Monday, September 2, 2019

DILHANI DUWANI by Indrani Perera




෴෴෴ දිල්හානී දුවනී ෴෴෴ දිල්හානී දුවනී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ දෑත දෙපා සලමින් ඇය කරනා සුරතල් දැක ගන්න වාසනාව මට ගෙන දුන් දියණී සුරතල් දිල්හානී රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා රන් තැටියේ කිරි පැණි පුරවාලා ගෙන එන්නට සිතුනා රන්වන් තටු ඇති සමනලයින් දැක ඇයගෙ දෙතොල් පිපුනා රන්වන් මුහුණේ ලස්සණ දැකලා සිප ගන්නට සිතුනා දිල්හානී දුවනී නාඬා නිදියන්නේ නිවසට සුරතල් ආලෝකය දී නාඬා නිදියන්නේ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Indrani Perera

No comments:

Post a Comment