Tuesday, February 9, 2021

NIHANDA KALPANA LOWAKA THANIWELA by Edward Jayakody | නිහඬ කල්පනා ලොවක තනි වෙලා - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ නිහඬ කල්පනා ලොවක තනි වෙලා ෴෴෴ නිහඬ කල්පනා ලොවක තනි වෙලා ඔබ හඬයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැඟෙයි නැගෙන වේදනා තුරුණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි ඉවත පාවෙලා යන්න සිතුනි දෝ මා කෙරෙන් වෙන අයෙක් කෙරේ බැඳුනෙ දෝ ඔයා ආදරෙන් සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතෙන් හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින් නිහඬ කල්පනා ................. අසරණයි මෙමා වැරදි නෑ කළේ කිසි දිනේ ඔබෙ සිතේ සමා දෙනු මැනේ ළඳේ පා සෙනේ හදවතේ බිඳී වේදනා සුසුම් පා වුණේ නැතිව දෝ අපේ සිත් එදා ලෙසින් යා වුණේ නිහඬ කල්පනා ................. පද රචනය: හේමසිරි හල්පිට සංගීත නිර්මාණය: සුනිල් ධර්මසේන ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Hemasiri Halpita Music: Sunil Dharmasena Artist: Edward Jayakody

No comments:

Post a Comment