Friday, September 6, 2019

ADARAYE UNUSUMA by Somathilaka Jayamaha |Adaraye Unusuma | Somathilaka Jayamaha | 70's | Classic




⋆⋆⋆ ආදරයේ උණුසුම ⋆⋆⋆⋆⋆⋆ ආදරයේ උණුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ ආදරයේ උණුසුම .................... තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පුබුදයි ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ................ දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුළ නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ................ පද රචනය: විජේසිරි අමරතුංග සංගීත නිර්මාණය: අමරසිරි පීරිස් ගායනය: සෝමතිලක ජයමහ Lyrics: Wijesiri Amarathunge Music: Amarasiri Peiris Artist: Somathilaka Jayamaha

No comments:

Post a Comment