Sunday, June 9, 2019

HELA JATHIKA ABHIMANE by C T Fernando | හෙළ ජාතික අභිමානේ - සී. ටී. ප්‍රනාන්දු


෴෴෴ හෙළ ජාතික අභිමානේ ෴෴෴ හෙළ ජාතික අභිමානේ වැඩු විරුවන් සේ පොරණේ දිනු මව්බිම සව් සිරියෙන් සරසව් පිබිදෙව් පිබිදෙව් සැරසෙව් හෙළ ජාතික අභිමානේ................. වීර විකුම් පෑ පෙර දරුවෝ දෙස රැස මුර කෙරුවෝ ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ නොම වවු ණය කරුවෝ දැය දියුණට පැද යන නැවියා ගොවියා බිම දෙවියා (විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අට ලෝ දම හුරු හෙළයා) // හෙළ ජාතික අභිමානේ................. මුහුදට ඇද්දෙන මහ ගංගා කුඹුරට යලි හරවා ධාන්‍ය වගා කොට සිරිලක මේ පෙරදිග කෙත කරවා අරපිරිමැස්මට පුරුදු වෙලා බිඳලව් දුක සංකා (පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා) // හෙළ ජාතික අභිමානේ................. පද රචනය: කරුණාරත්න අබේසේකර තනුව: සී. ටී. ප්‍රනාන්දු සංගීත නිර්මාණය: පැට්‍රික් දෙනිපිටිය ගායනය: සී. ටී. ප්‍රනාන්දු Lyrics: Karunarathne Abeysekara Melody: C. T. Fernando Music: Patrick Denipitiya Artist: C. T. Fernand‍o

No comments:

Post a Comment