Saturday, February 16, 2019

BANDI WALALU MINI KINKINI by Clarence Wijewardane & Mariazelle Gunathilake | බණ්ඩි වළලු මිණි කිංකිණි


෴ ෴෴ බණ්ඩි වළලු ෴෴෴ බණ්ඩි වළලු මිණි කිංකිණි සිනහ සළාලා ලන්ද දිගේ මුතු පින්නේ දෙපා නගාලා නිල්ල මැදින් ඇඹුල අරන් ඔබව සොයාලා එන්න දිනක් ලං වනතුරු ඉඳිමි බලාලා ගං ඉවුරේ වැලි තලයේ දුටුවා මතකයි පුන් පෝදා බෝ මළුවේ සිටියා මතකයි සඳ වතුරේ පෙම් ඔරුවේ පෙඟුවා මතකයි මල් උයනේ තුරු වදුලේ දෙඩුවා මතකයි බණ්ඩි වළලු මිණි කිංකිණි සිනහ සළාලා ලන්ද දිගේ මුතු පින්නේ දෙපා නගාලා දුකට සැපට ඔබ අසලින් සදා රැඳෙන්නම් අපට උරුම සොඳුරු ලොවක් තනා වෙසෙන්නම් මගේ ලොවට ඔබ රජෙකැයි කියා සිතන්නම් සසර පුරා වසන තුරා ඔබම පතන්නම් බණ්ඩි වළලු ................ පද රචනය‍: වර්නන් පෙරේරා සංගීත නිර්මාණය: මයික් ගුණසේකර ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන සමග මරියාසෙල් ගුණතිලක Lyrics: Vernon Perera Music: Mike Gunasekara Artist: Clarence Wijewardane with Mariazelle Gunathilake

No comments:

Post a Comment