Monday, May 2, 2022

MA NOSITHU DE (AL PAWANE) by Milton Mallawarachchi | මා නොසිතූ දේ (ඇල් ...


෴෴෴ මා නොසිතූ දේ (ඇල් පවනේ) ෴෴෴ මා නොසිතූ දේ සිතුවා සේ දැනුනා දෝ මා නොකියූ දේ කීවා සේ සිතුවා දෝ (සිත බිඳුනේ කෙලෙසින් දෝ) // ඇල් පවනේ යා වෙලා මල් වියනේ පා නගා (ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ) // මා නැති යාමේ කොතැනක හෝ ඇදුනා දෝ ඒ ඇසුරේදී අන් දෑතේ වෙළුනා දෝ (සිත බිඳුනේ කවදා දෝ) // ඇල් පවනේ යා වෙලා මල් වියනේ පා නගා (ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ) // ඒ සැන්දෑවේ කඳු යායේ දොළ පාරේ මා සෙවනේ දී තෙපලූ දේ ගොළු වී දෝ (සිත බිඳුනේ කෙලෙසින් දෝ) // ඇල් පවනේ යා වෙලා මල් වියනේ පා නගා (ලන්ද දිගේ හිනැහී එන්න ලඳේ) // පද රචනය : කුලරත්න ආරියවංශ සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Kularathne Ariyawansha Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi

No comments:

Post a Comment