Thursday, April 21, 2022

OBA ASURE MA HADE by Mervyn Mihindukula | ඔබ ඇසුරේ මා හදේ - මර්වින් මිහි...


෴෴෴ ඔබ ඇසුරේ මා හදේ ෴෴෴ ඔබ ඇසුරේ මා හදේ පෙම ඉපදී නෑ ළඳේ කඳුළැලි දෝ ජීවිතේ මා පැතු ඒ ආදරේ රෑ සඳ සේ අහසේ තනි වූ මා තනි වී ජීවිතේ ඒ සිනහා සුන් වී බොඳ වී හඬ නැගුනා මාවතේ මා පැතුවේ සොඳුරේ ඔබගේ දෑසේ ප්‍රේමේ කල්පනා ඔබ ඇසුරේ මා හදේ ................ මා දෙවටේ ඔබ හා තනි වූ නා මල් තාමත් පිපී කෝ ඔබ කෝ විමසා සැඟවී රුව නෙළුවා මල් ලොවේ ඒ මතකේ කවදා ළඳුනේ සුන් වී යාදෝ ජීවිතෙන් ඔබ ඇසුරේ මා හදේ ................ පද රචනය: හේමසිරි හල්පිට සංගීත නිර්මාණය: උපාලි කන්නන්ගර ගායනය: මර්වින් මිහිඳුකුල Lyrics: Hemasiri Halpita Music: Upali Kannangara Artist: Mervyn Mihindukula (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

No comments:

Post a Comment