Friday, August 30, 2019
Sunday, August 25, 2019
PEMBARA KUMARANA by Deepika Priyadarshani Peiris
⋆⋆⋆ පෙම්බර කුමරාණ ⋆⋆⋆⋆⋆⋆ පෙම්බර කුමරාණ නුඹ නැති සඳපාන // මා රිදවයි සිත තනි වෙයි වත මැලවේවී කල්පය ගත වේවී පෙම් සිල වියැකේවී // යෞවනයට රොන් පූදින පිනි මල් වැස්සේ සංකාවට කවුළු හරින සුසුමද පවනේ ලඟ දැවටෙන්නේ සිත බිය වෙන්නේ පෙම්බර කුමරාණ ................ ගං දිය නොසැලේවී කෙවිළිය නොගයාවී තුන් හිත ලඟ මන්දාරම් අඳුර ගලන්නේ රෑ සඳ දිය කැකුළු හදින් කොහොමද ඉන්නේ ඔබ නැති යාමේ රෑ තනි යාමේ පෙම්බර කුමරාණ ................ පද රචනය: වසන්ත කුමාර කොබවක සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Lyrics: Wasantha Kumara Kobawaka Music: Rohana Weerasinghe Artist: Deepika Priyadarshani Peiris
GAATA GAATA AWIDIN by Deepika Priyadarshani Peiris
⋆⋆⋆ ගාට ගාට ඇවිදින් ⋆⋆⋆⋆⋆⋆
ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න
ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න
රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න
පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න
ගාට ගාට ඇවිදින් ................
හාල් ගරන්නත් පුළුවන් වතුර තියන්නත් පුළුවන්
ඇට්ට කුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්
හොදි ඒදන්නත් පුළුවන් කූරු ගාන්නත් පුළුවන්
අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්
ගාට ගාට ඇවිදින් ................
මල් හිටවන්නත් පුළුවන් වල් ගලවන්නත් පුළුවන්
පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම්
හොදට අඬන්නත් පුළුවන් නාඬම ඉන්නත් පුළුවන්
ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්
ගාට ගාට ඇවිදින් ................
SANDA GILUNATH by Clarence Wijewardhana
⋆⋆⋆ සඳ ගිලුනත් හිරු ගිලුනත් ⋆⋆⋆⋆⋆
සඳ ගිලුනත් හිරු ගිලුනත් මට කමක් නෑ
තරු වැටුනත් මල් හැලුනත් මට කමක් නෑ
ඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ කමක් නෑ කමක් නෑ
දවස ගෙවා සිහින රැයේ - ඔබව සොයා බලන පැයේ
මට සිතුනා ඔබට ප්‍රියේ - කියන්නෙමී රහස ලයේ
සඳ ගිලුනත් .............
මග තොටදී හමුවෙනවා - දෑස පුරා හිනැහෙනවා
කතා කළා සිනාසුනා - සිහිනෙන් මා අද දකිමී
සඳ ගිලුනත් .............
පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
Lyrics: Clarence Wijewardhana
Music: Clarence Wijewardhana
Artist: Clarence Wijewardhana
Saturday, August 24, 2019
SIHINA LOWAK by Clarence Wijewardhana
⋆⋆⋆ සිහින ලොවක් ⋆⋆⋆⋆⋆⋆
සිහින ලොවක් දුටුවා මතකයි
සිහින ලොවෙන් ආවා මතකයි
සොඳුරු මිහිරි සුව පහස ගෙනෙන ඒ ආදර බර උණුසුම මතකයි
ඉර සඳු තරු කැට පායන මිහිපිට ආදරයෙන් බැඳුනා මතකයි
අප හදවත් එහි නොමියෙන ලෙස බැඳි ආදරයෙන් පිරුනා මතකයි
සිතට දැනෙන සුව ගතට දැනෙන බව ඔබ රහසින් කීවා මතකයි
සිහින ලොවක් .............
පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
Lyrics: Clarence Wijewradhana
Music: Clarence Wijewardhana
Artist: Clarence Wijewardhana
RAN SAMANALAYIN by Clarence Wijewardhana
⋆⋆⋆ රන් සමනලයින් ⋆⋆⋆⋆⋆⋆⋆⋆
රන් සමනලයින් ඉගිලෙනු දැක මට ඇගෙ නෙතු පියලිය සිහිවෙනවා
රන් සුරපුරකට මා කැඳවන්නට රම්‍යා ගැන සිතුවිලි එනවා
පොත් මිටියක් ගෙන ළැමද තබා කෙටි පියවර මැන තනිව මගේ
පාසල වෙත යන ගමන ඇගේ මතකින් නොමැකී තවම තිබේ
රන් සමනලයින් .............
සිතුවිලි පොදි බැඳ මහද රැඳී සෙනෙහස් ගඟුලේ සිටිය බැඳී
මගෙ සෙවනට කවදද එන්නේ රම්‍යා ඔබ මට සිහි වෙන්නේ
රන් සමනලයින් .............
පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
Lyrics: Clarence Wijewardhana
Music: Clarence Wijewardhana
Artist: Clarence Wijewardhana
Friday, August 23, 2019
SUDU MAL DEKAK by Priya Sooriyasena | සුදු මල් දෙකක් කඩා ගෙනත් - ප්‍රියා සූරියසේන
෴෴෴ සුදු මල් දෙකක් ෴෴෴
සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ළඟින් තබා
ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා සමු ගන්නෙපා එපා
උණුසුම් ඔබේ නෙතේ දියෙන් ඒ මල් හඬයි සිතා
නොසිතන් ළඳේ දිනක් නොඒ වැළපෙන්නෙපා එපා
සිනාසුණු ආදරේ නමින් බැඳී හුන් ජීවිතේ ලෙසින්
වෙන් වූ දා ඉතින් ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්
පැතූ පෙම් මාළිගා බිඳී ගරා යයි වේදනා දිදී
මන්මත් වූ පැතුම් මැදින් පල නෑ මා සොයා ඇවිත්
සුදු මල් දෙකක් කඩා ගෙනත් මා නෙත් ළඟින් තබා
ඔබෙ කඳුළු බිංදුවෙන් තෙමා සමු ගන්නෙපා එපා
(සිනාසුණු ආදරේ නමින් බැඳී හුන් ජීවිතේ ලෙසින්
වෙන් වූ දා ඉතින් ඔබෙන් පල නෑ මේ තරම් හැඟුම්) //
සුදු මල් දෙකක් ................
පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීත නිර්මාණය: රංජිත් පෙරේරා
ගායනය: ප්‍රියා සූරියසේන
Lyrics: Premakeerthi De Alwis
Melody & Music: Ranjith Perera
Artist: Priya Sooriyasena
MAGE PALPATHE MA by Clarence Wijewardhana
⋆⋆⋆ මගේ පැල්පතේ ⋆⋆⋆⋆⋆
මගේ පැල්පතේ මා අඳුරේ වෙලී මා
තනියේ ගැලී මා ගයමී මෙසේ
කඳුලයි සිනාවයි ඔබගේ කතාවයි
ගමනේ ලතාවයි සිහිවේ හදේ
මගෙ ජීවිතේ ඔබ නිසා ඇත වෙන්වී
කවදත් ඔබයි ආදරේ මට ලංවී
මාගේ සිතේ සැනසුමක් ඇති වේ නම්
ඒ ඔබ ගැනයි ආදරේ සැක නෑ දැන්
මගේ පැල්පතේ .............
ඔබ කී කතා රස කතා අද වාගේ
සිහි වේ ලයේ සැනසුමයි එය මාගේ
සැමදා මෙසේ සිත සිතා මම ඉන්නම්
ලැබුණොත් ප්‍රියේ වාසනා අත ගන්නම්
මගේ පැල්පතේ .............
පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන
Lyrics: Clarence Wijewardhana
Music: Clarence Wijewardhana
Artist: Clarence Wijewardhana
Thursday, August 22, 2019
SURANGANI by A. E. Manoharan | සුරංගනී - ඒ. ඊ. මනෝහරන් | Ceylon Manohar | Ceylon Baila
SURANGANI by A. E. Manoharan | සුරංගනී - ඒ. ඊ. මනෝහරන් | Ceylon Manohar | Ceylon Baila
KAPIRINGNA by A. E. Manoharan | කපිරිඤ්ඤා - ඒ. ඊ. මනෝහරන් | Ceylon Manohar | Ceylon Baila
KAPIRINGNA by A. E. Manoharan | කපිරිඤ්ඤා - ඒ. ඊ. මනෝහරන් | Ceylon Manohar | Ceylon Baila
Tuesday, August 20, 2019
Thursday, August 15, 2019
Friday, August 9, 2019
ADIN PASUWA NEA by Punsiri Zoysa | අදින් පසුව නෑ - පුන්සිරි සොයිසා
⋆⋆⋆ අදින් පසුව නෑ ⋆⋆⋆⋆⋆⋆
අදින් පසුව නෑ අප හමුවන්නේ මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ ගමන මෙයින් නිමවෙයි
අදින් පසුව නෑ ................
වරද මගේදැයි වරද ඔබේදැයි නොඅසමි ඔබගෙන් මතු දවසේ //
එකම මගක යන දෙදෙනෙකු වමු අපි නන් නාඳුනනා අය විලසේ
අදින් පසුව නෑ ................
කියන්න කිසිවක් ඉතිරිව නෑ මට සියල්ල නිමවන මේ මොහොතේ //
පිසින්න අවසර දෙන්න ළඳේ මට අවසන් කඳුලත් ඔය දෙනෙතේ
අදින් පසුව නෑ ................
පද රචනය: චන්ද්‍රදාස ප්‍රනාන්දු
සංගීත නිර්මාණය: සරත් දසනායක
ගායනය: පුන්සිරි සොයිසා
Lyrics: Chandradasa Fernando
Music: Sarath Dasanayake
Artist: Punsiri Zoysa
SANDAI THARUWAI by Niranjala Sarojini Peiris with Abeywardhana Balasooriya | සඳයි තරුවයි ලෙසින් ඉන්නට
සඳයි තරුවයි ලෙසින් ඉන්නට නිසංසල අහසේ
පෙරුම් පිරුවද වරම් නොලැබුණු අසන් පෙම්වතුනේ
ඔබේ පුවතයි මේ
ලොවම එකවර දකින්නට ඔහු යොමු කළේ ඇයගේ නෙතයි
ලොවට රහසින් හඬන්නට ඇය හුරු කළේ ඔහුගේ සිතයි
සඳයි තරුවයි ................
නදී ඇල දොල හඬා වැළපේ ගෙන ගියේ ඔබෙ ස්නේහයයි
සයුරු රළ පෙල හැපී වෙරළේ සොයන්නේ ඒ ප්‍රේමයයි
සඳයි තරුවයි ................
පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රි
සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ
ගායනය: නිරන්ජලා සරෝජිනී පීරිස් සමග අබේවර්ධන බාලසූරිය
Lyrics: Kumaradasa Saputhanthri
Music: Rohana Weerasinghe
Artist: Niranjala Sarojini Peiris with Abeywardhana Balasuriya
Thursday, August 8, 2019
Subscribe to:
Posts (Atom)