Saturday, September 28, 2019
Friday, September 20, 2019
YAALU BAALA SANDE by Somathilaka Jayamaha
පද රචනය: සුනිල් ආරියරත්න සංගීත නිර්මාණය: සෝමතිලක ජයමහ ගායනය: සෝමතිලක ජයමහ Lyrics: Sunil Ariyarathne Music: Somathilaka Jayamaha Artist: Somathilaka Jayamaha
SANDAE ANDURA LOWA by Somathilaka Jayamaha
Lyrics: Somathilaka Jayamaha Music: Somathilaka Jayamaha Artist: Somathilaka Jayamaha
PODI DUWAGE SINA WELAI by Somathilaka Jayamaha
෴෴෴ පොඩි දුවගේ සිනා වැලයි ෴෴෴ පොඩි දුවගේ සිනා වැලයි පොඩි පුතුගේ කතා පෙලයි පිය බිරිඳගෙ සෙනේ විලයි මගේ නිවන මගේ පැල්පතයි පොඩි දුවගේ සිනා ................ (කටු මැටි ගෑ බිත්ති පුරා පලිඟු මැණික් එළිය දිලේ ගොම මැටි ගෑ ගෙබිම මගේ පියවිලි බුමුතුරුණු වගේ) // පොඩි දුවගේ සිනා ................ (ලබන නමුත් දුක් පීඩා කූඩු වුණොත් පුංචි පැලේ අඹු දරුවන් අතර තුරේ මට නිම් නැති සුවය දැනේ) // පොඩි දුවගේ සිනා ................// පද රචනය : සුනිල් ආරියරත්න සංගීත නිර්මාණය : රෝහණ වීරසිංහ ගායනය : සෝමතිලක ජයමහ Lyrics: Sunil Ariyarathne Music: Rohana Weerasinghe Artist: Somathilaka Jayamaha
Friday, September 6, 2019
MANAMALA GIRAW by Somathilaka Jayamaha
ADARAYE UNUSUMA by Somathilaka Jayamaha |Adaraye Unusuma | Somathilaka Jayamaha | 70's | Classic
⋆⋆⋆ ආදරයේ උණුසුම ⋆⋆⋆⋆⋆⋆
ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ
ආදරයේ උණුසුම ....................
තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පුබුදයි
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ................
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි
ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ................
පද රචනය: විජේසිරි අමරතුංග
සංගීත නිර්මාණය: අමරසිරි පීරිස්
ගායනය: සෝමතිලක ජයමහ
Lyrics: Wijesiri Amarathunge
Music: Amarasiri Peiris
Artist: Somathilaka Jayamaha
Wednesday, September 4, 2019
Monday, September 2, 2019
MATA MATHAKAI DURA by Indrani Perera
෴෴෴ මට මතකයි දුර ෴෴෴ මට මතකයි දුර ඈත අතීතෙක ඔබ හමුවූ පෙර ආත්මයක් මට මතකයි සීතල දවසක මහ වැසි වසිනා රාත්‍රියක් රැහැයි හඬක් නැති තරු එළියක් නැති කඳු පෙත් අතරේ නිසංසලේ තුන් මං හන්දියෙ නොපෙනෙන මායිම අම්බලමක අපි මුණ ගැසුනේ මට මතකයි ................ එදා මෙදාතුර කෝ ඔබ කොයිබද ආත්ම ගණනක් සොයන සුවේ කවදා හෝ යළි හමුවන දිනයක් තුන් සිත විමසයි බවෙන් බවේ මට මතකයි ................ මහ වැසි වසිනා රාත්‍රියක් /// පද රචනය: උපාලි ධනවලවිතාන සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Upali Dhanawalavithana Music: Stanley Peiris Artist: Indrani Perera
MAGE HITHA WENATHAKA by Indrani Perera
෴෴෴ මගෙ හිත වෙනතක ෴෴෴
මගෙ හිත වෙනතක යාවී ඇති බව විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ හිනැහෙන්න දැන්වත් ඉතින්
ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැතිසේ ඇයි නිහඬව ඉන්නේ
මගෙ හිත වෙනතක .....................
මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳ ගනු කෙලෙසද දැන්වත් හිනැහෙන්නේ
මගෙ හිත වෙනතක .....................
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීත නිර්මාණය: සරත් දසනායක
ගායනය: ඉන්ද්‍රානි පෙරේරා
Lyrics: K.D.K.Dharmawardhana
Music: Sarath Dasanayake
Artist: Indrani Perera
KAWDO KAWDO MA SEWWE by Indrani Perera
⋆⋆⋆ කව්දෝ කව්දෝ ⋆⋆⋆⋆⋆⋆
කව්දෝ කව්දෝ මා සෙව්වේ
මානම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා
(විසිතුරු දේදුනු පායනවා
යලි නොපෙනී යනවා) //
හිනැහෙනවා ලං වෙනවා //
යලි අපි වෙන් වෙනවා
කව්දෝ කව්දෝ ................
(මා කිසිවෙකු හා තරහ නැතේ
කිසි දින හඬා නැතේ) //
බහ දීලා එක් වීලා //
සැනසුම ලැබෙනු නැතේ
කව්දෝ කව්දෝ ................
පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීත නිර්මාණය: සරත් දසනායක
ගායනය: ඉන්ද්‍රානි පෙරේරා
Lyrics: K.D.K.Dharmawardhana
Music: Sarath Dasanayake
Artist: Indrani Perera
KALPANI DUWANI by Indrani Perera
⋆⋆⋆ කල්පනී දුවනී ⋆⋆⋆⋆⋆⋆ කල්පනී දුවනී සිත් සතන් පිරුණී හද රැඳුනු පැතුම් මගෙ සිහින සිතුම් ආදර ලෝකෙට මා කැඳවයි ලා සඳ පායන වේලාවේ ආදරයේ මුදු සේයාවේ මා අසලින් හිඳ පාන සිනා සම්පත සාමය සතුට ගෙනා - සතුට ගෙනා කල්පනී දුවනී ................ මේ ලොව ඉමිහිරි ගී රාවේ ඔබ මා අමතන ඒ වාගේ ඔබ පමණී මට මේ ලෝකේ සම්පත සාමය සතුට ගෙනා - සතුට ගෙනා කල්පනී දුවනී ................ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Indrani Perera
DILHANI DUWANI by Indrani Perera
෴෴෴ දිල්හානී දුවනී ෴෴෴
දිල්හානී දුවනී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ
දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැක ගන්න
වාසනාව මට ගෙන දුන් දියණී සුරතල් දිල්හානී
රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති සමනලයින් දැක ඇයගෙ දෙතොල් පිපුනා
රන්වන් මුහුණේ ලස්සණ දැකලා සිප ගන්නට සිතුනා
දිල්හානී දුවනී නාඬා නිදියන්නේ
නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ
පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ඉන්ද්‍රානි පෙරේරා
Lyrics: Clarence Wijewardhana
Music: Clarence Wijewardhana
Artist: Indrani Perera
Subscribe to:
Posts (Atom)