Thursday, March 17, 2022

UMBAE KIYA KIYA by J. A. Milton Perera | උම්බෑ කිය කියා මරණ ...


෴෴෴ උම්බෑ කිය කියා මරණ බයේ ෴෴෴

(උම්බෑ කිය කියා මරණ බයේ) //
කිරි ටික මුලදි බොයි පස්සේ මරා කයි
මිනිසා දරුණු ඇයි මේ එළ දෙන අසයි
(උම්බෑ කිය කියා මරණ බයේ) //

බැරි බර පටවලා කෙවිටෙන් තල තලා
කුර ගෙවෙනො තුරා මැරෙනා තෙක් දිරා
රෑ දහවල් උදේ විඳ විඳ දහ වදේ
නිරයේ දුක දකියි දරු පවුලම රකියි
අන්තිමෙ මේ ගොනා මස් කර විකුණනා
කඩයට පවරනා මිනිසයි තිරිසනා
කවදා දෝ මිනිසාගේ අනුකම්පා ඇතිවන්නේ
(උම්බෑ කිය කියා මරණ බයේ) //

දරුවට මව නැතී දෙ වරුවෙ කිරි දෙති
ගොම ටික පොහොර වෙයි ගොඩ මඩ සරු කෙරෙයි
(මැරුණත් නො නවති හමටද බැට දෙති) //
කවදා දෝ මිනිසා මේ තිරිසන් ගති දුරලන්නේ
උම්බෑ කිය කියා ................
(උම්බෑ කිය කියා මරණ බයේ) //

පද රචනය :           කරුණාරත්න අබේසේකර
සංගීත නිර්මාණය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය :              ජේ. ඒ. මිල්ටන් පෙරේරා
චිත්‍රපටය :             හතර මහ නිධානය (1965)
තනුව:                  “ඔන්නුමේ පුරියුලේ” තෙලුගු ගීතය
                           චිත්‍රපටය: “කුමාර රාජා” (1961)
                           සංගීතය:  ඩී. ආර්. පාපා
Lyrics :         Karunarathne Abeysekara 
Music :        P.L.A. Somapala
Artist :         J. A. Milton Perera
Film :           Hathara Maha Nidhanaya (1965)
Melody:       “Onnume Puriyule” Thelugu song
                     Film: Kumara Raja (1961)
                     Music: D.R. Papa

No comments:

Post a Comment