී. එම්. ජයරත්න



෴෴෴ විලේ හංස රඟේ ෴෴෴ විලේ හංස රඟේ රඟනා රඟ මතිනා නුරා දෑස පුරා සලනා දිගු නයනා හැඟුම් කලඹවනා පැටලේ ආශා දැහැනේ විලේ හංස රඟේ ................ (අරා උකුළු තලා උකුළේ බඳ මෙවුලේ රිදී ගිගිරි සැලේ ලමැදේ මුතුවලියේ දිලී පබළු දිලී පැටලී ආශා දැහැනේ) // විලේ හංස රඟේ ................ (මගේ තුරුණු ලයේ නිළියේ සුරවමියේ සරා සලෙළ නඳී මඬලේ රඟ මඬලේ ඔබේ දෙපා සිඹී පැටලී ආශා දැහැනේ) // විලේ හංස රඟේ ................// පද රචනය : අජන්තා රණසිංහ සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ටී. එම්. ජයරත්න Lyrics: Ajantha Ranasinghe Music : Clarence Wijewardane Artist : T. M. Jayarathne

SANDU HIRUWI MAGE LOWE by T. M. Jayarathne | සඳු හිරු වී මගේ ලොවේ ඔබ දිල...



෴෴෴ සඳු හිරු වී මගේ ලොවේ ෴෴෴ සඳු හිරු වී මගේ ලොවේ ඔබ දිලුනා ඔබ හමුවී ළඳේ එදා සිත බැඳුනා දිවි කතරේ යන අතරේ හදේ සුසුම් නිවා නෑ ආයෙ ඒ ඈත ඒ පාළු ලෝකේ මා හා මෙදා යාවෙලා නෑ මාගෙ ජීවේ ඒ කාලෙ වාගේ සුසුම් ඒවිදෝ මා සොයා සඳු හිරු වී මගේ ලොවේ ................ මේ සීත රෑ යාමෙ මේ ගීත ලෝකේ මා හා බැඳී යාවෙලා මා කීව ගීතේ මේ පාළු යාමේ පැතුම් යාවිදෝ පාවෙලා සඳු හිරු වී මගේ ලොවේ ................ පද රචනය : ලීනස් මෙන්ඩිස් පියතුමා සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ටී. එම්. ජයරත්න Lyrics: Fr. Lenus Mendis Music : Clarence Wijewardane Artist : T. M. Jayarathne

Thursday, April 21, 2022

HANSARANI ADARE by Haroon Lanthra with Sujatha Aththanayake | හංසරාණී ආද...


⋆⋆⋆ හංසරාණී ආදරේ ⋆⋆⋆⋆⋆⋆ හංසරාණී ආදරේ මදාරා පරසතු විලේ මීවිතේ මදිරා බොනූ මගේ සිත උදුරා ගනූ හංසයානෙනි ආදරේ මදාරා පරසතු විලේ මීවිතේ මදිරා බොනූ මගේ සිත උදුරා ගනූ හංසරාණී ආදරේ මදාරා පරසතු විලේ (ඉගිල්ලෙන්නට තටු සළා පියාපත් සවි බල වෙලා) // අඳුර ආලෝකය වෙලා සොඳුර සිහිනය එළි වෙලා (ආදරේ මල් පල දරයි දුගී පැල රස මුසු කරයි) // රිදී මිණි මුතු මිල නොවෙයි මාලිගය සිත ගිය තැනයි හංසරාණී ආදරේ ///... පද රචනය: ශ්‍රී නිහාල් ජයසිංහ සංගීත නිර්මාණය: ෂෙල්ටන් ප්‍රේමරත්න ගායනය: හරූන් ලන්ත්‍රා සමග සුජාතා අත්තනායක චිත්‍රපටය: 1967 වසරේ තිරගත වූ ‘හැංගි හොරා’ චිත්‍රපටය Lyrics: Sri Nihal Jayasinghe Music: Shelton Premarathne Artist: Haroon Lanthra with Sujatha Aththanayake. Film: ‘Hangi Hora’ released in 1967.

OBA ASURE MA HADE by Mervyn Mihindukula | ඔබ ඇසුරේ මා හදේ - මර්වින් මිහි...


෴෴෴ ඔබ ඇසුරේ මා හදේ ෴෴෴ ඔබ ඇසුරේ මා හදේ පෙම ඉපදී නෑ ළඳේ කඳුළැලි දෝ ජීවිතේ මා පැතු ඒ ආදරේ රෑ සඳ සේ අහසේ තනි වූ මා තනි වී ජීවිතේ ඒ සිනහා සුන් වී බොඳ වී හඬ නැගුනා මාවතේ මා පැතුවේ සොඳුරේ ඔබගේ දෑසේ ප්‍රේමේ කල්පනා ඔබ ඇසුරේ මා හදේ ................ මා දෙවටේ ඔබ හා තනි වූ නා මල් තාමත් පිපී කෝ ඔබ කෝ විමසා සැඟවී රුව නෙළුවා මල් ලොවේ ඒ මතකේ කවදා ළඳුනේ සුන් වී යාදෝ ජීවිතෙන් ඔබ ඇසුරේ මා හදේ ................ පද රචනය: හේමසිරි හල්පිට සංගීත නිර්මාණය: උපාලි කන්නන්ගර ගායනය: මර්වින් මිහිඳුකුල Lyrics: Hemasiri Halpita Music: Upali Kannangara Artist: Mervyn Mihindukula (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

OBEN PAMANI MA DUTUWE by Mervyn Mihindukula | ඔබෙන් පමණි මා දුටූවේ - මර...


෴෴෴ ඔබෙන් පමණි මා දුටූවේ ෴෴෴ ඔබෙන් පමණි මා දුටූවේ මිහිර උතුරනා සිනා නැවුම් ගීතයන් ලියන්නේ ඔබේ ආදරේ දිනා ඔබෙන් පමණි මා ................ කලක් මා නෙතින් ගැලූවේ ඔබේ කල්පනා එදා දුකින් මිලින වී තැවෙන්නේ සිතින් තනිවෙලා මෙමා ඉතින් නම් කතා එවන් වූ සවන් දෙනු එපා ඔබෙන් පමණි මා ................ සවන් රැලි වෙළා පාවී සවන් සනසලා ගියා නුවන් මා නිවූ දයාවී පැතුම් පුරවලා තියා ළඳේ මේ ලොවේ තවත් නෑ කෙනෙක් වන් ඔයා ඔබෙන් පමණි මා ................// ඔබෙන් පමණි මා දුටූවේ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: මර්වින් මිහිඳුකුල Lyrics: Music: Artist: Mervyn Mihindukula (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)