Friday, February 5, 2021

WERALA KONAKA HINDA by Prince Udaya Priyantha | වෙරළ කොනක හිඳ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ වෙරළ කොනක හිඳ ෴෴෴ වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි ඔබ එන මඟ මා පවන් සැලී පෙර දිනයක අප හමු වූ තැන හිඳ වෙන් වන්නට මුණ ගැසෙමු යලී වෙරළ කොනක හිඳ ................ වෙරළේ හැපෙනා දළ රළ අතරේ මුමුණයි හෙමිහිට අපේ කතා රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත් සුදු වැලි මුමුණයි අපේ කතා වෙරළ කොනක හිඳ ................ ඔබ හා දොඩනට ගත සිත ශක්තිය නැති ලෙස හදවත හඬා වැටේ එනමුදු අප පෙම් කතාව නිම වී සමු ගන්නම් අද තරහ නොවී වෙරළ කොනක හිඳ ................// පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha

No comments:

Post a Comment