Friday, February 12, 2021

THEDINI VIRAJA RUVINI VIRAJA by Edward Jayakody | තෙදිනි විරාජ රුවිනි විරාජ - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ තෙදිනි විරාජ රුවිනි විරාජ ෴෴෴ තෙදිනි විරාජ රුවිනි විරාජ රුහුණු සුරාජ කඳ දෙව් රාජ තෙදිනි විරාජ ................. එ රන් මයුර වාහනයෙන් රුපු සෙන් බිඳ වැඩමවන්න වැඩහිටි කඳු මත වැඩ සිට නර කැළ වෙත සෙත සදන්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න තෙදිනි විරාජ .................// අන වින වස්දොස් තුන් බිය දුරලා සත රැක දෙවන්න මැණික් ගඟේ නිමල දියෙන කිළි කුණු සෝදා හරින්න කතරගමේ බල මහිමේ දියත පතල කර හරින්න තෙදිනි විරාජ .................// පද රචනය: සුනිල් ආරියරත්න සංගීත නිර්මාණය: ග්‍රේෂන් ආනන්ද ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Sunil Ariyarathne Music: Gration Ananda Artist: Edward Jayakody

RUHUNA PURA THEDA PATHURA by Edward Jayakody | රුහුණ පුරා තෙද පතුරා - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ රුහුණ පුරා තෙද පතුරා ෴෴෴ රුහුණ පුරා තෙද පතුරා වැජඹෙන වැඩිහිටි කන්දේ (රණ මයුරා අසුන අරා රජවුණු කන්ද සුරින්දේ) // (කුළුණු පෙමින් සිසිල දෙමින් නිර්මල නිජ බිම හැමදා ඉදිරි ගමන් මගෙහි පහන් දල්වා ඝනඳුර පිසදා) // දල්වා ඝනඳුර පිසදා දිරි වෙර දී ගුණ නැණ දී අප සැම හට ලක්වාසී කිරි උතුරා ජය පතුරා සලසනු මැන සෙත් රාසී රුහුණ පුරා ................. පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ග්‍රේෂන් ආනන්ද ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Karunarathne Abeysekara Music: Gration Ananda Artist: Edward Jayakody

Wednesday, February 10, 2021

SIHINAYE MAL PIPI by Edward Jayakody | සිහිනයේ මල් පිපී - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ සිහිනයේ මල් පිපී ෴෴෴ සිහිනයේ මල් පිපී සඳ තරු පිරි අහසේහි වියනක් ලෙසේ සිහිනයේ මල් පිපී …………….. පුබුදින කුසුමක සුවඳ උරා හදවත පුබුදයි උදය හවා ජීවිතයේ හැම සුසුම පවා ඔබ වෙනුවෙන් උණුසුම්ව ගියා මිහිරේ ඔබගේ පැතුමයි පැතුවේ සිහිනයේ මල් පිපී …………….. දේදුන්නක් අහසේ පායා ඔබ රුව මට සිහි ගන්වනවා සිහිලැල් සුවඳක මුසුව හමා ඔබ සුවඳින් හද සැනහෙනවා සඳුගේ එළියේ සිසිලයි හද මා සිහිනයේ මල් පිපී ……………..// පද රචනය: ස්ටැන්ලි ලියනගේ සංගීත නිර්මාණය: සුනිල් ධර්මසේන ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Stanley Liyanage Music: Sunil Dharmasena Artist: Edward Jayakody

Tuesday, February 9, 2021

ME MAL YAYE by Edward Jayakody | මේ මල් යායේ - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ මේ මල් යායේ ෴෴෴ මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා රෑ තරු වාගේ නිවුනා මැලවීලා මා දෑසෙ දී වේදනා මා දෑතේ වෙලිලා එදා රෑ සීතේ සඳපානේ පිය නැඟුවා ඒ ඡායා සිහිනේ යාවී ඈ මාගේ නෙතු දෑලේ දුක සැදුවා මේ මල් යායේ ................ සෝ ගීතෙ සවනේ යාවී මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා ඈ මා හා පෙරදා මැවූ ඒ මායා මීදුම් සේ දුර ඇදුනා මේ මල් යායේ ................ පද රචනය: හේමසිරි හල්පිට සංගීත නිර්මාණය: සුනිල් ධර්මසේන ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Hemasiri Halpita Music: Sunil Dharmasena Artist: Edward Jayakody

NIHANDA KALPANA LOWAKA THANIWELA by Edward Jayakody | නිහඬ කල්පනා ලොවක තනි වෙලා - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ නිහඬ කල්පනා ලොවක තනි වෙලා ෴෴෴ නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න සිතුනි දෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැඳුනෙ දෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතෙන් හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින් නිහඬ කල්පනා ................. අසරණයි මෙමා වැරදි නෑ කළේ කිසි දිනේ ඔබෙ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ නැතිව දෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ නිහඬ කල්පනා ................. පද රචනය: හේමසිරි හල්පිට සංගීත නිර්මාණය: සුනිල් ධර්මසේන ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Hemasiri Halpita Music: Sunil Dharmasena Artist: Edward Jayakody

Friday, February 5, 2021

WERALA KONAKA HINDA by Prince Udaya Priyantha | වෙරළ කොනක හිඳ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ වෙරළ කොනක හිඳ ෴෴෴ වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මඟ මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන් වන්නට මුණ ගැසෙමු යලී වෙරළ කොනක හිඳ ................ වෙරළේ හැපෙනා දළ රළ අතරේ මුමුණයි හෙමිහිට අපේ කතා රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් සුදු වැලි මුමුණයි අපේ කතා වෙරළ කොනක හිඳ ................ ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එනමුදු අප පෙම් කතාව නිම වී සමු ගන්නම් අද තරහ නොවී වෙරළ කොනක හිඳ ................// පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha

Wednesday, February 3, 2021

VIJITHAYA ADARAYE by Prince Udaya Priyantha | විජිතය ආදරයේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ විජිතය ආදරයේ ෴෴෴ විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනි වී සඳ ගිලිලා තරු නිවිලා මගෙ ලෝකේ මා කඳුළේ ගැලිලා ඔබ සතුටේ ඇතැයි සිතා කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ දළු දාලා මල් පිපිලා ඔබ ලෝකේ හිනැහේවා හැම දා හදට ඔබේ දුක ආ දා මම එතැනයි පමා නොවෙමි කිසි දා විජිතය ආදරයේ ................ පද රචනය: රූ කාන්ත ගුණතිලක සංගීත නිර්මාණය: රූ කාන්ත ගුණතිලක ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Ru Kantha Gunathilake Music: Ru Kantha Gunathilake Artist: Prince Udaya Priyantha

Tuesday, February 2, 2021

SUDU WALI WISIRUNU by Prince Udaya Priyantha | සුදු වැලි විසිරුණු - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ සුදු වැලි විසිරුණු ෴෴෴ සුදු වැලි විසිරුණු මාවත අද ඔබ යයි අවසන් ගමනේ ඔබ හා එන්නට මා පින් කර නැත ඇයි අප වෙන් කෙරුනේ දෙනුවන් අතරින් ගිලිහුනු කඳුළක් ඔබ හට සමු දුන්නා මතකය මසිතෙන් සමු දුන්නේ නෑ ඔබ මා ලඟ උන්නා නොමියෙන සැමරුම් නටඹුන් විලසින් මා ලය තුල තනිවේ ගිනි ගත් සොහොනේ ඔබ හා දැවුනා පැතුමන් මගෙ දිවියේ සුදු වැලි විසිරුණු .................. ඇයි අප වෙන් කෙරුනේ /// පද රචනය: ලලිත් වසන්ත සංගීත නිර්මාණය: විජය බණ්ඩාර වැලිතුඩුව ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Lalith Wasantha Music: Vijaya Bandara Walithuduwa Artist: Prince Udaya Priyantha

MALAK THANIWA PIPILA by Prince Udaya Priyantha | මලක් තනිව පිපිලා - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ මලක් තනිව පිපිලා ෴෴෴ මලක් තනිව පිපිලා බඹරුන් අහක බලා යන්නේ ඇයි දෝ වටහාගනු බෑ පැනයක් ඉතිරි වෙලා මලක් තනිව පිපුනා හැඩවැඩ මදි හන්දා කල්යල් බලමින් බිඟුට පුදන්නට බලා හිඳිමි අද මා මලක් තනිව පිපිලා රුවට පිපුනු මල් පමණද රොන් රස පුද දෙන්නට රිසි සේ සපිරී රොන් කෙමි ඇතිමුත් රුවට මුලාවී සිටින ලොවක අප සුපිපෙන්නේ මලක් තනිව පිපිලා බඹරුන් අහක බලා යන්නේ ඇයි දෝ වටහාගනු බෑ පැනයක් ඉතිරි වෙලා මලක් තනිව පිපුනා විකසිත කුසුමක සුවඳ දැනුනු දා කොයි බඹරුද හැරදා යන්නේ ඇයි ද මලේ ඔබ ලොවට මුලාවී රොන් අර ගන්නට මා කැමතී මලක් තනිව පිපිලා ................ මලක් තනිව පිපිලා මලක් තනිව පිපුනා /// පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත සමග චන්ද්‍රලේඛා පෙරේරා Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha with Chandralekha Perera

SANDA KUMARIYAK DEEGEKA YANAWA by Prince Udaya Priyantha | සඳ කුමාරියක් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ සඳ කුමාරියක් දීගෙක යනවා ෴෴෴ සඳ කුමාරියක් දීගෙක යනවා රබන් සුරල් හඬ රැව් දෙනවා තුරු ලතා මඬුල්ලේ කී කතා ඇසෙන්නේ මා තනිවී දෑස තෙමෙනවා සඳ කුමාරියක් ................ පැලේ ඉඳන් රෑ පුරා නිදි නොලබා සීතලේ ආදරයට පෙරුම් පිරූවේ සඳ එළියේ රුව පෙනී සිත පිබිදී මල් පිපී‍ ඒ සිහිනේ බොඳ වෙලා සඳ කුමාරියක් ................ පැලේ පහන දැල් නොවේ මාසෙ පෝය දා වගේ ගම්මානෙම මට එරෙහි වෙලා මං තනියේ කලුවරේ වේදනාව තුරුල්ලේ මා ගයනා ගීතයයි සඳ කුමාරියක් ................// මා තනිවී දෑස තෙමෙනවා /// පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha

PINI WATENA MAL YAYE by Prince Udaya Priyantha | පිනි වැටෙනා මල් යායේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ පිනි වැටෙනා මල් යායේ ෴෴෴ පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා එකම ඉසව්වක රැඳී සිටින සඳ හමුවන්නට නොහැකිව ලතවී සිත රැඳි සිතුමන් පොදි බැඳ ගෙන ඇත ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ අපේ ලොවක තනි වෙන්නට පැතුමන් කොතරම් පිරුවත් වරම් නැතේ බාධක හමුවේ නොසැලී ඉමු අපි බවය පුරා පෙම්වතුන් ලෙසේ නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ පිනි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: හේමලාල් ගීතදේව ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Hemalal Geethadewa Artist: Prince Udaya Priyantha

OBA HAMUWU DINE by Prince Udaya Priyantha | ඔබ හමුවූ දිනේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ ඔබ හමු වූ දිනේ ෴෴෴ ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ ආදරේ නිසා මල්වන් ඔබේ සිනහා මැවේ පිළිගන්නකෝ ආදරේ ඔබ හමු වූ දිනේ .................. පාළුවෙ ගතවන හැම මොහොතක් පාසා ඔබේ රුවයි මැවුනේ එපා මා දමා යන්න වෙනතක් බලා වෙන් වන්නෙ නෑ මා සදා ඔබ හමු වූ දිනේ .................. සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ ඉන්න මා හදේ සදා ඔබ පතා ඉන්නවා මා සිතින් ලං වන්නකෝ දැන් ඉතින් ඔබ හමු වූ දිනේ ..................// පද රචනය: ශාන් ද සිල්වා සංගීත නිර්මාණය: ශාන් ද සිල්වා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Shan De Silva Music: Shan De Silva Artist: Prince Udaya Priyantha

PEMWATHUN SINASE by Prince Udaya Priyantha | පෙම්වතුන් සිනාසේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ පෙම්වතුන් සිනාසේ ෴෴෴ පෙම්වතුන් සිනාසේ අප කඳුළු සලන්නේ දෙ තැනක හිඳ තනියේ විසඳුම් සොයමු කෙසේ මා තුරුලේ හිඳිනා උණුසුම් යහනාවේ ඉකි බිඳිමින් හැඬුවා මතකද ගං තීරේ මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයිද මෙසේ ඔබ මිස වෙන සතුටක් කොයිබද මියුලැසියේ පෙම්වතුන් සිනාසේ.................. මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී අළුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී අද සෝකෙන් වෙලිලා යහනේ සැතපේදෝ අරුණළු උදා වෙලා මුව විකසිත වේදෝ පෙම්වතුන් සිනාසේ.................. පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha

Monday, February 1, 2021

HINAHENNA YALITH by Prince Udaya Priyantha | හිනැහෙන්න යලිත්


 

෴෴෴ හිනැහෙන්න යලිත් ෴෴෴ හිනැහෙන්න යලිත් ඔබ මියුලැසියේ මේ ජීවිතේ පුරා හද සෙනේ පුදා හිනැහෙන්න යලිත්................. (බිඳුනද සෙනෙහස පෙර දින අපගේ පැතුමන් නැත වියැකී ඔබ මා හමුවී හිනැහෙන දවසක වසන්තයක් යලි ඒ) // හිනැහෙන්න යලිත්................. (පැතුමන් පතලා කුමටද ලතැවී සිතුනද දහස් වරේ හිනැහෙන ඔබගේ වත දුටු මොහොතේ මහද හැඟුම් පිබිදේ) // හිනැහෙන්න යලිත්................. පද රචනය: ප්‍රසන්න සේපාල සංගීත නිර්මාණය: හේමලාල් ගීතදේව ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Prasanna Sepala Music: Hemalal Geethadewa Artist: Prince Udaya Priyantha

MA AWANHALEDI by Prince Udaya Priyantha | මා අවන්හලේ දී


 

෴෴෴ මා අවන් හලේදී ෴෴෴ මා අවන් හලේදී පෑ රැඟුම් බලා දෝ ඒ නුවන් පිරීලා බලාවි දොඩාවි මත්වීල විනෝදයෙන් මා හා බැඳී ඇයි මේ ලෙසින් සිහියෙන් නොවේ මතු දා සොවින් මා මත් වෙලා නොවේ සිහියෙන් හිඳී ගයාලා රඟාලා නැවතී සමු ගන්නෙමී මා අවන් හලේදී ..................... ඔබගෙන් ලැබෙනා සහයෙන්ම තමා මාගේ දිවියේ පැතුමන් සදා සෙනෙහේ පතා මා හා එන්නෙපා වයාලා රඟාලා නැවතී සමු ගන්නෙමී මා අවන් හලේදී ..................... පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha