Saturday, July 17, 2021

ADA HAWASATA MA by Sujatha Aththanayake | අද හවසට මා හමුවනු මැනවී - සුජාතා අත්තනායක


 ෴෴෴ අද හවසට මා ෴෴෴

අද හවසට මා හමුවනු මැනවී රැඟුම් බලන්නට කලාගාරයේ මගෙ මේ ඇරයුම ඉවත නොලා මගෙ මේ ඇරයුම ඉවත නොලා නර්තන රංගන සිතුවම් එනවා ඔබ එහි රස විඳිනට මැලි වෙනවා එක දවසක් හෝ ඔබ මා සමගින් රැඟුම් බලන්නට යන්නට එනු මැන කෙල්ලක සතු නිදහස සීමාවෙයි සිතු සේ දිව ඇවිදින්නට බැරි වෙයි එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන රැඟුම් බලන්නට හවසට එනු මැන අද හවසට මා ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: සුජාතා අත්තනායක Lyrics: K. D. K. Dharmawardane Music: Stanley Peiris Artist: Sujatha Aththanayake

Friday, July 16, 2021

HARDE RASA MALIGE by Sujatha Aththanayake | හර්දෙ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ - සුජාතා අත්තනායක


 ෴෴෴ හර්දෙ රස මාලිගේ ෴෴෴

හර්දෙ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ ඔබෙ දායාදේ පැතුවෙ මේ ජීවිතේ මහදෙ ආලෝකයේ ඔබෙ දායාදේ හර්දෙ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ (පිය හදෙහී මා රස ගන්වා පැතුවේ මෙමා දරු සෙනෙහේනි හදවත්හි පැතුමන් තබා) // ඔබ ආවාදෝ මා වාගෙ බිරිඳක් සොයා මේ ජීවිතයේ හර්දෙ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ ඔබෙ දායාදේ පැතුවෙ මේ ජීවිතේ මහදෙ ආලෝකයේ (ලොව රන්වන් වු ආලෝකෙ දල්වා තබා ඔබ එනකල් මා සිටියේ මේ ගීතේ ගයා) // ප්‍රිය රස දේහිනී මා ආවේ සොයා මේ ජීවිතයේ හර්දෙ රස මාලිගේ ................ හර්දෙ රස මාලිගේ ප්‍රීති වේ මා හදේ පද රචනය: ධර්මසිරි ගමගේ සංගීත නිර්මාණය: එම්. කේ. රොක්සාමි ගායනය: සුජාතා අත්තනායක චිත්‍රපටය: සකුන්තලා (1977) තනුව: “ධීරෙ ධීරේ මචල්” හින්දි ගීතය චිත්‍රපටය: අනුපමා (1966) සංගීත නිර්මාණය: හේමන්ත් කුමාර් Lyrics: Dharmasiri Gamage Music: M. K. Rocksamy Artist: Sujatha Aththanayake Film: Sakunthala (1977) Melody: “Dheere Dheere Machal” Hindi song Film: Anupama (1966) Music: Hemant Kumar

Thursday, July 15, 2021

API EKAMA PASALE by Sujatha Aththanayake with Tony Hazen | අපි එකම පාසැලේ - සුජාතා අත්තනායක සමග ටෝනි හසන්


 ෴෴෴ අපි එකම පාසැලේ ෴෴෴

අපි එකම පාසැලේ ගම්මානේ පොඩි ගම්මානේ මේ ගම්මානේ අපි එකම පන්තියේ ඒ කාලේ මැවු පෙම් සිහිනේ අද කෝ සොඳුරේ අපි එකම පාසැලේ ගම්මානේ පැණි හිඹුටු ඉදුන ඒ මල් වාරේ පිනි ජම්බු කඩාගෙන අඩි පාරේ මොර කැලය මැදින් පැන ගං තීරේ වැලිකෙළියෙ පටන් ආ ඔබ ඇසුරේ පෙර නොගිය ගමන් නෑ හඳපානේ අපි එකම පාසැලේ ................ අපි එකම පාසැලේ ගම්මානේ තරු එළිය ගලන රෑ ලඳු අයිනේ කඳු අසල දිනෙක හමු වූ යාමේ ඔය තුරුණු සුවය සොයනා දෑතේ අද කව්ද තුරුළු වී මට රහසේ මතු ඔබව පතා එමි සංසාරේ අපි එකම පාසැලේ ................ අපි එකම පාසැලේ ගම්මානේ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: සුජාතා අත්තනායක සමග ටෝනි හසන් Lyrics: Music: Artist: Sujatha Aththanayake with Tony Hazen

Wednesday, July 14, 2021

AETHA DIYAMBA WANNE by Sujatha Aththanayake | ඈත දියඹ වැන්නේ - සුජාතා අත්තනායක


 ෴෴෴ ඈත දියඹ වැන්නේ ෴෴෴

ඈත දියඹ වැන්නේ ඔබ නිසසල වන්නේ මෑත දියඹ වැන්නේ වරෙක සසල වන්නේ ඈත දියඹ වැන්නේ ................ (නිලඹර සාගරය සිඹින තැනකය හිනැහෙන්නේ) // ඒ හද පෑරී දිවියට රුව ගැන නොසිතන්නේ (සාගරයක් මෙනි හදවත සතුට සුවය දෙන්නේ) // එම සාගරයෙන් කව්රුද තිබහට දිය බොන්නේ (ඈත ලොවක සිට හිනැහෙන හඩින් සුවය වේවා) // මෑත ලොවක සිට එන රුව හදවත නො දකීවා ඈත දියඹ වැන්නේ ................ ඈත දියඹ වැන්නේ පද රචනය: රත්නා ලංකා අබේවික්‍රම සංගීත නිර්මාණය: ඔස්ටින් මුණසිංහ ගායනය: සුජාතා අත්තනායක Lyrics: Rathna Lanka Abeywickrama Music: Ostine Munasinghe Artist: Sujatha Aththanayake.

Tuesday, July 13, 2021

SAVANDARA SUGANDAYEN by M. S. Fernando | සැවැන්දරා සුගන්දයෙන් - එම්. එස්. ප්‍රනාන්දු


 ෴෴෴ සැවැන්දරා සුගන්දයෙන් ෴෴෴

(සැවැන්දරා සුගන්දයෙන් හිමාලයේ සිසිල් සුවෙන් මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැලුම් හෙලා) // (ඔබයි බලන්නේ - ඔබයි බලන්නේ) // (රන්වන් කිංකිණි නාද නගන්නේ සන්සුන් තාලෙට පාදෙ තබන්නේ) // නිල්වන් දෑසින් සිහින මවන්නේ ඉරෙන් උපන් හඳෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන් ඔබයි බලන්නේ - ඔබයි බලන්නේ සැවැන්දරා සුගන්දයෙන් ................. (චන්දන කල්කෙන් තිලකෙ තියාලා රන් කුඹු යුග්මය ලැමද දරාලා) // සල් සල් සල් මල සේම සැදීලා එහේ ඉඳන් මෙහේ ඉඳන් දුරින් ඉඳන් ලගින් ඉඳන් ඔබයි බලන්නේ - ඔබයි බලන්නේ සැවැන්දරා සුගන්දයෙන් ................. පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Karunarathne Abeysekara Music: Artist: M. S. Fernando

Monday, July 12, 2021

PUNCHI DAWASWALA by Sujatha Aththanayake | පුංචි දවස්වල නින්දට යද්දී - සුජාතා අත්තනායක


 ෴෴෴ පුංචි දවස්වල නින්දට යද්දී ෴෴෴

පුංචි දවස්වල නින්දට යද්දී පීතු පාදං නමා මහං කියලා වැන්ද දෙපා යලි අදත් වඳින්නම් මංගල ගමනට යන්න අවසරයි පියාණනේ මල් බෝනික්කන් පූසි පැටව් ටික පාට ගවුම් පොඩි අද තනි වෙනවා පියාණනේ ඔබෙ ආසිරි විඳ විඳ ඉරනම් ගමනක් යන්නට යනවා පියාණනේ ඔබෙ පුංචි කුමාරිය පුංචි මනාලිය මේ යන දවසේ එපා අඬන්නට එපා අඬන්නට පුංචි මුණුපුරෙක් කැන්දම් එන්නම් මා හෙට දවසේ පුංචි දවස්වල ................ මංගල ගමනට යන්න අවසරයි පියාණනේ පද රචනය: අජන්තා රණසිංහ සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: සුජාතා අත්තනායක Lyrics: Ajantha Ranasinghe Music: Sarath Dasanayake Artist: Sujatha Aththanayake.

Sunday, July 11, 2021

KAGE KAWDO NA MA DANNE by Mohideen Baig | කාගේ කව්දෝ නෑ මා දන්නේ - මොහිදීන් බෙග්


 ෴෴෴ කාගේ කව්දෝ නෑ මා දන්නේ ෴෴෴

(කාගේ කව්දෝ නෑ මා දන්නේ සුන්දරයිනේ ඈ දුටුවේ ගංගා තීරේදී) // ඔරුවේ නැගී ඈ ලංවී මා එගොඩට ගෙන යාදෝ දුටුවේ ගංගා තීරේදී කාගේ කව්දෝ නෑ මා දන්නේ සුන්දරයිනේ ඈ දුටුවේ ගංගා තීරේදී එගොඩට යන්නයි මං සිටියේ ඔබ එන තුරු මෙගොඩට ඔරුවේ ළඳුනේ බෑ නොකියන් ලියනේ තනි වේවී මා ගං ඉව්රේ (මං ආවෙ ගමේ දුර කතර ගෙවා) // ඔරුවේ නැගී ඈ ලංවී මා එගොඩට ගෙන යාදෝ දුටුවේ ගංගා තීරේදී කාගේ කව්දෝ නෑ මා දන්නේ සුන්දරයිනේ ඈ දුටුවේ ගංගා තීරේදී ඔරුවට එන්නැයි ඉඟි කරලා හබලට වෙර දීලා පෙරලා එගොඩ ගොඩේ ගම්මානයෙදී අඳුරේ සැඟවී සමු ගත්තා (කවදාද ඉතින් යලි හමු වන්නේ) // ඔරුවේ නැගී ඈ ලංවී මා එගොඩට ගෙන යාදෝ දුටුවේ ගංගා තීරේදී කාගේ කව්දෝ නෑ මා දන්නේ සුන්දරයිනේ ඈ දුටුවේ ගංගා තීරේදී (දුටුවේ ගංගා තීරේදී) /// පද රචනය: සංගීතය: ගායනය: මොහිදීන් බෙග් තනුව: “රාහී මන්වා දුක් කී චින්තා” ගීතය චිත්‍රපටය: දෝස්ති (හින්දි) 1964 සංගීත නිර්මාණය: ලක්ෂ්මිකාන්ත් ප්‍යාරේලාල් Lyrics: Music: Artist: Mohideen Baig Melody: “Rahi Manwa Dukh Ki Chinta” song Film: Dosti (Hindi) 1964 Music: Laxmikant Pyarelal

Saturday, July 10, 2021

KO DARUWO KO MA DARUWO by Sujatha Aththanayake | කෝ දරුවෝ කෝ මා දරුවෝ - සුජාතා අත්තනායක


 ෴෴෴ කෝ දරුවෝ කෝ මා දරුවෝ ෴෴෴

(කෝ දරුවෝ කෝ මා දරුවෝ) // කොහෙ බැලුවත් නෑ මේ වනයේ කෝ දරුවෝ ……………… (කෝ දරුවෝ කෝ මා දරුවෝ) // (ජාලිය පුතු හා ක්‍රිෂ්ණජිනා දූ මා නෙත් වැනි දරු දෙදෙනා) // පල වැල නෙලුමට මා යද්දී වනයේ සෙල්ලම් කර උන්නා (දෙවියනි කෝ ඒ දරු දෙදෙනා) // කොහෙ බැලුවත් නෑ මේ වනයේ (සා මුව පොව්වනි පුංචි කුරුල්ලනි දුටුවද මා දරු දෙදෙනා) // හිමියනි කව්දෝ ඔබටත් රහසේ මේ දුක් ගිනි මා හට දුන්නේ (ඇයි හිමියනි නිහඩව ඉන්නේ) // කොහෙ බැලුවත් නෑ මේ වනයේ (කෝ දරුවෝ කෝ මා දරුවෝ) // කොහෙ බැලුවත් නෑ මේ වනයේ (කෝ දරුවෝ කෝ මා දරුවෝ) /// පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: සුජාතා අත්තනායක තනුව: “මේන් ගාඕන් තුම් සෝ ජාඕ” හින්දි ගීතය චිත්‍රපටය: බ්‍රහ්මචාරි (1968) සංගීත නිර්මාණය: ෂන්කර්-ජායිකිෂන් Lyrics: Music: Artist: Sujatha Aththanayake Melody: “Main Gaoon Tum So Jao” Hindi song Film: Brahmachari (1968) Music: Shankar-Jaikishan

Friday, July 9, 2021

ADARIYE RUCHIRANANIYE by Mohideen Baig | ආදරියේ රුචිරාණනියේ - මොහිදීන් බෙග්


 ෴෴෴ ආදරියේ රුචිරාණනියේ ෴෴෴

ආදරියේ රුචිරාණනියේ ලියලනවා තව තව සෝකේ වැළපෙනවා මා අද හිරගේ ආදරියේ රුචිරාණනියේ මගෙ ආදරියේ සුව නින්දේ රස සිහින වැලේ එතිලා හමනා සුළගද මේ එන්නේ කවදද ඇයගේ මුව කමලේ ඹද වැඩෙන සිනා රසයේ ගිලිලා යලි මා සැනසෙන්නේ ආදරියේ රුචිරාණනියේ ................ ආදරියේ රුචිරාණනියේ හා හා ඇයි මේ සතුරු මැල මැද කදුළු සලා සිහලුන් මෙලොවේ නෑ නෑ නැත වෙන්නේ බල පා තෙද පා එඩි එඩි පා මේ යදම් කඩා පුපුරා යන සේ කකියා ඇයි රුධිරේ ආදරියේ රුචිරාණනියේ ................ ආදරියේ රුචිරාණනියේ පද රචනය: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සංගීතය: සජාඩ් හුසේන් ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: දෛවයෝගය (1959) Lyrics: Sri Chandrarathne Manawasinghe Music: Sajaad Hussain Artist: Mohideen Baig Film: Daiwayogaya (1959)

Thursday, July 8, 2021

GUWAN THOTILLE by Sujatha Aththanayake | ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා - සුජාතා අත්තනායක


 ෴෴ ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා ෴෴

ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනනවා සුළං හමාලා ගෙයි තෙරපෙන්නේ ඔබේ පියාගේ සුවඳයි එන්නේ ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනවා දරු දුක මට මෙන් හිතට දැනේවා පොඩි දුව හීනෙන් ඔහුට පෙනේවා හෙට හිමිදිරියේ අප වෙත ඒවා ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙෙනවා යන එන තැන්හී සෙත සැලසේවා සතර වරම් දෙවි පිහිට ලැබේවා දැඩි හිත ඔහුගේ යලි උණු වේවා ගුවන් තොටිල්ලේ ................ ගුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා මගේ තුරුල්ලේ දුව නැළවෙනනවා පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ෂෙල්ටන් පෙරේරා ගායනය: සුජාතා අත්තනායක චිත්‍රපටය: දරු දුක (1967) Lyrics: Karunarathne Abeysekara Music: Shelton Perera Artist: Sujatha Aththanayake. Film: ‘Daru Duka (1967)

Wednesday, July 7, 2021

SINAHAWEN HO KATHAWEN BA by Mohideen Baig | සිනහවෙන් හෝ කතාවෙන් බෑ - මොහිදීන් බෙග්


 ෴෴෴ සිනහවෙන් හෝ කතාවෙන් බෑ ෴෴෴

(සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා) // සිතේ ඇති දේ... සිතේ ඇති දේ කව්ද දන්නේ කියන්නට විමසා සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා (එකට එක් වී එකට කා බී) // එකට සැතපීලා - එකට සැතපීලා උගුල අටවයි විපත පටලයි මුරුග ගති පාලා - මුරුග ගති පාලා ලෝකයේ... ලෝකයේ මර විසක් නැත වෙන මිනිස් විස වාගේ සිනහවෙන් හෝ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා (තියෙන ඇත්තා නැති තැනැත්තා) // තඹයකට නොතකා - තඹයකට නොතකා ඔහුගෙ නැතිකම් දුබල බැරිකම් පෙනි පෙනිම මිරිකා - පෙනි පෙනිම මිරිකා සැප විඳී... සැප විඳී පණ ගියත් පෑගී අනිත් මිනිසාගේ සිනහවෙන් හෝ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා (යුක්ති ධර්මේ ජය ගනීවී) // දිලෙන ලෙස දිනිඳා - දිලෙන ලෙස දිනිඳා නැත්ත නැති වෙයි ඇත්ත හෙළි වෙයි යම් දිනක මතු දා - යම් දිනක මතු දා ඔහු එදා... ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ සිනහවෙන් හෝ සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා (මනින්නට මිනිසා) /// පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීතය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: දමයන්ති (1975) තනුව: “මෙරා ජීවන් කොරා කාගස්” ගීතය චිත්‍රපටය: කොරා කාගස් (හින්දි) 1974 සංගීත නිර්මාණය: කල්‍යාන් ජී-ආනන්ද් ජී Lyrics: Karunarathne Abeysekara Music: P. L. A. Somapala Artist: Mohideen Baig Film: Damayanthi (1975) Melody: “Mera Jeevan Kora Kaghaz” song Film: Kora Kaghaz (Hindi) 1974 Music: Kalyanji-Anandji

Tuesday, July 6, 2021

SANAKELI BIMAKADI by Milton Mallawarachchi | සැණකෙළි බිමකදි ඔබ හමු වූ වග - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ සැණකෙළි බිමකදි ෴෴෴ සැණකෙළි බිමකදි ඔබ හමු වූ වග නයනින් ඉඟි කර හසරැල් දුන් බව මතක තියේ මට නම් මතක තියේ මට නම් මව්පිය සොහොයුරු සොහොයුරියන් මැද ඔබ අසරණව ගියේ එ නිසයි ඔබ හට දොඩනට මා හා අවසර නැතිව ගියේ අවසර නැතිව ගියේ මා හා දොඩනට අද අවසර ඇත එ නමුදු කිමද පලේ ඔබ වෙන කෙනෙකුට බහ දී ඇති බව මම දැන ගතිමි ළඳේ මම දැන ගතිමි ළඳේ සැණකෙළි බිමකදි ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi

Monday, July 5, 2021

NIL NIL PARU THOTILLE by Sujatha Aththanayake | නිල් නිල් පාරු තොටිල්ලේ - සුජාතා අත්තනායක


 

෴෴෴ නිල් නිල් පාරු තොටිල්ලේ ෴෴෴ ගං තීරේ ....ගංගාවේ.... නිල් නිල් පාරු තොටිල්ලේ ආවේ ගමන නිදැල්ලේ මගේ මගේ මගේ නිල් නිල් පාරු තොටිල්ලේ ආවේ ගමන නිදැල්ලේ මගේ මගේ මගේ මගේ (සෙව්වන්දි නිල් ජලාසේ විලේ හංසයාටයි මල් රොන් පිරීලා හුදී බෘංගයාටයි) // හුදී බෘංගයාටයි ගං තීරේ ....ගංගාවේ.... නිල් නිල් පාරු තොටිල්ලේ ආවේ ගමන නිදැල්ලේ මගේ මගේ මගේ මගේ (ගීයක් ගයන්නේ මීයක් බදින්නයි රහසක් කියන්නේ කන්දක් දිහාටයි) // කන්දක් දිහාටයි ගං තීරේ ....ගංගාවේ.... නිල් නිල් පාරු තොටිල්ලේ ආවේ ගමන නිදැල්ලේ මගේ මගේ මගේ මගේ පද රචනය: ශ්‍රී නිහාල් ජයසිංහ සංගීත නිර්මාණය: ආර්. මුත්තුසාමි ගායනය: සුජාතා අත්තනායක චිත්‍රපටය: ගොපළු හඩ (1973) තනුව: "සාත් රේ තුජ් බින් ජියා උදාස් රේ" හින්දි ගීතය චිත්‍රපටය: පූනම් කී රාත් (1965) සංගීත නිර්මාණය: සලීල් චෞද්රි Lyrics: Sri Nihal Jayasinghe Music: R. Muththusamy Artist: Sujatha Aththanayake Film: Gopalu Handa (1973) Melody: "Saath Re Tujh Bin Jiya Udaas Re" Hindi song Film: Poonam Ki Raat (1965) Music: Salil Chowdhuri

Sunday, July 4, 2021

SAMARU POTHE PITU GALAVI by M. S. Fernando | සමරු පොතේ පිටු ගැලවී - එම්. එස්. ප්‍රනාන්දු


 

෴෴෴ සමරු පොතේ පිටු ගැලවී ෴෴෴ සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ඔබ සිහි වෙනවා සිහින මැවෙනවා සිහින මැවෙනවා ඔබ සිහින මැවෙනවා සමරු පොතේ පිටු ගැලවී සුළඟෙ දුවනවා සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා ගඟට ගොසින් දිය නාගෙන එනව පේනවා වෙලට ගොහින් පලා නෙලන් එනව පේනවා මලට ගොහින් මල් අරගෙන එනව පේනවා (එනව පේනවා මැණිකා එනව පේනවා) // සමරු පොතේ ................... මා දැක්කම වැට අයිනට එනව පේනවා මා එක්කල හිනා වෙනව වාගෙ පේනවා නූරුස්සල අමනාපෙන් යනව පේනවා (යනව පේනවා මැණිකා යනව පේනවා) // සමරු පොතේ ................... සාරි ඔසරි ඇඳ ගත්තම හැඩට පේනවා මාල වළලු දැම්මම තව රුවට පේනවා වටපිට කොපමණ හිටියත් කාට පේනවා හැඩට පේනවා මටනම් රුවට පේනවා රුවට පේනවා මටනම් හැඩට පේනවා සමරු පොතේ ................... සොඳුරු සිහින හදේ මැවී ඔබ සිහි වෙනවා /// පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Karunarathne Abeysekara Music: Artist: M. S. Fernando

Saturday, July 3, 2021

MA NUWAN HANDAWA by Milton Mallawarachchi | මා නුවන් හඬවා - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ මා නුවන් හඬවා ෴෴෴ මා නුවන් හඬවා ඔබගේ සිතුම් රදවා ආදරේ දුන් වේදනා ජීවේ පුරා යා වෙලා ජීවිතේ අඹරේ හිනැහී පෙනී සඳ සේ පාරවා සිත පාරවා වෙන් වී ගියේ ඇයි ළඳේ මා නුවන් හඬවා ආදරෙන් ලං වූ නො සිතූ ලෙසින් වෙන් වූ මා ඔබේ දිවි මාවතේ බාධාව වීදෝ ළඳේ මා නුවන් හඬවා ................ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Music: Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Friday, July 2, 2021

APE SIHINA VIJITHE by Sujatha Aththanayake | අපේ සිහින විජිතේ - සුජාතා අත්තනායක


෴෴෴ අපේ සිහින විජිතේ ෴෴෴ (අපේ සිහින විජිතේ දවා මල් හිනාවෝ ඉතින් පෙම් වියෝ ගී ගයාවී කුරුල්ලෝ) // අපේ සිහින විජිතේ එදා සීත හන්තානෙ මීදුම් තුරුල්ලේ තුරුල් වී ලයේ මා පිදූ ඒ සෙනේහේ (එදා රෝසමල් පාරෙ දෙන්නා ගැයූ ගී) // සදා වාසනාවන් ප්‍රියේ ඒ අතීතේ අපේ සිහින විජිතේ ................. අපේ සිහින විජිතේ ලසෝ තාප ගින්නේ ඔබේ රූ මැවේවා තැවුල් ආල සන්තාප මනසේ මියේවා පැතූ පෙම් පැතුම් දෑස කඳුළේ මිදේවා සිහිනෙන් පවා සෝක සංකා නොවේවා මගේ පෙම් ලතාවේ පැතුම් මල් මියේවා අපේ සිහින විජිතේ ................. අපේ සිහින විජිතේ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: සුජාතා අත්තනායක තනුව: “අජී රූත් කර් අබ් කහාන් ජායේගා” හින්දි ගීතය චිත්‍රපටය: අර්සු (1965) සංගීත නිර්මාණය: ෂන්කර්-ජායිකිෂන් Lyrics: Music: Artist: Sujatha Aththanayake Melody: “Aji Rooth Kar Ab Kahan Jaiyega” Hindi song Film: Arzoo (1965) Music: Shankar-Jaikishan
 

Thursday, July 1, 2021

SAIMON AIYAI MARTIN AIYAI by M. S. Fernando | සයිමන් අයියයි මාටින් අයියයි - එම්. එස්. ප්‍රනාන්දු


 

෴෴෴ සයිමන් අයියයි මාටින් අයියයි ෴෴෴ සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාළුවෝ දෙන්නා ගමන් බිමන් කන බොන දේ එකටයි එක වගෙ අඳින්නෙ දෙන්නා මේ දෙන්නව බැහැ තරහ කරන්නට කව්රුත් දැනගෙන උන්නා පිට පළාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදිංචි වෙන්නා (හරි ලස්සණ කෙල්ලෙක් උන්නා ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා) // දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ ආසයි කියන්නත් ආසයි අර තරුණි සිනාසෙන්නේ මට දෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ සයිමන් අයිය සිතුවාසේ මාටින් අයියත් සිතුවේ වැදුනා දෙන්නටම විශාල සැකයක් සිත ඇතුළට වැදුනා සිතුනා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුනා සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතිවයි මාටින් මේක ගැන දන්නෑ එයත් එන්නෙ තනිවයි සයිමන් අයියයි ................ තරඟේ දෙන්නගෙ අතරේ දවසින් දවසට මෝරයි ඇඳුමෙන් පැළඳුමෙන් වාගේ සැන්ට් පව්ඩර් සුවඳ හමයි දවසක් දෙන්න මුණ ගැසුනේ මේ තරුණිගෙ නිවස ලඟයි තරුණී දොරකඩ සිටියේ තම සැමියා සමගයි තරුණන් දෙන්න අර යන්නේ සැමියගෙ හරි කරුණාවන්තයි මෙතනින් යනකොට කොයි වෙලාවටත් යන්නේ හිනාවෙලයි මේ දැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි සයිමන් මාටින් දෙන්නා තාමත් හොඳ මිතුරො තමයි සයිමන් අයියයි ................ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: එම්. එස්. ප්‍රනාන්දු චිත්‍රපටය: ආදරේ හිතෙනව දැක්කම (1972) Lyrics: Karunarathne Abeysekara Music: P. L. A. Somapala Artist: M. S. Fernando Film: Adare Hithenawa Dakkama (1972)

Wednesday, June 30, 2021

SITHUM PATHUM SANDA ADARE by Anjeline Gunathilake | සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ- ඇන්ජලීන් ගුණතිලක


 

෴෴෴ සිතුම් පැතුම් සඳ ආදරේ ෴෴෴ (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේ දෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ) // සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේවා මහදේ සොඳුරු අහසේ අනාගතේ පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යලි උන් ඉගිලෙනවා පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා තනිවුණු කතරක මා ඉන්නේ කෙලෙසද පිය මැන පිට වන්නේ තනිවුණු කතරක මා ඉන්නේ ඔබ සමගිනි මා පිට වන්නේ සිතුම් පැතුම් සඳ ................ හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ සැතපෙන කළ දුටු නිදි යහනේ එළි වෙයිදෝ රෑ දුටු සිහිනේ සැතපෙන කළ දුටු නිදි යහනේ එළි වෙනවා රෑ දුටු සිහිනේ සිතුම් පැතුම් සඳ ................ මහදේ සොඳුරු අහසේ අනාගතේ /// පද රචනය: සංගීතය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය: අභිරහස (1971) චිත්‍රපටය සදහා යුග ගීයක් ලෙස එච්. ආර්. ජෝතිපාල සමග ගායනා කළ ගීතයකි. තනුව: “ජනම් ජනම් කා සාත් හේ” ගීතය චිත්‍රපටය: තුම්සෙ අච්චා කෝන් හේ (1969) සංගීත නිර්මාණය: ෂන්කර් - ජායිකිෂන් Lyrics: Music: P. L. A. Somapala Artist: Anjeline Gunathilake Film: Abhirahasa (1971) – Original song sung with H. R. Jothipala. Melody: “Janam Janam Ka Saath Hai” song Film: Tumse Achcha Kaun Hai (1969) Music: Shanker - Jaikishan

Tuesday, June 29, 2021

ADA HETA OBA MA by Milton Mallawarachchi | අද හෙට ඔබ මා අතහැර යන බව - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ අද හෙට ඔබ මා ෴෴෴ අද හෙට ඔබ මා අතහැර යන බව දැන ගන්නට ලැබුණා රහසින් මට ඇසුනා ඔබ රවටා නැත ඔබ හඬවා නැත දැන දැන මා නම් වැරදි කළේ නැත ඔබ ගැන මට පුදුමයි වෙනසක තතු නොහැඟෙයි අද හෙට ඔබ මා ................ යොමු වී වෙනතක ඔබ තනි වූ දින තනියට සිටියේ මා පමණකි ලඟ දැන් ඔබ මා රිදවා යලි වෙනතක බැඳිලා අද හෙට ඔබ මා ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi

Monday, June 28, 2021

PEM LOWA NINDEDI by M. S. Fernando | පෙම් ලොව නින්දෙදි - එම්. එස්. ප්‍රනාන්දු




 

෴෴෴ පෙම් ලොව නින්දෙදි ෴෴෴ පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ දැන් එළිවී ඇත හඳ වගෙ ලස්සණ මූණේ (හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි) // පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ බඳ නලවාලා උකුල සලාලා මුව විදහාලා මුකුළු නඟාලා රන්දාලා අන්දාලා නාරිලතා ලීලා (හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි) // පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ මල්සරා අසු අරා එයි නුරා හී දරා රස දහරා රළ පීරා ආදරේ තෝරා (හද පොපියයි සිත නලියයි බැලු බැලු අත එළියයි) // පෙම් ලොව නින්දෙදි ................ පෙම් ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: එම්. එස්. ප්‍රනාන්දු චිත්‍රපටය: සංගීතා (1975) Lyrics: Karunarathne Abeysekara Music: Sarath Dasanayake Artist: M. S. Fernando Film: Sangeetha (1975)

ADARAYEN WENWEELA by Anjeline Gunathilake | ආදරයෙන් වෙන්වීලා - ඇන්ජලීන් ගුණතිලක


 

෴෴෴ ආදරයෙන් වෙන්වීලා ෴෴෴ ආදරයෙන් වෙන්වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා යන්නෙ කෙසේ පිටුපාලා මේ රැයේ (නෙත් පේනවා නම් හිත් තියෙනවා නම් රසේ දන්නවා නම් නිසි කාලෙ මේ නම්) // ඒ සුබ මොහොතින් ඇයි පල නො ලබන්නේ ආදරයෙන් වෙන්වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ (නෙත් පේනවාමයි හිත් තියෙනවාමයි රසේ දන්නවානම් නිසි කාලෙ මේකයි) // එකම රැයකි මුළු ජීවිතයට ඇත්තේ ආදරයෙන් වෙන්වීලා මා තනියෙන් මෙහි දාලා යන්න එපා මග හැරලා මේ රැයේ (ඒ ගින්න නිවලා මඳ සීත දෙවලා මා ඉන්නෙ ඇදිලා පිළිගන්න බැඳිලා) // මහ ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ ආදරයෙන් වෙන්වීලා ................ පද රචනය: සංගීත නිර්මාණය: එම්. කේ. රොක්සාමි ගායනය: ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය: එදත් සූරයා අදත් සූරයා (1972) Lyrics: Music: M. K. Rocksamy Artist: Anjeline Gunathilake Film: Edath Suraya Adath Suraya (1972)

Sunday, June 27, 2021

SUNDARATHWAYEN PIRI by Milton Mallawarachchi | සුන්දරත්වයෙන් පිරි - මිල්ටන් මල්ලවාරච්චි


 ෴෴෴ සුන්දරත්වයෙන් පිරි ෴෴෴

සුන්දරත්වයෙන් පිරි සොඳුරුම සිහිනේ නෙත් දෙකින් අරන් එනු මැන සඳපානේ මල් ගෙනත් තබා දෝතින් පිළිගන්නයි කල්බලා හිඳින්නේ ඔබ ලැබ ගන්නයි අල්පයක් තරම් නිදහස රැක ගන්නයි කල්පනා ලොවින් එතෙරට ඉගිලෙන්නයි සුන්දරත්වයෙන් ................ වැහි වළාකුලෙන් පැල්පත සාදන්නයි කවුළුවක් ලෙසින් තබන්නෙ දේදුන්නයි සුපුරුදු ලෙස යලි ඉර හඳ පායන්නයි ඒ මැදින් මගේ සම්පත ගෙට එන්නයි සුන්දරත්වයෙන් ................// පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi

SUWADE MATA SEETHALA SULANGA PAWA by Mohideen Baig | සුවදේ මට සීතල සුළඟ පවා - මොහිදීන් බෙග්


 

෴෴෴ සුවදේ මට සීතල සුළඟ පවා ෴෴෴ (සුවදේ... මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ) // ප්‍රිය දේවිය හා රජ සැප හැර දා මරු බල පරදා බුදු වූ පෙර දා සුවදේ... මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ ගිරි මුදුනෙ පවා කුසුමන් පිබිදී බුදු රැස් විහිදී සිරිසර පල වී සුවදේ... මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ ඇසු දුටු පමණින් ගත සිත සැනසේ ජය භූමිය වේ ලොව බුදු දනගේ සුවදේ... මට සීතල සුළඟ පවා හිමි බුදු වුණ බුද්ධගයාවේ හිමි බුදු වුණ බුද්ධගයාවේ පද රචනය: ගුණරත්න අබේසේකර සංගීතය: මොහොමඩ් සාලි ගායනය: මොහිදීන් බෙග් Lyrics: Gunarathne Abeysekara Music: Mohomed Saley Artist: Mohideen Baig

Saturday, June 26, 2021

PEM PATHUM MAL PEEDILA by M. S. Fernando | පෙම් පැතුම් මල් පීදිලා - එම්. එස්. ප්‍රනාන්දු


 

෴෴෴ පෙම් පැතුම් මල් පීදිලා ෴෴෴ පෙම් පැතුම් මල් පීදිලා දුන් පොරොන්දම් පෑහිලා රන් නැකත් වැල් සීහිලා රන් නැකත් වැල් සීහිලා මංගලම් මග පෑදිලා පෙම් පැතුම් මල් ................ (පයට පාවඩ දා ඇතේ හිසට මුතු වැහි වෑහෙතේ) // හිතට පිනි දිය හාවෙතේ එකකි යුවලකි ජීවිතේ ලෝකේ පෙම් පැතුම් මල් ................ සතුටු ගඟ කැලතී සිතු සෙ එහි ගිලෙතී මිහිර විඳ කැමතී ජයතු යුවති පතී පෙම් පැතුම් මල් ................ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ෂාන් ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Karunarathne Abeysekara Music: Shan Artist: M. S. Fernando

OBA EWU ARAYUM PATHA (Original) by Milton Mallawarachchi | ඔබ එවු ඇරයුම් පත - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ ඔබ එවු ඇරයුම් පත ෴෴෴ ඔබ එවු ඇරයුම් පත ලැබුණා එය සතුටින් පිළි ගන්නම් මට නොදැනිම ඒ දින හැඬුනා සැනසී මා සිත වාවන්නම් ඔබ යුවලගෙ නම් එහි රැඳුනා මුතු ඇට පරදන අකුරින් එය බොඳ වී නොම යයි තෙමිලා මා හෙලනා දුක් කඳුළින් ඔබ එවු ඇරයුම් පත ................ ඔබෙ මංගල දින මා එනවා සුබ පතනා අය අතරින් ඔය සතුටින් පිරි මුහුණ බලා හදවත පුරවමි සුසුමෙන් ඔබ එවු ඇරයුම් පත ................ පද රචනය: වර්නන් පෙරේරා සංගීත නිර්මාණය: මයික් ගුණසේකර ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Vernon Perera Music: Mike Gunasekara Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Friday, June 25, 2021

PEMWATHIYANNE PEMWATHIYANNE by Anjeline Gunathilake | පෙම්වතියන්නේ පෙම්වතියන්නේ - ඇන්ජලීන් ගුණතිලක


 

෴෴෴ පෙම්වතියන්නේ පෙම්වතියන්නේ ෴෴෴ පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ මහා සාගරේ කඳුළෙනි ජල කඳ සැදුනේ සුසුමෙනි රළ නැඟුනේ කුණාටු මුහුදෙනි අඩ සඳ පිපුනේ වේදනා ගෙනේ පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ මහා සාගරේ (පෙම්වතියෝ පෙම්වතියෝ) // එනවා යනවා හඬනවා හිනැහෙන කෙනෙක් නැතේ එනවා යනවා හඬනවා යනඑන තැනක් නැතේ කළුවර කුටියක එළිය හොයනවා ඉර හඳ හිනා වෙතේ පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ මහා සාගරේ (පෙම්වතියෝ පෙම්වතියෝ) // (හිරුගේ සඳුගේ කැල්මෙනා මෝහනයෙන් මත්වී) // කිරි ගරුඬෙන් තැනු පෙම් සොහොනේ වැලපෙති පෙම් දරුවෝ පෙම්වතියන්නේ ................ පෙම්වතියන්නේ පෙම්වතියන්නේ මහා සාගරේ මහා සාගරේ (පෙම්වතියෝ පෙම්වතියෝ) // පද රචනය: සෝමපාල ලීලානන්ද සංගීත නිර්මාණය: සරත් දසනායක ගායනය: ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය: කස්තුරි සුවඳ (1974) Lyrics: Somapala Leelananda Music: Sarath Dasanayake Artist: Anjeline Gunathilake Film: Kasthuri Suwanda (1974)

Thursday, June 24, 2021

MINISAMAI LOWA DEVIYAN WANNE by Mohideen Baig | මිනිසාමයි ලොව දෙවියන් වන්නේ - මොහිදීන් බෙග්


 

෴෴෴ මිනිසාමයි ලොව දෙවියන් ෴෴෴ (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ) // (ඇසින් දුටු දේ බොරුවී නොයයි දෝ දෙකනින් ඇසූ දේ නොවේ) // මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ (එක කුස ඉපදීලා වෛරෙන් මත් වෙලා තම සොහොයුරා මරයි වස විස දීලා) // සැකය නිසා මේ... සැකය නිසා මේ දුරු වේ සාමේ ලොව ගිනි දැල්වේ මනු ලොව අපායක් මැවෙයි (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ) // (තන්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද අවසානයෙදී අර ගෙන යන්නේ) // ධර්ම රකින්නා... ධර්ම රකින්නා ධර්මෙන් රැකෙතී එය නොම දන්නා සසරෙහි මැරි මැරී තැවෙයි මිනිසාමයි ලොව ................ (මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ) // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීතය: එම්. කේ. රොක්සාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: ශ්‍රී පතුල (1978) Lyrics: Karunarathne Abeysekara Music: M. K. Rocksamy Artist: Mohideen Baig Film: Sri Pathula (1978)

SAKALA SATHAMA BODU BATHIYEN by Mohideen Baig | සකල සතම බොදු බැතියෙන් - මොහිදීන් බෙග්


 

෴෴෴ සකල සතම බොදු බැතියෙන් ෴෴෴ සකල සතම බොදු බැතියෙන් නමදින දුර හැර හැම භේදේ සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරි පාදේ සිරිපාදේ... සිරිපාදේ... හා..... සිරිපාදේ... සහන් සුවය බර සිතුවිළි පිබිදෙයි සුව දෙයි අරණෙ හිමව් නිවන් මඟට යන පහන් ටැඹක් බඳු බුදු සිරි පතුලෙ නමව් කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි (කරුණාවයි... කරුණාවයි... කරුණාවයි...) // සකල සතම බොදු බැතියෙන් නමදින දුර හැර හැම භේදේ උපන්න දා සිට කළ පව් දුරුවෙයි සිත යහ මගට නැමී නෙතින් පලක් නැත දැක වැඳ නො ගතොත් මුනි සිරි පතුලෙ සොමී කරුණාවයි කරුණාවයි සමන් දෙවිඳු කරුණාවයි (කරුණාවයි... කරුණාවයි... කරුණාවයි...) // සකල සතම බොදු බැතියෙන් නමදින දුර හැර හැම භේදේ සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරි පාදේ සිරිපාදේ... සිරිපාදේ... හා..... සිරිපාදේ... හා..... සිරිපාදේ... (කරුණාවයි... කරුණාවයි... කරුණාවයි...) /// පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීතය: එම්. කේ. රොක්සාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: ශ්‍රී පතුල (1978) Lyrics: Karunarathne Abeysekara Music: M. K. Rocksamy Artist: Mohideen Baig Film: Sri Pathula (1978)

MAL SUGANDE DAM SUGANDE by Sujatha Aththanayake with Mohideen Baig | මල් සුගන්දේ දම් සුගන්දේ


 ෴෴෴ මල් සුගන්දේ දම් සුගන්දේ ෴෴෴

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ... සම්මා සම්බුද්ධෝ... සම්මා සම්බුද්ධෝ... (මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා සම්බුදුන් සම්භාවනීයයි සාධු සාධු වන්දනා) // (මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි) // (රත්නමාලි සෑ රජුන්ගේ දෙව් බඹුන් පූජා ලබයි මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි) // මල් සුගන්දේ දම් සුගන්දේ ……………. (රැල් නගා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි සිංහලේ විස්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි) // (දා ගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යා වුණේ ගල් කුලින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ) // මල් සුගන්දේ දම් සුගන්දේ ……………. (මහා රජුන් තුන් සිංහලේ එහෙමයි එදා දස්කම් කළේ ඒ උතුම් දහමෙන් තමා ලේ මස් පවා විස්කම් කළේ) // (ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ සිව් මහා දෙවිදුන් රකීවී මේ අපේ බුදු ශාසනේ) // සිව් මහා දෙවිදුන් රකීවී මේ අපේ බුදු ශාසනේ /// පද රචනය: සංගීතය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: මොහිදීන් බෙග් සමග සුජාතා අත්තනායක චිත්‍රපටය: කිංකිණි පාද (1966) තනුව: “කා සෙ කුල් දුනියා හමාරී” ගීතය චිත්‍රපටය: චාන්දි කී දීවාර් (හින්දි) 1964 සංගීත නිර්මාණය: එන්. දත්ත Lyrics: Music: P. L. A. Somapala Artist: Mohideen Baig with Sujatha Aththanayake Film: Kinkini Pada (1966) Melody: “Ka Se Kul Duniya Hamaari” song Film: Chaandi KI Deewaar (Hindi) 1964 Music: N. Datta

DANNO BUDUNGE by Mohideen Baig | දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා - මොහිදීන් බෙග්


 

෴෴෴ දන්නෝ බුදුන්ගේ ෴෴෴ (දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා පේවී රකිති සොඳ සීලේ නිබන්දා) // (ක්ලේෂ නස්නා භික්ෂු ඇත්තේය බොහොසේ) // රහතුන් නිවසනා පායා ප්‍රකාශේ දන්නෝ බුදුන්ගේ ................ (භූ ලෝ මතෙ මේ දෙව් ලෝ පෑවා සේ පේනා මෙපුර මුණි සාසන වාසේ) // (ඉර්දියෙන් යන්නා වු නෙක් රහතුන් ගේ) // සෙවනැල්ලෙනි හිරු රශ්මිය භංගේ දන්නෝ බුදුන්ගේ ................ (මානෙල් නෙළුම් හා ඕළු පුෂ්පාදී ඇත්තේ පොකුණුවල බොහො ජල පෑදී) // (සේරුද පන්තී පන්ති පීනති බොහොසේ) // අනුරාධ නගරය දැන් පෙනෙනා සේ දන්නෝ බුදුන්ගේ ................// ගායනය: මොහිදීන් බෙග් (මුල් ගීතය සිරි සඟබෝ නාට්‍යය ඇසුරිනි)

RADHA KRISHNA SE HINDIMU PEMIN by Mohideen Baig with Anjeline Gunathilake | රාධා ක්‍රිෂ්ණා සේ


 

෴෴෴ රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් ෴෴෴ රාධා ක්‍රිෂ්ණා සේ රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් දෑසේ ප්‍රේමශිඛා දැල්වේ ඉතින් රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් (ප්‍රේම කතාවේ ලියවේ සදා ඈ මා වින්දා වේදනා) // නෑසේවා ආයේ ඉතින් නම් සසර පුරා නෑසේවා දුක් වේදනා ආයේ ඉතින් නම් සසර පුරා නෑ වේදනා රාධා ක්‍රිෂ්ණා සේ රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් දෑසේ ප්‍රේමශිඛා දැල්වේ ඉතින් රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් (මතකයි පෙර දා ඔබගේ සෙනේ හින්දා ලං වූ වේදනා) // නෑසේවා ආයේ ඉතින් නම් සසර පුරා නෑසේවා දුක් වේදනා ආයේ ඉතින් නම් සසර පුරා නෑ වේදනා රාධා ක්‍රිෂ්ණා සේ රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් දෑසේ ප්‍රෙමශිඛා දැල්වේ ඉතින් රාධා ක්‍රිෂ්ණා සේ හිඳිමූ පෙමින් පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක Lyrics: Music: Artist: Mohideen Baig with Anjeline Gunathilake

Wednesday, June 23, 2021

SORA GATHTHU KEJU KAELLAK by M. S. Fernando | සොරා ගත්තු කේජු කෑල්ලක් - එම්. එස්. ප්‍රනාන්දු


 

෴෴෴ සොරා ගත්තු කේජු කෑල්ලක් ෴෴෴ සොරා ගත්තු කේජු කෑල්ලක් කටේ තියන් කපුටෙක් ගොස් කැලේ ගහක වැහුව සන්තොසින් කපටි රජා නරියා ගහ මුල හිටිය බලන් කපුටව රවටන්නම් කේජු කෑල්ල ගන්නම් සොරා ගත්තු කේජු ................. මේ බලන්න මේ පක්ෂිය හරිම ලස්සණයි අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි රවුම් ඔළුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි කකුල් දෙකයි ලස්සණ හොට රන් පරාද වෙයි ඔබගේ රූපය මේ තරමට ලස්සණ නම් කට හඬ මිහිරියි කියාල කිය යුතුද ඉතින් ලස්සණ කට හඬ මට අහ ගන්න ලැබුණොතින් මේ ලොව ඇති එකම පින්වතා විය හැකි මං අනේ මෙන්න පින් ඇති ලක්ෂණ පක්ෂියා ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා ඔය දිළිසෙන කට හැර එක වචනයක් කියා මා සනසනු මැන ආදරණීය මිත්‍රයා නරිය කපටි බව කපුටා දැනගෙන හිටියා හොටේ තිබෙන කේජු කෑල්ල අත්ත උඩ තියා කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා කීප විටක් නාද කෙරුව කාක් කාක් කියා දෙන්න දෙයක් නැහැ මගෙ වරුණාව කිව්වට පුරාණෙ හිටි කාක්කො රැවටුනේ ඔව්වට ලැජ්ජ හිතිල වගෙයි අනේ කරල විහිළුවක් මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක් සොරා ගත්තු කේජු ................. පද රචනය: සංගීත නිර්මාණය: ආර්. ඒ. චන්ද්‍රෙස්න ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Music: R. A. Chandrasena Artist: M. S. Fernando

Tuesday, June 22, 2021

NIRATHURU MAMA OBA by Milton Mallawarachchi | නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි - මිල්ටන් මල්ලවාරච්චි



 ෴෴෴ නිරතුරු මම ඔබ ෴෴෴

නිරතුරු මම ඔබ ගැනම සිතන්නෙමි එනමුදු එය වරදක් බව දන්නෙමි පෙම් නොකරන්නට සිතුවද ඔබ වෙත සෙනෙහස ලියලයි නොදැනිම හද මැද මදහස දුන්නද දකින වෙලේ ඔබ මෙහි එන බව සිතිය නොහේ කළ යුතු කිසිවක් සිතට නො ඒ මගෙ සිතිවිලි එක තැනක නොවේ නිරතුරු මම ඔබ ................ දෙදෙනා සැනසුම ලැබිය යුතුයි දිවි ඇති තුරු ලඟ සිටිය යුතුයි අප එක සෙවනක විසිය යුතුයි නැත නැත අප එක් නොවිය යුතුයි නිරතුරු මම ඔබ ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Clarence Wijewardane Artist: Milton Mallawarachchi

Friday, June 18, 2021

NEELA GOYAM RALLE by Anjeline Gunathilake | නීල ගොයම් රැල්ලේ - ඇන්ජලීන් ගුණතිලක


 

෴෴෴ නීල ගොයම් රැල්ලේ ෴෴෴ නීල ගොයම් රැල්ලේ පාවෙලා ඈත සිසිල් සුවඳේ හා වෙලා රෑට පැලේ තනිවී ගී ගයා උදේ මා බලන්නට එනවා දෝ ඔයා නීල ගොයම් ................ (ඈත පුරා අස්වනු පීදුනා කෙත සාර වීය මාගෙ පිනෙන් නෑවිලා) // ලබන මහේ එක පැලකට වෙලා ඉඳිමූ සතුටින් මිහිරේ සැනසිලා නීල ගොයම් ................ (මිහිරි රසින් දහවල බත උයා හැමදාම ගේනවා කුඹුරට හිස තියා) // කිරල ගහේ හෙවනට ලං වෙලා ඉඳිමී මිහිරේ ඔබ එන තුරු බලා නීල ගොයම් ................// පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය: වික්ටර් දළුගම ගායනය: ඇන්ජලීන් ගුණතිලක Lyrics: Premakeerthi De Alwis Music: Victor Dalugama Artist: Anjeline Gunathilake

Thursday, June 17, 2021

KO SAPATHA ME SANSARE (MAYA) by Mohideen Baig | කෝ සැපතා මේ සංසාරේ (මායා) - මොහිදීන් බෙග්


 

෴෴෴ කෝ සැපතා මේ සංසාරේ (මායා) ෴෴෴ මායා... මායා... මායා... මායා... කෝ සැපතා මේ සංසාරේ දුක කෙළවර වේ නිර්වාණේ - දුක කෙළවර වේ නිර්වාණේ රාග ද්වේෂ මෝහාන්ධකාරේ ගිලිලා සෝක සදාවී අඳුරෙ සැමදා ජීවිත මායා කඳුලේනී නැසී යාවී පාපේ ගැලිලා වැනසේවී හෝ... භව දුක සදනා රූපෙට රැවටී කිමද ආලෙ කළේ මේ - මායා කිමද ආලෙ කළේ මේ - මායා හෝ... කිමද ආලෙ කළේ මේ කෝ සැපතා මේ සංසාරේ දුක කෙළවර වේ නිර්වාණේ - දුක කෙළවර වේ නිර්වාණේ ආලෙ නිසා සැමදා දුක විඳිනා ලෝක සතා සංසාරේ වේදනාව දුක වේදනාව විඳ නැසෙති මේ පව් ලෝකේ ඒ සාර සැපේ නිර්වාණේ හෝ... රාගය වනසා ප්‍රීතිය සදනා ශාන්තිය දේ සැම කාලේ කෝ සැපතා මේ සංසාරේ ආ... මායා... මායා... මායා... පද රචනය: හර්බට් එම්. සෙනෙවිරත්න සංගීතය: එස්. එස්. වේදා ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: කැලෑ හඳ (1953) තනුව: “ඕ දුනියා කේ රක්වාලේ” ගීතය චිත්‍රපටය: බයිජු බව්රා (හින්දි) 1952 සංගීත නිර්මාණය: නෞෂාද් Lyrics: Herbert M. Senevirathne Music: S. S. Veda Artist: Mohideen Baig Film: Kalae Handa (1953) Melody: “O Duniya Ke Rakhwale” song Film: Baiju Bawra (Hindi) 1952 Music: Naushad

Wednesday, June 16, 2021

LABANNA BARI SUWA SAHANAYA (Original) by Milton Mallawarachchi | ලබන්න බැරි සුව සහනය


 

෴෴෴ ලබන්න බැරි සුව සහනය ෴෴෴ ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ (හෙට ද දවසකි හෙට මේ ලෙසම හිරු නැගේ නොයනු මැන ප්‍රියේ පොදි බැඳ තිළිණ ඔබ මගේ) // ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ (සිසිලෙ උණුසුමේ මම ඔබ ලඟ සිටින්නෙමී විසිර ගිය කුසුම් පෙති දෝතට අරන් එමී) // ලබන්න බැරි සුව සහනය සිතිනි ලබන්නේ විඳින්න හැකි මිහිරි සුවඳ පමණි විඳින්නේ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Tuesday, June 15, 2021

NIYARE PIYA NAGALA by Saman De Silva | නියරේ පිය නගලා - සමන් ද සිල්වා | Saman De Silva


 

෴෴෴ නියරේ පිය නගලා ෴෴෴ නියරේ පිය නගලා මැණිකේ ඔබ දුර එනවා දැකලා වෙහෙස නිවී (සිත පිරුණා හද සෙනෙහස දැනුනා) // රන් ගොයම් කරල් පීදෙන ඔබේ දෙස නැමේ රන් රුවක් වගේ ඈතින් ඔබේ රුව මැවේ ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා................. සුදු අතින් උයා මා වෙත ඇඹුල ගෙන ඔයා සෑම දා මෙසේ එනු මැන මල් සිනා සලා ආදරේ දැනී මා හද සෝ සුසුම් නිවේ වාසනාව පා වෙලා ගියා නියරේ පිය නගලා................. සිත පිරුණා හද සෙනෙහස දැනුනා /// පද රචනය : වර්නන් පෙරේරා සංගීත නිර්මාණය : නිමල් ඩයස් සමග සමන් ද සිල්වා ගායනය : සමන් ද සිල්වා Lyrics : Vernon Perera Music : Nimal Dias with Saman De Silva Artist : Saman De Silva

RAN ETHANA SUDUMA SUDUI by M S Fernando | රන් එතනා සුදුම සුදුයි - එම්. එස්. ප්‍රනාන්දු


 

෴෴෴ රන් එතනා සුදුම සුදුයි ෴෴෴ රන් එතනා සුදුම සුදුයි කළු එතනා තල එළලුයි මේ දෙදෙනා තව කැකුළුයි මා දැක්කම හරි මුකුළුයි රන් එතනා සුදුම සුදුයි ................ රන් එතනා කළු එතනට වැඩිය රුවයි මට හිතෙනව කළු එතනා රන් එතනට වැඩිය රුවයි යලි හිතෙනව දෙදෙනම එක වාගෙ රුවයි කියාල මට දැන් හිතෙනව මේ පැත්තෙන් යන එන කොට මගේ දෙපා පටලැවෙනව මගේ දෙපා පටලැවෙනව රන් එතනා සුදුම සුදුයි ................ රන් එතනා හිනා වුණොත් කළු එතනා කෝප වෙනව කළු එතනා හිනා වුණොත් රන් එතනා කෝප වෙනව අහක බලන් යන්න ගියොත් මේ දෙදෙනම තරහ වෙනව මමත් මෙහෙන් යනව එනව මේ දෙදෙනත් මග ඉන්නව මේ දෙදෙනත් මග ඉන්නව රන් එතනා සුදුම සුදුයි ................ දිනක් සවස මම එනකොට සෙනග පිරිල කෑ ගහනව රන් එතනයි කළු එතනයි දෙවට අයිනෙ පොර බදනව එදා ගමෙන් පිටවුණ මම අද වන තුරු මෙහෙ ඉන්නව රන් එතනයි කළු එතනයි තාමත් එහෙ සණ්ඩු වෙනව තාමත් එහෙ සණ්ඩු වෙනව රන් එතනා සුදුම සුදුයි ................ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: එම්. එස්. ප්‍රනාන්දු Lyrics: Music: Artist: M. S. Fernando

Monday, June 14, 2021

SAKVITHI RAJAWARU LOKE by Mohideen Baig | සක්විති රජවරු ලෝකේ - මොහිදීන් බෙග්


 

෴෴෴ සක්විති රජවරු ලෝකේ ෴෴෴ සක්විති රජවරු ලෝකේ පෙර වින්දෝ නින්දා සෝකේ දුක සැප සත හට පොදු වේ එය එක මඟකට එන අතු වේ සක්විති රජවරු ලෝකේ (අවහිර බාධක හමුවේ ලොව කවුරුද කඳුළෙන් දිනුවේ) // රළ ගෙඩි වෙරලට එනවා යලි සයුරට පෙරලා යනවා සක්විති රජවරු …………... සක්විති රජවරු ලෝකේ (හීසැර මල්සර ලෙසිනේ පිළිගනු මැන හිනැහී ළඳුනේ) // ගරහන එක මනු සිරිතයි තව ඉවසනු සැනසුම නියතයි සක්විති රජවරු ……………. සක්විති රජවරු ලෝකේ පද රචනය: සංගීත නිර්මාණය: ගායනය: මොහිදීන් බෙග් Lyrics: Music: Artist: Mohideen Baig

Saturday, June 12, 2021

MAL HINA NAGANNA by Anjeline Gunathilake | මල් හිනා නගන්න - ඇන්ජලීන් ගුණතිලක


 

෴෴෴ මල් හිනා නගන්න ෴෴෴ (මල් හිනා නගන්න සුසුදු ආදරේ ලං වුණා වසන්ත කාලෙ ජීවයේ) // ආදරේ (ගයන ගයන ගීතයේ වයන වයන තාලයේ) // මහද ඔබට මධුර තතකි මිහිරි අමොද ජීවිතේ මල් හිනා නගන්න ................ (බලන බලන බැල්මෙනී නගන නගන කැල්මෙනී) // මහද විමන ඔබට පවන කරමි අඳුරු ජීවිතේ මල් හිනා නගන්න ................ (පිපෙන පිපෙන මල් ලතා කියන කියන පෙම් කතා) // අපගෙ මිහිරි මතක සිහින සැබෑ කරයි ආදරේ මල් හිනා නගන්න ................ පද රචනය: ලලිත් එස්. මෛත්‍රිපාල සංගීත නිර්මාණය: වික්ටර් දළුගම ගායනය: ඇන්ජලීන් ගුණතිලක Lyrics: Lalith S. Maithripala Music: Victor Dalugama Artist: Anjeline Gunathilake

Friday, June 11, 2021

INDUMATHI HA BINDUMATHI by Milton Mallawarachchi | ඉන්දුමතී හා බින්දුමතී - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ ඉන්දුමතී හා බින්දුමතී ෴෴෴ ඉන්දුමතී හා බින්දුමතී දෙදෙනා මා පතයි මේ දෙදෙනාමත් මට හැමදාමත් එක වගෙ තාමත් ආදරෙයි නොසිතූ සේ දෙදෙනෙක් එදා හමුවීලා වෙන් වී ගියා ලතවීලා දෙහිතක් නිසා තනි වූවා මතකයි සදා පෙර දා කඳුළේ ගිලී තනිවීලා සිටි කාලෙ දී අත පෑයේ මා හා බැඳී ඇගෙ දෑතේ සිහිලෙන් මිදී මා එයිදෝ ඔබ හා ඇදී කිසි දා ඉන්දුමතී ඉන්දුමතී හා බින්දුමතී ................ පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Premakeerthi De Alwis Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi

Wednesday, June 9, 2021

MAGA HINGANA KOTATH by Mohideen Baig & Chorus | මග හිඟනකොටත් උණු උණු බත් - මොහිදීන් බෙග් ඇතුළු පිරිස


 

෴෴෴ මග හිඟනකොටත් උණු උණු බත් ෴෴෴ මග හිඟන කොටාත් මග හිඟනකොටත් උණු උණු බත් කන්න ලැබෙනවා උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා උදේ වැහැපු දැන් හවසට හඳ පායනවා මග හිඟන කොටාත්................ මහ බඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා මහ බඹා කෙටුව මහ බඹා කෙටුව හැටි කියන්න බැරිය සොයාලා (කව්ද දන්නෙ හෙට මොනවද වෙන්නෙ කියාලා) // (රැයයි දවාලයි ගෙවන්නෙ මගදි මාවතේ) // (හෙටයි කියා දවසක් නෑ අපේ ජීවිතේ) // මග හිඟන කොටාත්................ ඇයි දන්න අපට බොරු මොකටද ගොතල කියන්නේ ඇයි දන්න අපට ඇයි දන්න අපට බොරු මොකටද ගොතල කියන්නේ (පැදුරෙ ඉඳල අපි කොහොමද බිමට වැටන්නේ) // (නොකඩ දාදුවත් මල්ලී දිනුමට පෙරලේ) // (කාලය හොඳ නම් බඹරේ කැරකෙයි වැල්ලේ) // මග හිඟන කොටාත්................ මග හිඟන කොටාත් පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීතය: ආර්. මුත්තුසාමි ගායනය: මොහිදීන් බෙග්, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, සී. ටී. ප්‍රනාන්දු ඇතුළු පිරිස චිත්‍රපටය: චන්ඩියා (1965) Lyrics: Karunarathne Abeysekara Music: R. Muththusamy Artist: Mohideen Baig, Christy Leonard Perera, C.T. Fernando & Chorus Film: Chandiya (1965)

Tuesday, June 8, 2021

KAWADA HO SASARA KATHARA by Anjeline Gunathilake | කවදා හෝ සසර කතර - ඇන්ජලීන් ගුණතිලක


 

෴෴෴ කවදා හෝ සසර කතර ෴෴෴ කවදා හෝ සසර කතර අතරමගක දී දුටුවා ඔබ මට අමතක නොවන තැනක දී එතැන් පටන් මම එමි සෙවනැල්ල නියා වේ කියන්න බෑ මහිමය මා බැන්ද දයාවේ කවදා හෝ සසර කතර අතරමගක දී (මිදුලෙහි ඇති ආලෝකය නිවසට එන්න) // සුදු ඔබගේ දෑතට මගෙ දෑතම දෙන්න (මිදී දුකින් රස බලන්න සිතමි මීවිතේ) // රිදී ඉරකි ඔබ මාගේ අඳුරු ජීවිතේ අඳුරු ජීවිතේ කවදා හෝ සසර කතර ................ කවදා හෝ සසර කතර අතරමගක දී (පවසනු බැරි නම් ඉදිරියෙ කරුණු ඹබෙ හිතේ) // මට පණිවිඩ එවනු මැනවි කුරුල්ලෙකු අතේ (දුකයි සැපයි ජයයි පරාජය සැම මැද්දෙන්) // ඔබෙයි මගෙයි අඳුරු ලොවට සඳ පායද්දෙන් සඳ පායද්දෙන් කවදා හෝ සසර කතර ................ කවදා හෝ සසර කතර අතරමගක දී පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ප්‍රේමසිරි කේමදාස ගායනය: ඇන්ජලීන් ගුණතිලක Lyrics: Karunarathne Abeysekara Music: Premasiri Kemadasa Artist: Anjeline Gunathilake

ADARA HADA MALA PIPUNA by H R Jothipala with Irene De Alwis | ආදර හද මල පිපුනා - එච්. ආර්. ජෝතිපාල


 

෴෴෴ ආදර හද මල පිපුනා ෴෴෴ ආදර හද මල පිපුනා මේ මධු සඳපානේ ඔබෙ හද මීවිත රඳනා රසය කලතා දෙන්න ඕනේ ආදර හද මල පිපුනා ................// (දෑසේ සිනා වී තෙරපී කියනා කතාවේ යමුනා නදී තීරේ පෙම් ගී උදා වේ) // සුව බර උකුලත හිඳුවා හැම මොහොතක් ගානේ ඔබෙ හද මීවිත රඳනා රසය කලතා දෙන්න ඕනේ (ඇදී ආමි දිය පාරක් සේ ඔබේ අඩි පාරේ රිදී ඉරකි ඔබ ජීවිතයේ මැකූ අන්ධකාරේ) // සුව බර උකුලත හිඳුවා හැම මොහොතක් ගානේ ඔබෙ හද මීවිත රඳනා රසය කලතා දෙන්න ඕනේ ආදර හද මල පිපුනා ................ ඔබෙ හද මීවිත රඳනා රසය කලතා දෙන්න ඕනේ /// පද රචනය: සංගීතය: ගායනය: එච්. ආර්. ජෝතිපාල සමග අයිරීන් ද අල්විස් තනුව: “සාවන් කා මහීනා පාවන් කරෙ සෝර්” ගීතය චිත්‍රපටය: මිලන් (හින්දි) 1967 සංගීත නිර්මාණය: ලක්ෂ්මිකාන්ත් ප්‍යාරේලාල් Lyrics: Music: Artist: H.R. Jothipala with Irene De Alwis Melody: “Sawan Ka Mahina Pawan Kare Sor” song Film: Milan (Hindi) 1967 Music: Laxmikant Pyarelal

Monday, June 7, 2021

RANDANNA BAHANE (Original) by Milton Mallawarachchi | රඳන්න බැහැනේ - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ රඳන්න බැහැනේ ෴෴෴ රඳන්න බැහැනේ නෙළුම් කොළේ දිය රඳන්න බැහැනේ සිතන්න බැහැනේ මා තනි වේ යයි සිතන්න බැහැනේ කදුළු සලන්නෝ සුසුම් හෙලන්නෝ පලා ගියාවේ ඒ අය කවදා කොහෙදී හෝ හති වැටී රැඳේවී රඳන්න බැහැනේ ................ මල් හඳුනන්නෝ රොන් ගෙන එන්නෝ හඬා වැටේදෝ පර වූ කුසුමන් දුටුවද බඹරුන් හඬා වැටේදෝ රඳන්න බැහැනේ ................ පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K. Dharmawardane Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Saturday, June 5, 2021

PREMAPANI SIRI DEWADONI by Punsiri Zoysa | ප්‍රේමපානී සිරි දේවදෝණී - පුන්සිරි සොයිසා


 

෴෴෴ ප්‍රේමපානී සිරි දේව දෝණී ෴෴෴ ප්‍රේමපානී සිරි දේව දෝණී ප්‍රේමපානී සිරි දේව දෝණී හද හඬවාල රිදවාල වෙන් වී ගියා දෝ වෙන් වී ගියා දෝ ප්‍රේමපානී සිරි දේව දෝණී (මගෙ ජීවන අරණට ගෙන ආ සුවේ සුන් කරදා ඇයි මා හැරදා ගියේ) // මාගෙ පෙම්වන්තියේ මට පිටුපා ගියේ මා හදේහී ඇයි මේ කඳුළක් වුණේ ප්‍රේමපානී ................ ප්‍රේමපානී සිරි දේව දෝණී (පෙර ජාතිත් දෙදෙනා හමු වෙන්නැතී ඒ භවයෙත් මෙලෙසින් සමු ගන්නැතී) // ආයෙ ලං වෙන්නෙ නෑ පෙම්වතුන් වෙන්නෙ නෑ ජාති ජාතී යලිත් ඔබව හමු වෙන්නෙ නෑ ප්‍රේමපානී ................ ප්‍රේමපානී සිරි දේව දෝණී පද රචනය: අජන්තා රණසිංහ ගායනය: පුන්සිරි සොයිසා තනුව: Lyrics: Ajantha Ranasinghe Artist: Punsiri Zoysa Melody:

Friday, June 4, 2021

JEEWANAYE MAL PIPUNA by Mohideen Baig | ජීවනයේ මල් පිපුනා - මොහිදීන් බෙග්


 

෴෴෴ ජීවනයේ මල් පිපුනා ෴෴෴ ජීවනයේ මල් පිපුනා මේ සතර දිගන්තේ රණ මොණරිය රඟ දේවී ප්‍රේම මධුර වසන්තේ ජීවනයේ මල් පිපුනා ................ සෝකී වළා පෙල අහසේ ඈතට පාවේ සාගර රළ රැලි පෙරලී වෙරළට හාවේ ඔබෙ මධු ගීතය පැටලී එයි සුළඟට සීතේ රණ මොණරිය රඟ දේවී ප්‍රේම මධුර වසන්තේ ජීවනයේ මල් පිපුනා ................ සඳ සේ ලැඟුම් ගෙන හිඳිමී ඔබෙ හද අඹරේ සුවය සිසිළ සොයමී නෙත් ගං ඉව්රේ ඔබෙ මධු ගීතය පැටලී එයි සුළඟට සීතේ රණ මොණරිය රඟ දේවී ප්‍රේම මධුර වසන්තේ ජීවනයේ මල් පිපුනා ................ පද රචනය: සංගීතය: ගායනය: මොහිදීන් බෙග් තනුව: “සාවන් කා මහීනා පාවන් කරෙ සෝර්” ගීතය චිත්‍රපටය: මිලන් (හින්දි) 1967 සංගීත නිර්මාණය: ලක්ෂ්මිකාන්ත් ප්‍යාරේලාල් Lyrics: Music: Artist: Mohideen Baig Melody: “Sawan Ka Mahina Pawan Kare Sor” song Film: Milan (Hindi) 1967 Music: Laxmikant Pyarelal

Thursday, June 3, 2021

RAE CHARIKA ME GEETHIKA (Original) by Milton Mallawarachchi | රෑ චාරිකා මේ ගීතිකා


 

෴෴෴ රෑ චාරිකා මේ ගීතිකා ෴෴෴ රෑ චාරිකා මේ ගීතිකා මල් මාරුතේ රන් සිහිනයයි සඳ කින්නරාවෝ සඳ විල් තටාකේ අනුරාව දල්වනා මේ යාමයේ නීලංගනේ රෑ හොරෙන් අත්වැල් බැඳන් පියඹමූ අඩවන් නුවන් පා ඈ මා සමීපේ උණුසුම් පෙමින් වෙලී හිඳිනා වෙලේ පියපත් මවා පෙම් හැඟුම් පියඹයි අපේ විජිතයේ රෑ චාරිකා ............... පද රචනය: අජන්තා රණසිංහ සංගීත නිර්මාණය: ස්ටැන්ලි පීරිස් ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Ajantha Ranasinghe Music: Stanley Peiris Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Wednesday, June 2, 2021

MULU WANAYAMA ANDURUI SWAMI by Mohideen Baig with Anjeline Gunathilake | මුළු වනයම අඳුරුයි ස්වාමී


 

෴෴෴ මුළු වනයම අඳුරුයි ස්වාමී ෴෴෴ මුළු වනයම අඳුරුයි ස්වාමී කෝ දරුවෝ රජ දේවි ඔබගෙ වැළපේවී - රජ දේවි ඔබගෙ වැළපේවී මුළු වනයම අඳුරුයි ස්වාමී කෝ දරුවෝ රජ දේවි ඔබගෙ වැළපේවී - රජ දේවි ඔබගෙ වැළපේවී මගෙ හුරතල් පොඩිවුන් දෙන්නා කව්රුන්දෝ රැගෙන ගියේ හිමියන් නිසලයි මා දැන් සසලයි කාගේ සරණදෝ අනේ කාගේ සරණ දෝ මුළු වනයම අඳුරුයි ස්වාමී කෝ දරුවෝ රජ දේවි ඔබගෙ වැළපේවී - රජ දේවි ඔබගෙ වැළපේවී දම් පාරමිතාවන් ලෙසිනා - දූ දරුවෝ මා ජූජක බමුණට දුන්නා - මා ජූජක බමුණට දුන්නා ඒ හුරතල් පොඩි හිත් රිදිලා දුක් කඳුළින් ඇස් පිරුණා ඈත ගියත් යළි පසුපස බැලුවා අම්මා කෝ කියා හඬා අම්මා කෝ කියා වැළපෙන්න එපා මගෙ දේවී සෝ ගින්නේ පින්වන්ත නොවෙද දරු දෙන්නා - පින්වන්ත නොවෙද දරු දෙන්නා වැළපෙන්නෙමි දැන් ඔබෙ දේවී හිමි කඳුලේ පින්වන්ත අපේ දරු දෙන්නා - ඔබෙ අරමුණ ඉටු වෙයි ස්වාමී. පද රචනය: ස්වර්ණදාස හේරත් සංගීතය: ගායනය: මොහිදීන් බෙග් සමග ඇන්ජලීන් ගුණතිලක

Monday, May 31, 2021

NIL MEENA NETH YUGIN by Punsiri Zoysa | නිල් මීන නෙත් යුගින් - පුන්සිරි සොයිසා


 

෴෴෴ නිල් මීන නෙත් යුගින් ෴෴෴ නිල් මීන නෙත් යුගින් කියන්නෙ ආදරේද මේ ලංවීල ආදරෙයි කියන්නෙ නැත්තෙ ඇයි අනේ පවසන්න ආදරෙයිද ඔයා ඔබ ඉන්නෙ කොහෙද කාගෙ කවුද යන්නෙ කොයිබ දෝ පවසන්නකෝ ඉතින් දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ මම තාම නැහැනෙ කාටවත්ම ආදරෙයි කියා නිල් මීන නෙත් යුගින් කියන්නෙ ආදරේද මේ පවසන්න ආදරෙයිද ඔයා මගෙ සිහින ලෝකෙ සැරි සරන්නෙ ඔබ තමයි ප්‍රියේ ඔය දෑස දෙන්න බෑ කියන්නෙ ඇයිද මිහිරියේ කියන්නෙ ඇයිද මිහිරියේ කියන්නෙ ඇයිද මිහිරියේ හිමිදිරි උදේ කුසුම් පිපෙන්න මේ නිසා නොවේ මේ මල් පිපෙන්නෙ ඔබ නිසානෙ අප්සරාවියේ පවසන්න ආදරෙයිද ඔයා ඔබ ඉන්නෙ කොහෙද කාගෙ කවුද යන්නෙ කොයිබ දෝ පවසන්නකෝ ඉතින් දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ දෑත අයිති කාට දෝ මම තාම නැහැනෙ කාටවත්ම ආදරෙයි කියා නිල් මීන නෙත් යුගින් කියන්නෙ ආදරේද මේ ලංවීල ආදරෙයි කියන්නෙ නැත්තෙ ඇයි අනේ පද රචනය: ගායනය: පුන්සිරි සොයිසා තනුව: “මේ සින්දගී කා සාත් නිබාතා චලා ගයා” ගීතය චිත්‍රපටය: හම් දෝනෝ (හින්දි) - 1961 සංගීත නිර්මාණය: ජයිදේව් Lyrics: Artist: Punsiri Zoysa Melody: “Main Zindagi Ka Saath Nibhata Chala Gaya” song Film: Hum Dono (Hindi) – 1961 Music: Jaidev

Sunday, May 30, 2021

AWA ADAREN RAN KALUM DIDI (Original) Milton Mallawarachchi | ආවා ආදරෙන් රන් කැළුම් දිදී


 

෴෴෴ ආවා ආදරෙන් රන් කැළුම් දිදී ෴෴෴ ආවා ආදරෙන් රන් කැළුම් දිදී ආවා ආදරෙන් රන් කැළුම් දිදී සඳ පිරිලා නැගුනා සේ මාගේ ජීවන අම්බරේ තරු වැහැලා දිළුනා සේ මාගේ ජීවන අම්බරේ මා සිතූ පෙර මා පැතූ පැතුමන් ලෙසේ ආවා ආදරෙන් රන් කැළුම් දිදී මල් පොපියා පිපුනා සේ පාළු මා හද විල් තලේ රණ තිසරා සරනා සේ පාළු මා හද විල් තලේ ආ දිනේ ඔබ ආ දිනේ මතකයි ළඳේ ආවා ආදරෙන් රන් කැළුම් දිදී ආවා ආදරෙන් රන් කැළුම් දිදී පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi (ගීතය ලබා දුන් මංගල ප්‍රසාද් ද සිල්වා මිතුරාට මගේ ප්‍රණාමය.)

Saturday, May 29, 2021

DEVIYANI OBA MAW LOWA PUDUMAI by Mohideen Baig | දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි - මොහිදීන් බෙග්


 
෴෴෴ දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි ෴෴෴ දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි පහන ලඟයි ආලෝකෙ දුරයි (දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි) // සඳට ආස කරනා කුරුල්ලා ඉන්නෙ වනේ කැදැල්ලේ සිත ගත් හැම දර්ශනයම ලෝකේ ඇයි ඈතින් ඔබ මැව්වේ ඒකද යුක්ති ධර්මෙ මහා මේකද යුක්ති ධර්මෙ මහා පහන ලඟයි ආලෝකෙ දුරයි දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි පහන ලඟයි ආලෝකෙ දුරයි වනයේ ගස්වල මල් කොළ සේරම එහි නොතබා බිම හෙලුවේ ඔබ දුන් සේරම යලි ඔබ අරගෙන ලෝකෙට ඇයි දුක දුන්නේ ඔබ දුන් දේ යලි ඔබ ගත්තේ ඔබ දුන් දේ යලි ඔබ ගත්තේ පහන ලඟයි ආලෝකෙ දුරයි දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි (පහන ලඟයි ආලෝකෙ දුරයි) /// පද රචනය: හර්බට් එම්. සෙනෙවිරත්න සංගීත නිර්මාණය: පී. එල්. ඒ. සෝමපාල ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: මගේ පුතා (1961) සිංහල දෙබස් කැවූ හින්දි චිත්‍රපටයකි Lyrics: Herbert M. Senevirathne Music: P. L. A. Somapala Artist: Mohideen Baig Film: Mage Putha (1961) Sinhala Dubbed Hindi Film.



Friday, May 28, 2021

NINDA PRASHANSAWA MINISATAMAI by Mohideen Baig | නින්දා ප්‍රශංසාව මිනිසාටමයි - මොහිදීන් බෙග්



 ෴෴෴ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි ෴෴෴ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි නින්දා ප්‍රශංසාව මිනිසාටමයි සාදන්නෙ බිඳලන්නෙ දෛවේ තමයි නින්දා ප්‍රශංසාව මිනිසාටමයි සංසාර ගමනේදි මේ ලෝ තලේ කවදා ද කව්රුන් ද බාධා කළේ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි ඉවසීම නොමැතිව ඉක්මන් වුණේ හාසේහි දෝසේ අදයි තේරුනේ නින්දා ප්‍රශංසාව මිනිසාටමයි නිස්සාර අස්තීර මේ ජීවිතේ තණ්හාව ඊර්ෂ්‍යාව දිනුවේ නැතේ ගිය හින්ද මග වැරදි සැපත සොයා ජීවිතයෙ ආලෝකෙ නැතිවී ගියා නැතිවී ගියා නින්දා ප්‍රශංසාව මිනිසාටමයි සැප ඇත්තෙ අවසානෙ නිවනේ අමා තුන් ලෝක ගුරු බුද්ධ ධර්මේ තමා බුද්ධ ධර්මේ තමා බුද්ධ ධර්මේ තමා පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ප්‍රේමසිරි කේමදාස ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: සැපත සොයා (1965) Lyrics: Karunarathne Abeysekara Music: Premasiri Kemadasa Artist: Mohideen Baig Film: Sapatha Soya (1965)


Thursday, May 27, 2021

THANIYAMA ENA API THANIYAMA YANNEMU by Mohideen Baig | තනියම එන අපි තනියම යන්නෙමු - මොහිදීන් බෙග්



 ෴෴ තනියම එන අපි තනියම යන්නෙමු ෴෴

(තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ) // කොපමණ තිබුණත් කළ හොඳ නරකයි - යන කල ගෙනියන්නේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ (සටනට වැදුනේ ලේ සෙලවූයේ - අපමණ දිවි නැසුවේ) // මිතුරන් නැති විය සතුරන් ඇති විය- මොනවද ඔබ ලැබුවේ මොනවද ඔබ ලැබුවේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ (පුතු සැනසෙව්වද බිරිඳට සැනසුම - දුන්නද සැමියෙකු සේ) // ජීවිතයම ඔබෙ ඔබට බරක් විය - තනිවුණි මෙලොව කුසේ තනිවුණි මෙලොව කුසේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ (එකම හදක් ඔබ සතුටු කළෙහි නම් - ඉන් ඇත හිතට සුවේ) // එහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත් - නිදහස නොමැත ලොවේ නිදහස නොමැත ලොවේ (තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ) // කොපමණ තිබුණත් කළ හොඳ නරකයි - යන කල ගෙනියන්නේ තනියම එන අපි තනියම යන්නෙමු - නැත මෙහි නවතින්නේ පද රචනය: සංගීත නිර්මාණය: ආර්. මුත්තුසාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: සූර චෞරයා (1967) Lyrics: Music: R. Muththusamy Artist: Mohideen Baig Film: Soora Chawraya (1967)

Wednesday, May 26, 2021

KAWDA ME LOKE by Mohideen Baig | කව්ද මේ ලෝකේ මරුව පැරදූවේ - මොහිදීන් බෙග්


 

෴෴෴ කව්ද මේ ලෝකේ මරුව පැරදූවේ ෴෴෴ කව්ද මේ ලෝකේ මරුව පැරදූවේ පහන අද නිවුණා අඳුරෙ හැම දාලා රුදුරු ගිනි දීලා කව්ද මේ ලෝකේ ................. කව්ද මේ ලෝකේ (මවට මවක් සේ පියා කෙනෙක් සේ දහ දුක විඳි නිතිනා) // කවල පොවලා පාසල් යවලා හරි මග පෙන්වමිනා හැදු අම්මාගෙන් නේ අද දනවා ඇයිද පුදා ජීවේ පුදා ජීවේ කව්ද මේ ලෝකේ ................. කව්ද මේ ලෝකේ (ඈ කුසයේ දරුවා මළ වේලේ ඒ දුක ඉවසා ගත්තේ) // පුතාට මල්ලිට ඔබ ඉන්නව යයි හදා ගෙනයි ඇගෙ චිත්තේ ඈ අද ගින්නේ ඔබලා වෙනුවෙන් නේද දැවී යන්නේ දැවී යන්නේ කව්ද මේ ලෝකේ .................// කව්ද මේ ලෝකේ පද රචනය: සංගීතය: ආර්. මුත්තුසාමි ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: සිතක මහිම (1964) තනුව: “සින්දගී ක්යා හේ ගම් කා දාරියා හේ” ගීතය චිත්‍රපටය: ප්‍යාර් කියා තෝ දර්නා ක්‍යා (හින්දි) 1963 සංගීත නිර්මාණය: රවි Lyrics: Music: R. Muththusamy Artist: Mohideen Baig Film: Sithaka Mahima (1964) Melody: “Zindagi Kya Hai Gham Ka Dariya Hai” song Film: Pyar Kiya To Darna Kya (Hindi) 1963 Music: Ravi

Tuesday, May 25, 2021

MADHU MALA LESA by Milton Mallawarachchi | මධු මල ලෙස - මිල්ටන් මල්ලවාරච්චි


 

෴෴෴ මධු මල ලෙස ෴෴෴ මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි ඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමණ සිතුවිලි බිහිවී තෙරපී එකිනෙක පැටලෙන්නේ කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි - ඔබට තවම මම ආදරෙයි මධු මල ලෙස ................ සිත ගොළු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුණ යොමන විට නෙත් දෙක පිය වෙනවා කෙටියෙන් පවසමි මගෙ ආදරියේ කීමට ඇති සැම දේ පරෙවි රැජිනියේ එදා වගෙ අදත් (ඔබට තවම මම ආදරෙයි - ඔබට තවම මම ආදරෙයි) // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: එම්. කේ. රොක්සාමි ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: Karunarathne Abeysekara Music: M. K. Rocksamy Artist: Milton Mallawarachchi

Monday, May 24, 2021

GIRIHEL MUDUNE MAHANEL NOPIPE by Mohideen Baig | ගිරිහෙල් මුදුනේ මහනෙල් නොපිපේ - මොහිදීන් බෙග්


 

෴෴ ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ ෴෴ (ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනඟී අවර ගිරේහී) // මහ මෙර නොසැලේ සුළඟින් කිසි කාලේ නැත කළු පාට කිරේහී ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනඟී අවර ගිරේහී (සීතල වූ දිය මහ සාගරේ උණු වේවිද කවදා සාගරේ) // කෝකිලා කවුඩා නොවේ නෑ මෙසේ වීලා ලොවේ (නිල මැසි සේනා අසලට නේනා) // (බෘංගයා මිස නෙළුමේ) // ගිරිහෙල් මුදුනේ මානෙල් නොපිපේ හිරු නොනඟී අවර ගිරේහී (දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන වු දැය මේ සිංහලේ) // ඒ නිගා සිරිතේ ගැලී හා නොගා ඉදිනූ දැලී (පර සිරිතේනී ඔබ හෙළ මෑණී) // ඇයි ද සෝකෙට හෙළුවේ‍ ඔබ හෙළ මෑණී (ඇයි ද සෝකෙට හෙළුවේ‍) // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: එස්. එස්. වේදා ගායනය: මොහිදීන් බෙග් චිත්‍රපටය: ඩිංගිරි මැණිකා Lyrics: Karunarathne Abeysekara Music: S. S. Veda Artist: Mohideen Baig Film: Dingiri Manika

Wednesday, May 19, 2021

PEEDENA MALAK WAGE by Punsiri Zoysa | පීදෙන මලක් වගේ - පුන්සිරි සොයිසා


 

෴෴෴ පීදුන මලක් වගේ ෴෴෴

 

පීදුන මලක් වගේ රූබර මුහුණ අගේ

පීදුන මලක් වගේ රූබර මුහුණ අගේ

මල්සර දෝණි මගේ කොයිබද යන්නෙ නගේ

පීදුන මලක් වගේ ................

පීදුන මලක් වගේ රූබර මුහුණ අගේ

 

(මානෙල් මලේ නිලට දිලෙනා නෙතේ

පුංචි රහසක් කියා හිත බැඳුනා මගේ

පුංචි රහසක් කියා හිත බැඳුනා මගේ) //

(සඳ කිඳුරියක ලෙසේ ඔය රුව දකින වෙලේ) //

(සිතුවිලි අවදි වෙලා ඉගිලී යන්න ගියේ) //

 

(නිවසේ මගේ මිණි පහන වගේ

ඇය බැබලී සදා ලං වෙයිදෝ සිතේ

ඇය බැබලී සදා ලං වෙයිදෝ සිතේ) //

මගෙ අත ගන්න බැඳී මා ලඟ ඉන්න රැඳී

සෙනෙහස හදේ දරා හිමි දිවි තිබෙන තුරා

පීදුන මලක් වගේ ................

 

පද රචනය: හෙක්ටර් විජයසිරි

ගායනය:    පුන්සිරි සොයිසා

තනුව:        රමයියා වතාවයියා ගීතය

                  චිත්‍රපටය: ශ්‍රී 420 (හින්දි) - 1955

                  සංගීත නිර්මාණය: ශන්කර්-ජායිකිෂන්

Lyrics:       Hector Wijayasiri

Artist:        Punsiri Zoysa

Melody:    “Ramaiya Vathavaiya” song

                  Film: Shree 420 (Hindi) – 1955

                  Music: Shankar-Jaikishan