Wednesday, February 3, 2021

VIJITHAYA ADARAYE by Prince Udaya Priyantha | විජිතය ආදරයේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත


 

෴෴෴ විජිතය ආදරයේ ෴෴෴ විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ තව දන්නෙ නෑ මා හැර ගිය දවසේ සිහිනෙන් මා දුටුවා ඔබ නැති මා ජීවිතයේ තනි වී සඳ ගිලිලා තරු නිවිලා මගෙ ලෝකේ මා කඳුළේ ගැලිලා ඔබ සතුටේ ඇතැයි සිතා කඳුළු තුලින් හිනැහෙමි තාමත් මා විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ මේ මුළු ජීවිතේ ඔබ දන්නෙ නෑ දළු දාලා මල් පිපිලා ඔබ ලෝකේ හිනැහේවා හැම දා හදට ඔබේ දුක ආ දා මම එතැනයි පමා නොවෙමි කිසි දා විජිතය ආදරයේ ................ පද රචනය: රූ කාන්ත ගුණතිලක සංගීත නිර්මාණය: රූ කාන්ත ගුණතිලක ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Ru Kantha Gunathilake Music: Ru Kantha Gunathilake Artist: Prince Udaya Priyantha

No comments:

Post a Comment