Monday, May 10, 2021

MUTHU MANIK ADARE NOWE by M S Fernando | මුතු මැණික් ආදරේ නොවේ


 ෴෴෴ මුතු මැණික් ආදරේ නොවේ ෴෴෴

මුතු මැණික් ආදරේ නොවේ මිල මුදල් ආදරේ නොවේ ආදරෙ එතරම් ලාබ නොවේ ඔයා දන්නෙ නෑ මුතු මැණික් ................. අතු පැල රාජ මැදුර අල බතල රජ බොජුන් කඩ මලු රජ ඇඳුම් ආදරේ ඇති නම් කෝප වී වෙන්වී යන්නෑ සැමදාම එක වගේ වේදනා වෙන්නෙ නෑ ආදරේ ඇතිනම් මුතු මැණික් ................ වතුපිටි ගැන සිතන් නෑ රන් රිදී ලැබුණෙ නෑ ඒ ගැන පසු තැවෙන් නෑ ආදරේ ඇති නම් කුල මල ජාති භේද කිසි කලක මතු නොවේ එන දුක පැණි රසයි ආදරේ ඇති නම් මුතු මැණික් ................// පද රචනය: එම්. එස්. ප්‍රනාන්දු සංගීත නිර්මාණය: එම්. එස්. ප්‍රනාන්දු ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: M. S. Fernando Music: M. S. Fernando Artist: M. S. Fernando

No comments:

Post a Comment