Friday, May 6, 2022

MATHU SANSARE APA DEDENA by T. M. Jayarathne | මතු සංසාරේ අප දෙදෙනා - ටී...


෴෴෴ මතු සංසාරේ අප දෙදෙනා ෴෴෴ මතු සංසාරේ අප දෙදෙනා හද සන්තානේ අද විඳිනා දුක සන්තාපේ සන්සිඳෙනා පෙම ප්‍රාර්ථනා කරම් මතු සංසාරේ අප දෙදෙනා අද පෙම් තාපෙන් හිත දවනා මේ වෙන්වීමේ දුක් නිවනා පෙම ප්‍රාර්ථනා කරම් බැඳිලා ප්‍රේමේ හද නිම්නේ කව්දෝ කිසිදා ජය ගන්නේ කව්දෝ කිසිදා ජය ගන්නේ අප මෙන් කඳුලේ ලතැවෙන්නේ ජය සීනු නාදේ නෑ ඇසී මේ ප්‍රේමයේ විජිතේ මතු සංසාරේ අප දෙදෙනා හද සන්තානේ අද විඳිනා දුක සන්තාපේ සන්සිඳෙනා පෙම ප්‍රාර්ථනා කරම් උදයේ හමුවී හිනැහෙනවා නොනිදා සයනේ වැලපෙනවා නොනිදා සයනේ වැලපෙනවා දෙදෙනා දෙපසේ තනි වෙනවා කවදාද ප්‍රේමේ ගීතයේ දුක් වේදනා නැසුනේ මතු සංසාරේ අප දෙදෙනා හද සන්තානේ අද විඳිනා දුක සන්තාපේ සන්සිඳෙනා පෙම ප්‍රාර්ථනා කරම් මතු සංසාරේ අප දෙදෙනා අද පෙම් තාපෙන් හිත දවනා මේ වෙන්වීමේ දුක් නිවනා පෙම ප්‍රාර්ථනා කරම් පද රචනය : අජන්තා රණසිංහ සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ටී. එම්. ජයරත්න Lyrics: Ajantha Ranasinghe Music : Clarence Wijewardane Artist : T. M. Jayarathne (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

No comments:

Post a Comment