෴෴෴ තරහා වනු එපා ෴෴෴
තරහා වනු එපා අයදිම් මා කමා
ඔබ හා මා කළේ කතා
මගෙ යෙහෙළියක යයි සිතා
ඔබ ඈ වාගෙමයි
තරහා වනු එපා .................
පෙනුමින් ගමනින් ඔබනම් ඈ සමයි
ඇඳුමෙන් බැල්මෙන් ඔබනම් ඈ සමයි
හසරැල් පවා ඇයගේ වාගෙමයි
තරහා වනු එපා .................
පාසැල් සමයේ සිට ඈ හඳුනමී
කලකින් ඈ මා හමුවී නැහැ යලී
එනිසයි මෙසේ මතකේ පැටලුනේ
තරහා වනු එපා .................
තරහා වනු එපා
පද රචනය : කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීත නිර්මාණය : පැට්‍රික් දෙනිපිටිය
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
Lyrics: K. D. K. Dharmawardane
Music: Patrick Denipitiya
Artist: Milton Mallawarachchi
No comments:
Post a Comment