Thursday, May 5, 2022

RAN MALAK LESA by Raju Bandara | රන් මලක් ලෙස ගෙන පුදන්නට - රාජු බණ්ඩාර


෴෴෴ රන් මලක් ලෙස ෴෴෴ රන් මලක් ලෙස ගෙන පුදන්නට නුඹේ වත හිමි නැති දිනේ තවත් මා ලඟ රැඳී ඉන්නට වරම් නො පතන් කුමරියේ අසම්මතයේ පෙම් කතාවක රූ ලෙසින් අප හමු වුණේ ලං නොවන්නට දහක් බැමි ඇත නුඹ නො දන්නා මගෙ ලොවේ සෙනෙහෙ සිත නෑ වෙනස් වනුයේ ඔබට පෙර දින මා පිදූ නමුදු ඒ ලොව ගොඩ නගන්නට මදිය පෙරුමන් අප පිරූ දුක සතුට ලඟ නිති රැඳෙන්නට වරම් යදිනා සොඳුරියේ ඇගේ පහසින් නිමල සෙනෙහස ලබන බව කිව යුතු නොවේ රන් මලක් ලෙස ගෙන පුදන්නට නුඹේ වත හිමි නැති දිනේ තවත් මා ලඟ රැඳී ඉන්නට වරම් නො පතන් කුමරියේ අසත්පතයේ මල් පියලි මැද මගේ හද බැඳි මිහිරියේ නුඹේ හිත වෙත වංක නොවු වග දනී හොඳටම හිත නුඹේ අසම්මතයට පිවිසි සැනෙකින් අසම්මතයෙම නොම රැඳී සැබෑ තතු දැන සැබෑ ලොව වෙත ඉක්මනින් පිවිසෙමු අපී රන් මලක් ලෙස ................ පද රචනය: ක්‍රිෂාන්ති විතාරන සංගීත නිර්මාණය: රාජු බණ්ඩාර ගායනය: රාජු බණ්ඩාර Lyrics: Krishanthi Vitharana Music: Raju Bandara Artist: Raju Bandara

No comments:

Post a Comment