Wednesday, February 10, 2021

SIHINAYE MAL PIPI by Edward Jayakody | සිහිනයේ මල් පිපී - එඩ්වඩ් ජයකොඩි


 

෴෴෴ සිහිනයේ මල් පිපී ෴෴෴ සිහිනයේ මල් පිපී සඳ තරු පිරි අහසේහි වියනක් ලෙසේ සිහිනයේ මල් පිපී …………….. පුබුදින කුසුමක සුවඳ උරා හදවත පුබුදයි උදය හවා ජීවිතයේ හැම සුසුම පවා ඔබ වෙනුවෙන් උණුසුම්ව ගියා මිහිරේ ඔබගේ පැතුමයි පැතුවේ සිහිනයේ මල් පිපී …………….. දේදුන්නක් අහසේ පායා ඔබ රුව මට සිහි ගන්වනවා සිහිලැල් සුවඳක මුසුව හමා ඔබ සුවඳින් හද සැනහෙනවා සඳුගේ එළියේ සිසිලයි හද මා සිහිනයේ මල් පිපී ……………..// පද රචනය: ස්ටැන්ලි ලියනගේ සංගීත නිර්මාණය: සුනිල් ධර්මසේන ගායනය: එඩ්වඩ් ජයකොඩි Lyrics: Stanley Liyanage Music: Sunil Dharmasena Artist: Edward Jayakody

No comments:

Post a Comment