Saturday, March 19, 2022

OBA WENUWEN MA by Milton Mallawarachchi | ඔබ වෙනුවෙන් මා ගැයු ග...



෴෴෴ ඔබ වෙනුවෙන් මා ෴෴෴ ඔබ වෙනුවෙන් මා ගැයු ගී පෙරදා යලි ඔබ සවනේ නෙරැඳී නොගැටී සුළඟේ මිලින වුණාවේ (දවනු දැනේ සිසි කිරණ පවා සිසිල නොදේ මඳ පවන පවා) // ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුනාවේ ඔබ වෙනුවෙන් මා ................ (සුවඳ දැනේ ඔබෙ උදය හවා කඳුළු නැගේ නෙත රැයද දිවා) // ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ ඔහුගේ නම රැඳුනාවේ ඔබ වෙනුවෙන් මා ................ සුළඟේ මිලින වුණාවේ /// පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: සෝමපාල රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K. D. K. Dharmawardane Music: Somapala Rathnayake Artist: Milton Mallawarachchi

Thursday, March 17, 2022

ANANTHAYATA MA IGILENA by Srimathi Thilakarathne | අනන්තයට මා ඉගිලෙන - ශ...


෴෴෴ අනන්තයට මා ඉගිලෙන ෴෴෴ අනන්තයට මා ඉගිලෙන ඔබේ සිතුම් රේඛාවේ අනාගතය ලියා තබමි ඈත සොඳුරු ආකාසේ ඈත සොඳුරු ආකාසේ අනන්තයට මා ඉගිලෙන ................ (චන්දන සුවඳින් නැහැවී හිමගත වන අරණ තුලින්) // ඔබ මෙහි එන සිහින වළා ඉහට උඩින් නැත ඉසලා අනන්තයට මා ඉගිලෙන ................ (සතුටු සුවය තුරුළු කරන් නිධානයක රුවන් දොරින්) // හෙට අළුයම මගෙ කුටියට එනු මැන තනිකම පිසදා අනන්තයට මා ඉගිලෙන ................// පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය : වික්ටර් රත්නායක ගායනය : ශ්‍රීමතී තිලකරත්න Lyrics : Premakeerthi De Alwis Music : Victor Rathnayake Artist : Srimathi Thilakarathne

UMBAE KIYA KIYA by J. A. Milton Perera | උම්බෑ කිය කියා මරණ ...


෴෴෴ උම්බෑ කිය කියා මරණ බයේ ෴෴෴

(උම්බෑ කිය කියා මරණ බයේ) //
කිරි ටික මුලදි බොයි පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි මේ එළ දෙන අසයි
(උම්බෑ කිය කියා මරණ බයේ) //

බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනො තුරා මැරෙනා තෙක් දිරා
රෑ දහවල් උදේ විඳ විඳ දහ වදේ
නිරයේ දුක දකියි දරු පවුලම රකියි
අන්තිමෙ මේ ගොනා මස් කර විකුණනා
කඩයට පවරනා මිනිසයි තිරිසනා
කවදා දෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ
(උම්බෑ කිය කියා මරණ බයේ) //

දරුවට මව නැතී දෙ වරුවෙ කිරි දෙති
ගොම ටික පොහොර වෙයි ගොඩ මඩ සරු කෙරෙයි
(මැරුණත් නො නවති හමටද බැට දෙති) //
කවදා දෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ
උම්බෑ කිය කියා ................
(උම්බෑ කිය කියා මරණ බයේ) //

පද රචනය :           කරුණාරත්න අබේසේකර
සංගීත නිර්මාණය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය :              ජේ. ඒ. මිල්ටන් පෙරේරා
චිත්‍රපටය :             හතර මහ නිධානය (1965)
තනුව:                  “ඔන්නුමේ පුරියුලේ” තෙලුගු ගීතය
                           චිත්‍රපටය: “කුමාර රාජා” (1961)
                           සංගීතය:  ඩී. ආර්. පාපා
Lyrics :         Karunarathne Abeysekara 
Music :        P.L.A. Somapala
Artist :         J. A. Milton Perera
Film :           Hathara Maha Nidhanaya (1965)
Melody:       “Onnume Puriyule” Thelugu song
                     Film: Kumara Raja (1961)
                     Music: D.R. Papa