Monday, May 17, 2021

OBAGE AMMADA NATHNAM OBAGE BIRINDADA by M. S. Fernando | ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද - එම්.එස්.


 

෴෴ ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ෴෴ ඔබගෙ අම්මද නැත්නම් ඔබගෙ බිරිඳද ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද ගෑණු අපට සිය ගණන් සෙව්වැකි හැබැයි අම්ම කිව්වොත් එක් කෙනයි බොරු නැති අතමිට කාසි පනම් ඇති විට එතකොට ගෑණුත් ඇති වටපිට එයාල අතමිට නැතිදා හැර යයි යන්නට අම්ම එහෙම කරයිද තම පුතාට සමහර තරුණො තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑණු ඕන තරම් ලෝකෙ හරිම කරදරේ එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ එදා චූල පදුම රජතුමාගෙ බිසවට පිපාසෙ වුණ කාන්තාරෙ යනකොට රජා උරේ පලල ලේ දුන්නනෙ බොන්නට රජු එතරම් ආදරෙයිනෙ සිය බිසවට ඈ ආස හිතිල අතපය නැති කොරෙකුට රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට අම්ම එහෙම කරයිද තම පුතාට එදා රජතුමා සහ බිසව කැලේ යන විට වැදි කුමරෙක් කඩා පැන්න සටනට ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට ආස හිතුන රජතුමාගෙ බිසවට කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට කඩු කොපුව රජුට කඩුව දුන්න වැද්දට අන්න ඒක නිසා නහින්න වුණා රජාට නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට ඔබෙ බිරිදව ඔබේ ලඟට කැන්දා ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා ඔබ බිරිදට ආදරෙන් ඉන්න සැමදා මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා සමහර තරුණො තරුණියන්ට රැවටිලා අසරණ මෑණියන්ට වෙනස්කම් කළා ගෑණු ඕන තරම් ලෝකෙ හරිම කරදරේ එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Music: Artist: M. S. Fernando

No comments:

Post a Comment