Friday, May 6, 2022

SULANGE PAWI AE WETHA YAWI by Milton Mallawarachchi | සුළඟේ පාවී ඈ වෙත ය...


෴෴෴ සුළඟේ පාවී ෴෴෴ සුළඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා පැතූ පැතුම් ගී පොතේහි මා ලියූ සෝක ගීතයේ උල්පතයි ඔබේ නෙතින් හෙලූ බැලුම් ප්‍රියේ සුළඟේ පාවී ඈ වෙත යාවී මා සිතූ සිතුම් සිහින විමානෙන් ගෙනා මා සිතූ සිතුම් පාසැලේ දි මා දිහා නෙත් කොනින් බලා ඈ කියූ රහස් කතා නෑ සැබෑ වුණේ සුළඟේ පාවී ................. පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi

MATHU SANSARE APA DEDENA by T. M. Jayarathne | මතු සංසාරේ අප දෙදෙනා - ටී...


෴෴෴ මතු සංසාරේ අප දෙදෙනා ෴෴෴ මතු සංසාරේ අප දෙදෙනා හද සන්තානේ අද විඳිනා දුක සන්තාපේ සන්සිඳෙනා පෙම ප්‍රාර්ථනා කරම් මතු සංසාරේ අප දෙදෙනා අද පෙම් තාපෙන් හිත දවනා මේ වෙන්වීමේ දුක් නිවනා පෙම ප්‍රාර්ථනා කරම් බැඳිලා ප්‍රේමේ හද නිම්නේ කව්දෝ කිසිදා ජය ගන්නේ කව්දෝ කිසිදා ජය ගන්නේ අප මෙන් කඳුලේ ලතැවෙන්නේ ජය සීනු නාදේ නෑ ඇසී මේ ප්‍රේමයේ විජිතේ මතු සංසාරේ අප දෙදෙනා හද සන්තානේ අද විඳිනා දුක සන්තාපේ සන්සිඳෙනා පෙම ප්‍රාර්ථනා කරම් උදයේ හමුවී හිනැහෙනවා නොනිදා සයනේ වැලපෙනවා නොනිදා සයනේ වැලපෙනවා දෙදෙනා දෙපසේ තනි වෙනවා කවදාද ප්‍රේමේ ගීතයේ දුක් වේදනා නැසුනේ මතු සංසාරේ අප දෙදෙනා හද සන්තානේ අද විඳිනා දුක සන්තාපේ සන්සිඳෙනා පෙම ප්‍රාර්ථනා කරම් මතු සංසාරේ අප දෙදෙනා අද පෙම් තාපෙන් හිත දවනා මේ වෙන්වීමේ දුක් නිවනා පෙම ප්‍රාර්ථනා කරම් පද රචනය : අජන්තා රණසිංහ සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ටී. එම්. ජයරත්න Lyrics: Ajantha Ranasinghe Music : Clarence Wijewardane Artist : T. M. Jayarathne (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Thursday, May 5, 2022

RAN MALAK LESA by Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාර


෴෴෴ රන් මලක් ලෙස ෴෴෴ රන් මලක් ලෙස ගෙන පුදන්නට නුඹේ වත හිමි නැති දිනේ තවත් මා ලඟ රැඳී ඉන්නට වරම් නො පතන් කුමරියේ අසම්මතයේ පෙම් කතාවක රූ ලෙසින් අප හමු වුණේ ලං නොවන්නට දහක් බැමි ඇත නුඹ නො දන්නා මගෙ ලොවේ සෙනෙහෙ සිත නෑ වෙනස් වනුයේ ඔබට පෙර දින මා පිදූ නමුදු ඒ ලොව ගොඩ නගන්නට මදිය පෙරුමන් අප පිරූ දුක සතුට ලඟ නිති රැඳෙන්නට වරම් යදිනා සොඳුරියේ ඇගේ පහසින් නිමල සෙනෙහස ලබන බව කිව යුතු නොවේ රන් මලක් ලෙස ගෙන පුදන්නට නුඹේ වත හිමි නැති දිනේ තවත් මා ලඟ රැඳී ඉන්නට වරම් නො පතන් කුමරියේ අසත්පතයේ මල් පියලි මැද මගේ හද බැඳි මිහිරියේ නුඹේ හිත වෙත වංක නොවු වග දනී හොඳටම හිත නුඹේ අසම්මතයට පිවිසි සැනෙකින් අසම්මතයෙම නොම රැඳී සැබෑ තතු දැන සැබෑ ලොව වෙත ඉක්මනින් පිවිසෙමු අපී රන් මලක් ලෙස ................ පද රචනය: ක්‍රිෂාන්ති විතාරන සංගීත නිර්මාණය: රාජු බණ්ඩාර ගායනය: රාජු බණ්ඩාර Lyrics: Krishanthi Vitharana Music: Raju Bandara Artist: Raju Bandara

Wednesday, May 4, 2022

LOWE EKAMA BRUCE LEE by Desmond Rodrigo | ලොවේ එකම බෘෘස්ලී - ඩෙස්මන් රුද...


LOWE EKAMA BRUCE LEE by Desmond Rodrigo
ලොවේ එකම බෘෘස්ලී - ඩෙස්මන් රුද්‍රිගෝ

SASANDA SASANDA by Rohana Baddage | සසඳ සසඳ (ජන ගී ඇසුරින් කළ නිර්මාණයකි...


SASANDA SASANDA by Rohana Baddage

සසඳ සසඳ (ජන ගී ඇසුරින් කළ නිර්මාණයකි) - රෝහණ බැද්දගේ

Monday, May 2, 2022

THARAHA WANU EPA by Milton Mallawarachchi | තරහා වනු එපා අයදිම් මා කමා -...


෴෴෴ තරහා වනු එපා ෴෴෴ තරහා වනු එපා අයදිම් මා කමා ඔබ හා මා කළේ කතා මගෙ යෙහෙළියක යයි සිතා ඔබ ඈ වාගෙමයි තරහා වනු එපා ................. පෙනුමින් ගමනින් ඔබනම් ඈ සමයි ඇඳුමෙන් බැල්මෙන් ඔබනම් ඈ සමයි හසරැල් පවා ඇයගේ වාගෙමයි තරහා වනු එපා ................. පාසැල් සමයේ සිට ඈ හඳුනමී කලකින් ඈ මා හමුවී නැහැ යලී එනිසයි මෙසේ මතකේ පැටලුනේ තරහා වනු එපා ................. තරහා වනු එපා පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය : පැට්‍රික් දෙනිපිටිය ගායනය : මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K. D. K. Dharmawardane Music: Patrick Denipitiya Artist: Milton Mallawarachchi

THAWATH KENEK DIHA BALA by Milton Mallawarachchi | තවත් කෙනෙක් දිහා බලා ...


෴෴෴ තවත් කෙනෙක් දිහා බලා ෴෴෴ තවත් කෙනෙක් දිහා බලා සිනාසුනා මෙමා කියා අමනාපයෙන් වගේ දැනේ ඔයා මා එහෙම නෑ තරහා වෙන්නෙ නෑ නෑ මා සිනාසෙන්නෙ නෑ බෑ දැන් සිතා ගන්න කිසිවක් සිතේ කැලඹී ඇති නිසා මතු වී කටකතා හඳුනාගත් නිසා බොළඳයි ඔබෙ කතා සැනසෙන්න කිසිවක් කියන්නේම නෑ තවත් කෙනෙක් දිහා බලා ................ මාගෙන් සමාවක්ද ඕනෑ වුණේ මා දන්නෙ නෑ කරුණූ දන්නෙ නෑ සිතා ගන්න බෑ අදහා ගන්න බෑ වැටහෙන්නෙ නෑ ඇයිද මා දන්නෙ නෑ තවත් කෙනෙක් දිහා බලා ................ පද රචනය : ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Clarence Wijewardane Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi

MA NOSITHU DE (AL PAWANE) by Milton Mallawarachchi | මා නොසිතූ දේ (ඇල් ...


෴෴෴ මා නොසිතූ දේ (ඇල් පවනේ) ෴෴෴ මා නොසිතූ දේ සිතුවා සේ දැනුනා දෝ මා නොකියූ දේ කීවා සේ සිතුවා දෝ (සිත බිඳුනේ කෙලෙසින් දෝ) // ඇල් පවනේ යා වෙලා මල් වියනේ පා නගා (ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ) // මා නැති යාමේ කොතැනක හෝ ඇදුනා දෝ ඒ ඇසුරේදී අන් දෑතේ වෙළුනා දෝ (සිත බිඳුනේ කවදා දෝ) // ඇල් පවනේ යා වෙලා මල් වියනේ පා නගා (ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ) // ඒ සැන්දෑවේ කඳු යායේ දොළ පාරේ මා සෙවනේ දී තෙපලූ දේ ගොළු වී දෝ (සිත බිඳුනේ කෙලෙසින් දෝ) // ඇල් පවනේ යා වෙලා මල් වියනේ පා නගා (ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ) // පද රචනය : කුලරත්න ආරියවංශ සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Kularathne Ariyawansha Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi

Sunday, May 1, 2022

KALPA THARUWA WI by Raju Bandara | කල්ප තරුව වී මා හද අඹරට - රාජු බණ්ඩාර


෴෴෴ කල්ප තරුව වී ෴෴෴ කල්ප තරුව වී මා හද අඹරට පෑයුව ඔබ හැර අන් සුව මට නැත එ නමුදු පැතු ලොව අහිමි වූ මා ලඟ ගත සිත පුද කළ ඈ අමතක වෙද ඈ අමතක වෙද සළකුණු නැතිවට සුදු පිරුවට මත නො තලා සිත හැඟුමන් සඟවා බැඳි පෙම් දැහැනින් තැවුනු මගේ හද ඇය පොබ කළ මුදු වදනින් පහවිය කල්ප තරුව වී ................ තුරුණු හැඟුම් හද මිහිදම් කරමිද මධුවිත තුල සිතුවිලි සඟවා විකල් මනස අන් සුව නොසොයාවිද පෙම මියැදී ගිනිසිළු දෙදරා කල්ප තරුව වී ................ පද රචනය: ඇන්ටන් ජේ. ප්‍රනාන්දු සංගීත නිර්මාණය: නවරත්න ගමගේ ගායනය: රාජු බණ්ඩාර Lyrics: Anton J. Fernando Music: Nawarathne Gamage Artist: Raju Bandara