Monday, February 18, 2019

PAWE WALA AETHA KANDU BALA by Victor Rathnayake | පාවේ වළා ඈත කඳු බලා - වික්ටර් රත්නායක




෴෴෴ පාවේ වළා ෴෴෴ පාවේ වළා ඈත කඳු බලා පෑ ආදරේ අමා මා හද මවා - මා හද මවා කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ නුවන් දිය සිඳේ - පහන් පෙම දිනේ පාවේ වළා ................ හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා දෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේ සහන් එළි නැගේ - පහන් පෙම දිනේ පාවේ වළා ................ පද රචනය: මීගොඩ විල්සන් සංගීත නිර්මාණය: මර්වින් පෙරේරා ගායනය: වික්ටර් රත්නායක Lyrics: Meegoda Wilson Music: Mervyn Perera Artist: Victor Rathnayake

1 comment: