Monday, May 31, 2021

NIL MEENA NETH YUGIN by Punsiri Zoysa | නිල් මීන නෙත් යුගින් - පුන්සිරි සොයිසා


 

෴෴෴ නිල් මීන නෙත් යුගින් ෴෴෴ නිල් මීන නෙත් යුගින් කියන්නෙ ආදරේද මේ ලංවීල ආදරෙයි කියන්නෙ නැත්තෙ ඇයි අනේ පවසන්න ආදරෙයිද ඔයා ඔබ ඉන්නෙ කොහෙද කාගෙ කවුද යන්නෙ කොයිබ දෝ පවසන්නකෝ ඉතින් දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ මම තාම නැහැනෙ කාටවත්ම ආදරෙයි කියා නිල් මීන නෙත් යුගින් කියන්නෙ ආදරේද මේ පවසන්න ආදරෙයිද ඔයා මගෙ සිහින ලෝකෙ සැරි සරන්නෙ ඔබ තමයි ප්‍රියේ ඔය දෑස දෙන්න බෑ කියන්නෙ ඇයිද මිහිරියේ කියන්නෙ ඇයිද මිහිරියේ කියන්නෙ ඇයිද මිහිරියේ හිමිදිරි උදේ කුසුම් පිපෙන්න මේ නිසා නොවේ මේ මල් පිපෙන්නෙ ඔබ නිසානෙ අප්සරාවියේ පවසන්න ආදරෙයිද ඔයා ඔබ ඉන්නෙ කොහෙද කාගෙ කවුද යන්නෙ කොයිබ දෝ පවසන්නකෝ ඉතින් දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ මම තාම නැහැනෙ කාටවත්ම ආදරෙයි කියා නිල් මීන නෙත් යුගින් කියන්නෙ ආදරේද මේ ලංවීල ආදරෙයි කියන්නෙ නැත්තෙ ඇයි අනේ පද රචනය: ගායනය: පුන්සිරි සොයිසා තනුව: “මේ සින්දගී කා සාත් නිබාතා චලා ගයා” ගීතය චිත්‍රපටය: හම් දෝනෝ (හින්දි) - 1961 සංගීත නිර්මාණය: ජයිදේව් Lyrics: Artist: Punsiri Zoysa Melody: “Main Zindagi Ka Saath Nibhata Chala Gaya” song Film: Hum Dono (Hindi) – 1961 Music: Jaidev

Sunday, May 30, 2021

AWA ADAREN RAN KALUM DIDI (Original) Milton Mallawarachchi | ආවා ආදරෙන් රන් කැළුම් දිදී


 

෴෴෴ ආවා ආදරෙන් රන් කැළුම් දිදී ෴෴෴ ආවා ආදරෙන් රන් කැළුම් දිදී ආවා ආදරෙන් රන් කැළුම් දිදී සඳ පිරිලා නැගුනා සේ මාගේ ජීවන අම්බරේ තරු වැහැලා දිළුනා සේ මාගේ ජීවන අම්බරේ මා සිතූ පෙර මා පැතූ පැතුමන් ලෙසේ ආවා ආදරෙන් රන් කැළුම් දිදී මල් පොපියා පිපුනා සේ පාළු මා හද විල් තලේ රණ තිසරා සරනා සේ පාළු මා හද විල් තලේ ආ දිනේ ඔබ ආ දිනේ මතකයි ළඳේ ආවා ආදරෙන් රන් කැළුම් දිදී ආවා ආදරෙන් රන් කැළුම් දිදී පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Saturday, May 29, 2021

DEVIYANI OBA MAW LOWA PUDUMAI by Mohideen Baig | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි - මොහිදීන් බෙග්


 
෴෴෴ දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි ෴෴෴ දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි පහන ලඟයි ආලෝකෙ දුරයි (දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි) // සඳට ආස කරනා කුරුල්ලා ඉන්නෙ වනේ කැදැල්ලේ සිත ගත් හැම දර්ශනයම ලෝකේ ඇයි ඈතින් ඔබ මැව්වේ ඒකද යුක්ති ධර්මෙ මහා මේකද යුක්ති ධර්මෙ මහා පහන ලඟයි ආලෝකෙ දුරයි දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි වනයේ ගස්වල මල් කොළ සේරම එහි නොතබා බිම හෙලුවේ ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන ලෝකෙට ඇයි දුක දුන්නේ ඔබ දුන් දේ යලි ඔබ ගත්තේ ඔබ දුන් දේ යලි ඔබ ගත්තේ පහන ලඟයි ආලෝකෙ දුරයි දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි (පහන ලඟයි ආලෝකෙ දුරයි) /// පද රචනය: හර්බට් එම්. සෙනෙවිරත්න සංගීත නිර්මාණය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: මගේ පුතා (1961) සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටයකි Lyrics: Herbert M. Senevirathne Music: P. L. A. Somapala Artist: Mohideen Baig Film: Mage Putha (1961) Sinhala Dubbed Hindi Film.



Friday, May 28, 2021

NINDA PRASHANSAWA MINISATAMAI by Mohideen Baig | නින්දා ප්‍රශංසාව මිනිසාටමයි - මොහිදීන් බෙග්



 ෴෴෴ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි ෴෴෴ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි නින්දා ප්‍රශංසාව මිනිසාටමයි සාදන්නෙ බිඳලන්නෙ දෛවේ තමයි නින්දා ප්‍රශංසාව මිනිසාටමයි සංසාර ගමනේදි මේ ලෝ තලේ කවදා ද කව්රුන් ද බාධා කළේ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි ඉවසීම නොමැතිව ඉක්මන් වුණේ හාසේහි දෝසේ අදයි තේරුනේ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි නිස්සාර අස්තීර මේ ජීවිතේ තණ්හාව ඊර්ෂ්‍යාව දිනුවේ නැතේ ගිය හින්ද මග වැරදි සැපත සොයා ජීවිතයෙ ආලෝකෙ නැතිවී ගියා නැතිවී ගියා නින්දා ප්‍රශංසාව මිනිසාටමයි සැප ඇත්තෙ අවසානෙ නිවනේ අමා තුන් ලෝක ගුරු බුද්ධ ධර්මේ තමා බුද්ධ ධර්මේ තමා බුද්ධ ධර්මේ තමා පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ප්‍රේමසිරි කේමදාස ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: සැපත සොයා (1965) Lyrics: Karunarathne Abeysekara Music: Premasiri Kemadasa Artist: Mohideen Baig Film: Sapatha Soya (1965)


Thursday, May 27, 2021

THANIYAMA ENA API THANIYAMA YANNEMU by Mohideen Baig | තනියම එන අපි තනියම යන්නෙමු - මොහිදීන් බෙග්



 ෴෴ තනියම එන අපි තනියම යන්නෙමු ෴෴

(තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ) // කොපමණ තිබුණත් කළ හොඳ නරකයි - යන කල ගෙනියන්නේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ (සටනට වැදුනේ ලේ සෙලවූයේ - අපමණ දිවි නැසුවේ) // මිතුරන් නැති විය සතුරන් ඇති විය- මොනවද ඔබ ලැබුවේ මොනවද ඔබ ලැබුවේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ (පුතු සැනසෙව්වද බිරිඳට සැනසුම - දුන්නද සැමියෙකු සේ) // ජීවිතයම ඔබෙ ඔබට බරක් විය - තනිවුණි මෙලොව කුසේ තනිවුණි මෙලොව කුසේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ (එකම හදක් ඔබ සතුටු කළෙහි නම් - ඉන් ඇත හිතට සුවේ) // එහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත් - නිදහස නොමැත ලොවේ නිදහස නොමැත ලොවේ (තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ) // කොපමණ තිබුණත් කළ හොඳ නරකයි - යන කල ගෙනියන්නේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ පද රචනය: සංගීත නිර්මාණය: ආර්. මුත්තුසාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: සූර චෞරයා (1967) Lyrics: Music: R. Muththusamy Artist: Mohideen Baig Film: Soora Chawraya (1967)

Wednesday, May 26, 2021

KAWDA ME LOKE by Mohideen Baig | කව්ද මේ ලෝකේ මරුව පැරදූවේ - මොහිදීන් බෙග්


 

෴෴෴ කව්ද මේ ලෝකේ මරුව පැරදූවේ ෴෴෴ කව්ද මේ ලෝකේ මරුව පැරදූවේ පහන අද නිවුණා අඳුරෙ හැම දාලා රුදුරු ගිනි දීලා කව්ද මේ ලෝකේ ................. කව්ද මේ ලෝකේ (මවට මවක් සේ පියා කෙනෙක් සේ දහ දුක විඳි නිතිනා) // කවල පොවලා පාසල් යවලා හරි මග පෙන්වමිනා හැදු අම්මාගෙන් නේ අද දනවා ඇයිද පුදා ජීවේ පුදා ජීවේ කව්ද මේ ලෝකේ ................. කව්ද මේ ලෝකේ (ඈ කුසයේ දරුවා මළ වේලේ ඒ දුක ඉවසා ගත්තේ) // පුතාට මල්ලිට ඔබ ඉන්නව යයි හදා ගෙනයි ඇගෙ චිත්තේ ඈ අද ගින්නේ ඔබලා වෙනුවෙන් නේද දැවී යන්නේ දැවී යන්නේ කව්ද මේ ලෝකේ .................// කව්ද මේ ලෝකේ පද රචනය: සංගීතය: ආර්. මුත්තුසාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: සිතක මහිම (1964) තනුව: “සින්දගී ක්යා හේ ගම් කා දාරියා හේ” ගීතය චිත්‍රපටය: ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා (හින්දි) 1963 සංගීත නිර්මාණය: රවි Lyrics: Music: R. Muththusamy Artist: Mohideen Baig Film: Sithaka Mahima (1964) Melody: “Zindagi Kya Hai Gham Ka Dariya Hai” song Film: Pyar Kiya To Darna Kya (Hindi) 1963 Music: Ravi

Tuesday, May 25, 2021

MADHU MALA LESA by Milton Mallawarachchi | මධු මල ලෙස - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ මධු මල ලෙස ෴෴෴ මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි - ඔබට තවම මම ආදරෙයි මධු මල ලෙස ................ සිත ගොළු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුණ යොමන විට නෙත් දෙක පිය වෙනවා කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් (ඔබට තවම මම ආදරෙයි - ඔබට තවම මම ආදරෙයි) // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: එම්. කේ. රොක්සාමි ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: M. K. Rocksamy Artist: Milton Mallawarachchi

Monday, May 24, 2021

GIRIHEL MUDUNE MAHANEL NOPIPE by Mohideen Baig | ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ - මොහිදීන් බෙග්


 

෴෴ ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ ෴෴ (ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනඟී අවර ගිරේහී) // මහ මෙර නොසැලේ සුළඟින් කිසි කාලේ නැත කළු පාට කිරේහී ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනඟී අවර ගිරේහී (සීතල වූ දිය මහ සාගරේ උණු වේවිද කවදා සාගරේ) // කෝකිලා කවුඩා නොවේ නෑ මෙසේ වීලා ලොවේ (නිල මැසි සේනා අසලට නේනා) // (බෘංගයා මිස නෙළුමේ) // ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනඟී අවර ගිරේහී (දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වු දැය මේ සිංහලේ) // ඒ නිගා සිරිතේ ගැලී හා නොගා ඉදිනූ දැලී (පර සිරිතේනී ඔබ හෙළ මෑණී) // ඇයි ද සෝකෙට හෙළුවේ‍ ඔබ හෙළ මෑණී (ඇයි ද සෝකෙට හෙළුවේ‍) // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: එස්. එස්. වේදා ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: ඩිංගිරි මැණිකා Lyrics: Karunarathne Abeysekara Music: S. S. Veda Artist: Mohideen Baig Film: Dingiri Manika

Wednesday, May 19, 2021

PEEDENA MALAK WAGE by Punsiri Zoysa | පීදෙන මලක් වගේ - පුන්සිරි සොයිසා


 

෴෴෴ පීදුන මලක් වගේ ෴෴෴

 

පීදුන මලක් වගේ රූබර මුහුණ අගේ

පීදුන මලක් වගේ රූබර මුහුණ අගේ

මල්සර දෝණි මගේ කොයිබද යන්නෙ නගේ

පීදුන මලක් වගේ ................

පීදුන මලක් වගේ රූබර මුහුණ අගේ

 

(මානෙල් මලේ නිලට දිලෙනා නෙතේ

පුංචි රහසක් කියා හිත බැඳුනා මගේ

පුංචි රහසක් කියා හිත බැඳුනා මගේ) //

(සඳ කිඳුරියක ලෙසේ ඔය රුව දකින වෙලේ) //

(සිතුවිලි අවදි වෙලා ඉගිලී යන්න ගියේ) //

 

(නිවසේ මගේ මිණි පහන වගේ

ඇය බැබලී සදා ලං වෙයිදෝ සිතේ

ඇය බැබලී සදා ලං වෙයිදෝ සිතේ) //

මගෙ අත ගන්න බැඳී මා ලඟ ඉන්න රැඳී

සෙනෙහස හදේ දරා හිමි දිවි තිබෙන තුරා

පීදුන මලක් වගේ ................

 

පද රචනය: හෙක්ටර් විජයසිරි

ගායනය:    පුන්සිරි සොයිසා

තනුව:        රමයියා වතාවයියා ගීතය

                  චිත්‍රපටය: ශ්‍රී 420 (හින්දි) - 1955

                  සංගීත නිර්මාණය: ශන්කර්-ජායිකිෂන්

Lyrics:       Hector Wijayasiri

Artist:        Punsiri Zoysa

Melody:    “Ramaiya Vathavaiya” song

                  Film: Shree 420 (Hindi) – 1955

                  Music: Shankar-Jaikishan


Tuesday, May 18, 2021

SARAWANA BAWA KANDA SURINDUGE by Mohideen Baig | සරවන බව කඳ සුරිඳුගෙ - මොහිදීන් බෙග්


 

෴෴෴ සරවන බව කඳ සුරිඳුගෙ ෴෴෴ සරවන බව කඳ සුරිඳුගෙ තෙද බල පලකර තුරු ලිය ඔද කළ මඳ නල සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලෙ සිඹ සිඹ දෙව් සැපැති මැණික් ගං තලේ සැතපුව මැන සුව යහනක තුන් හෙළෙ සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලෙ සය මුහුණකි නෙත් දොළසකි පෑහුනෙ කිතු රැස මෙනි පිල් විහිදෙන වාහනෙ බැබලෙන ලෙස සිරි ලංකා සාසනේ එක නෙතකින් බලනු මැනවි සාමිනේ සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලෙ හිස මුදුනත ලෙල දෙයි සැව් ලිඳු දදෙ දොළොසතකින් ගන අවි දැරු කඳ රදෙ ඔබ පිය මැන මැන පොබ කළ එම සඳ මෙම පියසෙදි දුක බිය සැක සංසිඳ සරවන බව කඳ සුරිඳුගෙ තෙද බල පලකර තුරු ලිය ඔද කළ මඳ නල සරවන බව කඳ සුරිඳුගෙ තෙද බලෙ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: එම්. කේ. රොක්සාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: මහ රෑ හමු වූ ස්ත්‍රිය (1966) Lyrics: Karunarathne Abeysekara Music: M. K. Rocksamy Artist: Mohideen Baig Film: Maha Ra Hamuwu Sthriya (1966)

Monday, May 17, 2021

OBAGE AMMADA NATHNAM OBAGE BIRINDADA by M. S. Fernando | ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද - එම්.එස්.


 

෴෴ ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ෴෴ ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද ගෑණු අපට සිය ගණන් සෙව්වැකි හැබැයි අම්ම කිව්වොත් එක් කෙනයි බොරු නැති අතමිට කාසි පනම් ඇති විට එතකොට ගෑණුත් ඇති වටපිට එයාල අතමිට නැතිදා හැර යයි යන්නට අම්ම එහෙම කරයිද තම පුතාට සමහර තරුණො තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑණු ඕන තරම් ලෝකෙ හරිම කරදරේ එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ එදා චූල පදුම රජතුමාගෙ බිසවට පිපාසෙ වුණ කාන්තාරෙ යනකොට රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට රජු එතරම් ආදරෙයිනෙ සිය බිසවට ඈ ආස හිතිල අතපය නැති කොරෙකුට රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට අම්ම එහෙම කරයිද තම පුතාට එදා රජතුමා සහ බිසව කැලේ යන විට වැදි කුමරෙක් කඩා පැන්න සටනට ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට ආස හිතුන රජතුමාගෙ බිසවට කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට කඩු කොපුව රජුට කඩුව දුන්න වැද්දට අන්න ඒක නිසා නහින්න වුණා රජාට නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට ඔබෙ බිරිදව ඔබේ ලඟට කැන්දා ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා ඔබ බිරිදට ආදරෙන් ඉන්න සැමදා මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා සමහර තරුණො තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑණු ඕන තරම් ලෝකෙ හරිම කරදරේ එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Music: Artist: M. S. Fernando

Sunday, May 16, 2021

PREME MAYA HORAWE by Milton Mallawarachchi | ප්‍රේමේ මායා හෝරාවේ


 

෴෴෴ ප්‍රේමේ මායා හෝරාවේ ෴෴෴ ප්‍රේමේ මායා හෝරාවේ දෑසින් ඈ කී ඒ රහසේ මා හදේ ආදරේ ලියවුණා ආදරේ යා වුණා ප්‍රේමේ මායා හෝරාවේ දෑසින් ඈ කී ඒ රහසේ මා කාගේ කව්රුන්ද ඈ නෑ විමසුවේ ඈ කාගේ කව්රුන් වුවත් කම් නැතේ ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ මා සිතේ සොම්නසේ යා කෙරේ ප්‍රේමේ මායා හෝරාවේ දෑසින් ඈ කී ඒ රහසේ මේ වාගේ ලං වූ කෙනෙක් නම් මේ ලොවේ නෑ මාගේ මතකේ රැඳීලා ජීවිතේ ඈ එදා ඒ යාමයේ කී කතාවන් ආදරේ මා සිතේ සොම්නසේ යා කෙරේ ප්‍රේමේ මායා හෝරාවේ …………… පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Stanley Peirise Artist: Milton Mallawarachchi

Saturday, May 15, 2021

MA AETHA BAWEDI MATHAKADA HAMUWUWA by Mohideen Baig | මා ඈත භවේදී මතකද හමු වූවා


 ෴෴෴ මා ඈත බවේදී මතකද හමු වූවා ෴෴෴

(මා ඈත බවේදී මතකද හමු වූවා) // ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා මා ඈත බවේදී මතකද හමු වූවා (සෙවනේ දිගා වීල පිපී රෑ කාලේ) // සෝකෙන් ඉකි ලෑවෝ මා හද සන්තානේ ඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවා (මා ඈත බවේදී මතකද හමු වූවා) // (සිහි වෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ) // ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ ඒ සිහින විමානේ සැනසුම තේරේවා (මා ඈත බවේදී මතකද හමු වූවා) // පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: වී. බල්සරා ගායනය: මොහිදීන් බෙග් තනුව: “ඒ දෝස්ත් කිසී රෝස් තූ” හින්දි ගීතය‍ චිත්‍රපටය: මේරා දෝස්ත් (1969) සංගීත නිර්මාණය: ලක්ෂ්මීකාන්ත්-ප්‍යාරේලාල් Lyrics: Premakeerthi De Alwis Music: V. Balsara Artist: Mohideen Baig Melody: “Aye Dost Kisi Roz Tu” Hindi song Film: Mera Dost (1969) Music: Laxmikant-Pyarelal

Thursday, May 13, 2021

SADU PIYE BAGAWA BUDU RAJUNE by Mohideen Baig with Sujatha Aththanayake | සාධු පියේ භගවා බුදු රජුනේ


 

෴෴෴ සාධු පියේ භගවා බුදු රජුනේ ෴෴෴


සාධු පියේ භගවා බුදු රජුනේ සාධු පියේ භගවා……

සාධු පියේ භගවා බුදු රජුනේ සාධු පියේ භගවා සාධු පියේ භගවා

සාධු පියේ භගවා බුදු රජුනේ සාධු පියේ භගවා සාධු පියේ භගවා


ශ්‍රී පා පද්මේ වදිම් ප්‍රේමෙනා

මෝහෙ දුරු කරවා සාධු පියේ භගවා


ලෝකෙට තිලක වූ ශ්‍රී සද්ධර්මේ

දසත ව්‍යාප්ති වේවා

ක්‍රෝධය මෝහය ලෝකෙන් දුරලා

සතට සෙත සෑදේවා

(ප්‍රීතිය ගෙන දෙන මේ සංසාරේ) //

පුදනෙමී සැමදා සාධු පියේ භගවා


අස්තවාදී අකුසල කර්මේ

ධර්මයට පත් වේවා

ශීල සමාධී පුණ්‍ය ක්‍රියාවේ

මහිමෙන් ලොව සැනසේවා

(බුද්ධ ජයන්තිය මහිමේ බලයෙන්) //

ජීව නාදය වේ සාධු පියේ භගවා


ගායනය: මොහිදීන් බෙග් සමග සුජාතා අත්තනායක

Artist:    Mohideen Baig with Sujatha Aththanayake


Wednesday, May 12, 2021

NETHA NOPIYA WATHA NOSALA (Original) by Milton Mallawarachchi | නෙත නොපියා වත නො සලා


 

෴෴෴ නෙත නො පියා වත නො සලා ෴෴෴

නෙත නො පියා වත නො සලා ඈත අහසේ තාරුකා නැඟේ - ඈත අහසේ තාරුකා නැඟේ රැය නොගෙවා ලත වෙනවා දෑස ඇගේ මා නිසා පෙඟේ - දෑස ඇගේ මා නිසා පෙඟේ (දෑතෙ ඇඳි රේඛා වැනී කිසි දා මැකී යා නොදී) // පෑ ඔබේ දයා ආදරේ (ලියැවී තිබේ මා හදේ) // නෙත නො පියා වත නො සලා ඈත අහසේ තාරුකා නැගේ - ඈත අහසේ තාරුකා නැගේ (පෑවු සඳ ඔබ නම් ළඳේ මාගේ සිතුම් එහි ඇඳේ) // ඒ ඔබේ අමා ගී පොතේ (ගීයක් වුණා ජීවිතේ) // නෙත නො පියා වත නො සලා ඈත අහසේ තාරුකා නැගේ - ඈත අහසේ තාරුකා නැගේ පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය: එඩ්ගා පෙරේරා ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Premakeerthi De Alwis Music: Edgar Perera Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Tuesday, May 11, 2021

OBE ADARE DENNA by Punsiri Zoysa | ඔබේ ආදරේ දෙන්න


 

෴෴෴ ඔබේ ආදරේ දෙන්න ෴෴෴

(ඔබේ ආදරේ දෙන්න බෑමයි කියාලා) // ඔබ එව්ව ලියුමේ කඳුළැල් තෙමීලා (ඔබේ ආදරේ දෙන්න බෑමයි කියාලා)// (කඳුළක දැවටී මා දුක් වින්දේ) // (ඈ පමණයි මට පිහිටට උන්නේ) // ආදරයේ දුක නෑ ඇය දුන්නේ (ඔබේ ආදරේ දෙන්න බෑමයි කියාලා) // (මා පෙම් කළ ඔබ අසරණ වීලා) // (මගෙ හිත ඉල්ලා අඬනව හැපිලා) // හිත ඇයටම මිස මට හිමි නැතුවා (ඔබේ ආදරේ දෙන්න බෑමයි කියාලා) // ඔබ එව්ව ලියුමේ කඳුළැල් තෙමීලා (ඔබේ ආදරේ දෙන්න බෑමයි කියාලා)// පද රචනය: ලලිත් වසන්ත ගායනය: පුන්සිරි සොයිසා තනුව: “පර්දේසියෝන් සේ නා අකියාන් මිලානා” ගීතය චිත්‍රපටය: ජබ් ජබ් පූල් කිලේ (හින්දි) - 1965 සංගීත නිර්මාණය: කල්‍යාන්ජී ආනන්ද්ජී Lyrics: Lalith Wasantha Artist: Punsiri Zoysa Melody: “Pardesiyon Se Na Ankhiyan Milana” song Film: Jab Jab Phool Khile (Hindi) – 1965 Music: Kalyanji Anandji

Monday, May 10, 2021

MUTHU MANIK ADARE NOWE by M S Fernando | මුතු මැණික් ආදරේ නොවේ


 ෴෴෴ මුතු මැණික් ආදරේ නොවේ ෴෴෴

මුතු මැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරෙ එතරම් ලාබ නොවේ ඔයා දන්නෙ නෑ මුතු මැණික් ................. අතු පැල රාජ මැදුර අල බතල රජ බොජුන් කඩ මලු රජ ඇඳුම් ආදරේ ඇති නම් කෝප වී වෙන්වී යන්නෑ සැමදාම එක වගේ වේදනා වෙන්නෙ නෑ ආදරේ ඇතිනම් මුතු මැණික් ................ වතුපිටි ගැන සිතන් නෑ රන් රිදී ලැබුණෙ නෑ ඒ ගැන පසු තැවෙන් නෑ ආදරේ ඇති නම් කුල මල ජාති භේද කිසි කලක මතු නොවේ එන දුක පැණි රසයි ආදරේ ඇති නම් මුතු මැණික් ................// පද රචනය: එම්. එස්. ප්‍රනාන්දු සංගීත නිර්මාණය: එම්. එස්. ප්‍රනාන්දු ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: M. S. Fernando Music: M. S. Fernando Artist: M. S. Fernando

Sunday, May 9, 2021

APA EKA PEDESAKA (Original) by Milton Mallawarachchi | අප එක පෙදෙසක


 ෴෴෴ අප එක පෙදෙසක ෴෴෴

(අප එක පෙදෙසක නිවසන්නේ නැතුවද ඔබ මා හඳුනන්නේ) // මා දිහා ඇයි නො බලන්නේ ඇයි නො බලන්නේ මා ඔබ පසුපස පිය මැන ඇත්තෙමි ඔබට නොම දැනී ඔබගේ තොරතුරු විපරම් කෙරුවෙමි ඔබට නොම දැනී මා දිහා ඇයි නො බලන්නේ ඇයි නො බලන්නේ ඔබ අමතන්නට සිතුවද විටකදි එයට සිත නොදේ දවසින් දවසම මගෙ සිතුවිලි පෙල ඔබ වටා බැඳේ මා දිහා ඇයි නො බලන්නේ ඇයි නො බලන්නේ අප එක පෙදෙසක ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Stanley Peiris Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Friday, May 7, 2021

MAL YAHANAWAKI LOKE by M S Fernando | මල් යහනාවකි ලෝකේ



 ෴෴෴ මල් යහනාවකි ලෝකේ ෴෴෴

මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ යන නොසිතු වෙලාවකි වියැකී ජීවය තණ අග පිනි බිඳකී මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ ඊයේ ගතවිය හෙට පැමිණී නැත අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ අද පමණයි ඇත්තේ සඳ බැස යාවිද හිරු නැග ඒවිද එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ එය ස්ථිර නැත්තේ සිතෙහි සතුට නැත සදහට පවතින්නේ ලැබුණු තැනදි ඇයි සිතමින් ලත වෙන්නේ මල් යහනාවකි ලෝකේ නැහැවෙයි චන්ද්‍රාලෝකේ මල් මදිරාවේ පෙම් සිළිලාරේ රස විඳ ඔකඳ වෙමූ රස විඳ ඔකඳ වෙමූ රස විඳ ඔකඳ වෙමූ පබාවතී දැක එරන්දතී දැක හිනැහෙමු උදම් වෙමූ හිනැහෙමු උදම් වෙමූ හිනැහෙමු උදම් වෙමූ පියා සලාගෙන කාලය පියඹනවා පමා වුණෝතින් අප මඟ නවතිනවා මල් යහනාවකි ................ පද රචනය: සංගීත නිර්මාණය: ෂෙල්ටන් පෙරේරා ගායනය: එම්. එස්. ප්‍රනාන්දු චිත්‍රපටය: සිංගප්පූර් චාලි (1972) Lyrics: Music: Shelton Perera Artist: M. S. Fernando Film: Singapore Charlie (1972)

RAYE RUDURU SIHINA LOWAKA (Original Version) by Milton Mallawarachchi | රැයේ රුදුරු සිහින ලොවක



 ෴෴෴ රැයේ රුදුරු සිහින ලොවක ෴෴෴

රැයේ රුදුරු සිහින ලොවක ලතැවී වැලපී හඬලා ඉකි බිඳ මා තනි වෙන්නම් මා තනි වෙන්නම් මා නමින් එදා නො ගැයූ ගීතයක් වෙලා ආදරේ සිහින මාලිගා මවා සැනසුනා ඒ ඔබේ සිහින මන්දිරේ ඉරි තැලී විසිරුණා රැයේ රුදුරු ................ ආදරෙන් බැඳී පැටලී මා දෙ අත් වෙලා ජීවිතේ මිහිරි ගීතයේ තනුව ඈ වුණා අද ඔබේ සිහින ලෝකයේ මට හොරා සැඟවිලා රැයේ රුදුරු ................ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Clarence Wijewardane Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Thursday, May 6, 2021

ME DUK GINNA DUNNE ITHIN by Punsiri Zoysa | මේ දුක් ගින්න දුන්නේ ඉතින්


 

෴෴෴ මේ දුක් ගින්න දුන්නේ ඉතින් ෴෴෴

මේ දුක් ගින්න දුන්නේ ඉතින් මොන හිතකින්ද ළඳුනේ කියන් ගිනි දල්වා ලයේ මට පිටුපා ගියේ මොන හිතකින්ද ළඳුනේ කියන් මේ දුක් ගින්න දුන්නේ ඉතින් ඔබ එදා ලං කළා පෙම් සිතුම් ඔබ මෙදා සුන් කළා පෙම් පැතුම් අප එදා එක් වුණේ මේ ලෙසින් වෙන් වුණේ මා නිසා නම් නො වේමැයි ළඳේ මේ දුක් ගින්න ................ මේ දුක් ගින්න දුන්නේ ඉතින් මේ වගේ සමු අරන් යන්න නම් පෙම් කළේ ඇයි ඔයා මේ ලෙසින් මුළු හදින් මා පැතූ මාගෙ පණ සේ සිතූ ඔබ කෙසේ වෙන් වුණාදෝ ළඳේ මේ දුක් ගින්න ................ මේ දුක් ගින්න දුන්නේ ඉතින් පද රචනය: දේ. දසනායක ගායනය: පුන්සිරි සොයිසා තනුව: “ඒ මලික් තෙරේ බන්දේ හම්” ගීතය චිත්‍රපටය: දෝ ආන්කේන් බරා හාත් (හින්දි) - 1957 සංගීත නිර්මාණය: වසන්ත් දේසායි Lyrics: D. Dasanayake Artist: Punsiri Zoysa Melody: “Aye Malik Tere Bande Hum” song Film: Do Aankhen Barah Haath (Hindi) – 1957 Music: Vasant Desai

Monday, May 3, 2021

ASOKA MAL MALA NELALA by M S Fernando | අසෝක මල් මාල නෙළාලා


 

෴෴෴ අසෝක මල් මාල නෙළාලා ෴෴෴

අසෝක මල් මාල නෙළාලා අසෝක මල් උයනට වැදිලා සෝක නිවන ගීත ගයාලා ඔබ කව්රුද කියන්න මාලා අසෝක මල් ................ බලන්න ලස්සණයි වනයෙ පිපුනු මලට දෙවෙනි නෑ වගෙයි සුරංගනාවියක්ද මේ කියන්න ආදරී - කව්ද මෙ ඔබ තනිව වනයෙ ගී ගයා ප්‍රීති වෙලා ප්‍රීති වෙලා අසෝක මල් ................ ඔබේ දුගී පැලේ සතුට සැපත මිහිරි සුවය ඇත ළඳේ නැතේ මා රාජ මන්දිරේ නොයන්න ආදරී ප්‍රේමණීය පෙම්වතෙක් දුකේ තියා එපා එපා රජ සැපා අසෝක මල් ................ පද රචනය: එම්. එස්. ප්‍රනාන්දු සංගීත නිර්මාණය: එම්. එස්. ප්‍රනාන්දු ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: M. S. Fernando Music: M. S. Fernando Artist: M. S. Fernando

Sunday, May 2, 2021

AN SATHU WEE ATHA by Milton Mallawarachchi | අන් සතු වී ඇත



 ෴෴෴ අන් සතු වී ඇත ෴෴෴

අන් සතු වී ඇත මා සතු ඒ සිත ආදර රජ දහනේ මින් පෙර ඒ සිත හැම මොහොතකදිම මා ලඟමය රැඳුනේ කොතැනක හෝ ඔබ මා දුටු මොහොතක නො දොඩා සැඟවී ඉන්න එපා සිතුනේ නම් යලි මා වෙත එන්නට නො පෙනී නෑවිත් ඉන්න එපා අන් සතු වී ඇත ................ යුගයක හසරැල් තව යුගයකදී දෙනෙතට කඳුළැල් දෙන්නේ නම් දෙතොලින් කීවද රුධිරෙන් ලීවද පල නැත සිත යලි නොබැඳේ නම් අන් සතු වී ඇත ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Stanley Peiris Artist: Milton Mallawarachchi

(ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)