Saturday, November 28, 2020

DEADARA VILIKUN by Milton Mallawarachchi





 ⋆⋆⋆ දෙඅදර විලිකුන් ⋆⋆⋆⋆⋆⋆

දෙඅදර විලිකුන් සුරත් ඵලේ - පෙම් මදිරා අයැදිමින් සැළේ සීත මීදුම් සිහින වැල් පැටලේ මුවරද රොන්සුනු සුවඳ විතේ - මින්දද දවසක ගෙනෙනු ඇතේ නිලුපුල් නෙත් රත් තඹුරු වෙතේ - කැඳවයි ඔබ තව්තිසා වෙතේ ජීවිතේ මී බිංදුවක් වාගේ දෙඅදර විලිකුන් ........... මධුවිත සැනෙකින් හිස් වෙනවා - දිවි තවලම කතරක යනවා යෞවන බව හෙට නැති වෙනවා - කල් බැලු අය හිඳ ලතවෙනවා ජීවිතේ පිනි බිංදුවක් වාගේ දෙඅදර විලිකුන් .......... පද රචනය: කේ. ඩී. කේ. ධර්මවර්ධන සංගීත නිර්මාණය: වික්ටර් රත්නායක ගායනය: මිල්ටන් මල්ලවාරච්චි Lyrics: K.D.K.Dharmawardhana Music: Victor Rathnayake Artist: Milton Mallawarachchi

KIYANNA KAWDA OBA KIYA by J. A. Milton Perera





 ෴෴෴ කියන්න කව්ද ඔබ ෴෴෴

කියන්න කව්ද ඔබ කියා අහන්න උනිමි සොය සොයා කියන්න කව්ද ................. නෙළුම් මලක් ද නිල් විලේ නැවුම් සුළං ද ලෝ තලේ මුවැත්තියක් ද මහ කැලේ කැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ කියන්න කව්ද ................. රුවක් ද ගල් කුලේ නෙලූ ගඟක් ද සීතලේ ගැලූ වැලක් ද සල් ගසේ වෙලූ සුගන්ධයක් ද සිත්කළු කියන්න කව්ද .................// පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: උපේන්ද්‍ර ප්‍රනාන්දු ගායනය: ජේ. ඒ්. මිල්ටන් පෙරේරා Lyrics: Karunarathne Abeysekara Music: Upendra Fernando Artist: J. A. Milton Perera

KALPANI DUWANI by Indrani Perera





 ⋆⋆⋆ කල්පනී දුවනී ⋆⋆⋆⋆⋆⋆

කල්පනී දුවනී සිත් සතන් පිරුණී හද රැඳුනු පැතුම් මගෙ සිහින සිතුම් ආදර ලෝකෙට මා කැඳවයි ලා සඳ පායන වේලාවේ ආදරයේ මුදු සේයාවේ මා අසලින් හිඳ පාන සිනා සම්පත සාමය සතුට ගෙනා - සතුට ගෙනා කල්පනී දුවනී ................ මේ ලොව ඉමිහිරි ගී රාවේ ඔබ මා අමතන ඒ වාගේ ඔබ පමණී මට මේ ලෝකේ සම්පත සාමය සතුට ගෙනා - සතුට ගෙනා කල්පනී දුවනී ................ පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීත නිර්මාණය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ඉන්ද්‍රානි පෙරේරා Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Indrani Perera

Friday, November 27, 2020

NILWAN MUHUDU THEERE by Desmond De Silva





 ෴෴෴ නිල්වන් මුහුදු තීරේ ෴෴෴

නිල්වන් මුහුදු තීරේ ගල්මල් පිපුනු යායේ මා තනි වෙලා නැව් තලේ ඈ ඇත ඇගේ යහනතේ මා එතෙර ආ දා ඈ නැවත ආවා ඒ මොහොත සිහිවේ අද වගේ මා හා තුරුළු වීලා දෑසේ කඳුළු බීලා ඒ මොහොත සිහිවේ අද වගේ රෑ සොඳුරු මොහොතේ මා මිදුනු යාමේ ඈ දෙතොල මා දෙකොපුලේ ගෑ ඒ සුවඳ විහිදේ මුහුණේ තවම මාගේ නෑ මා පිසින්නේ මුව මගේ නිල්වන් මුහුදු ...............

ATHARAMAN WU KIRILLI by Deepika Priyadarshani Peiris



 ⋆⋆⋆ අතරමං වූ කිරිල්ලී ⋆⋆⋆⋆⋆⋆

අතරමං වූ කිරිල්ලී ඈත අහසේ ඉගිල්ලී වළාකුළු මැද ගියා නොපෙනී ඈ අනාථයි අනාථයි අතරමං වූ කිරිල්ලී ................ නොදැක නිකළැල් චේතනා ලබා අපමණ වේදනා // දොරින් දොර සෙනෙහස සිඟා ගිය ඈ තනි වුණා ගම් දනව් මැද මහ රෑ බිඳී හද රැඳි භාවනා හඬා කළ ආයාචනා // කැදැල්ලේ රඳවා පලා ගිය ඈ වැළපුනා යලි ඝන වනේ ගිනි ලෑ අතරමං වූ කිරිල්ලී ................ පද රචනය: සුනිල් ආරියරත්න සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Lyrics: Sunil Ariyarathne Music: Rohana Weerasinghe Artist: Deepika Priyadarshani Peiris

ARUNA KIRANA SALEE by Clarence Wijewardhana





 ⋆⋆⋆ අරුණ කිරණ සැලී ⋆⋆⋆⋆⋆

අරුණ කිරණ සැලී - පිරුනු මලක් වැනී තුරුණු වියේ වෙලී - තරුණ ජීවේ මගේ තරුණ ජීවේ මගේ කුරුල්ලෙකු සේ නිදහසේ - ඉගිල යන්නට නුබ කුසේ නිමක් නැති සිහිනයක සේ - සිතේ ඉමිහිරි ගී ඇසේ අරුණ කිරණ සැලී .............. පිපෙන මල් ගොමු සොය සොයා - ගීතයෙන් ගීතය ගයා සොඳුරු සමනල කැළ සොයා - තුරුණු විය මා ගෙන ගියා අරුණ කිරණ සැලී ............. පද සංකල්පනාව, සංගීත නිර්මාණය සහ ගායනය ක්ලැරන්ස් විජේවර්ධන සතුයි. Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

ANDURA IRA by Clarence Wijewardhana





 ⋆⋆⋆ අඳුර ඉරා ⋆⋆⋆⋆⋆⋆⋆

අඳුර ඉරා සඳ මිණි මේලාවේ - පබළු ගලා ඉහිරුණු වේලාවේ කඳුළ පුරා අමරස වෑහීලා - බිඳුන සෙනේ කඳුලැලි පාවීලා කටුක ලොවේ ඝණඳුරු සීමාවේ - සතුට රැඳේ මධු මත් මායාවේ මනස නිවී සැනහෙන හෝරාවේ - දසත නැගේ හසරැල් ගී රාවේ අඳුර ඉරා සඳ මිණි මේලාවේ - පබළු ගලා ඉහිරුණු වේලාවේ සොඳුරු රැයේ බොඳ වුණු ඡායාවේ - එළිය නිවේ ඇගෙ රූ සේයාවේ දැහැන බැඳේ සිතුවිලි මාලාවේ - කැකුළු පිපේ මදහස රේඛාවේ අඳුර ඉරා ............. පද සංකල්පනාව, සංගීත නිර්මාණය සහ ගායනය ක්ලැරන්ස් විජේවර්ධන සතුයි. Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

THILO THILAKA LOKA NATHA by Bandara Athawuda





 ෴෴෴ තිලෝ තිලක ලෝක නාථ ෴෴෴

තිලෝ තිලක ලෝක නාථ සම්බුදු සමිඳේ පුදා වඳිම් හද බැති මල් ඔබ පා කමලේ මෙත් මුදිතා කරුණා ගුණ සයුරද පරදා තිලෝ අග හිමි බුදු බව ලැබ කෙලෙසුන් හැරදා දෙසූ දහම් කඳ දම්සක් සුතුරින් අරඹා ඇසේ දසත මුලු ලොව සත යහමග හරවා ලුම්බිනි සල් උයනේ විකසිත මල් අතරේ සමනලයින් ගුණ මුමුනා යන එන ගමනේ සියොතුන් ගී නගන විටදි අමතක නොකළේ සදා වඳින ලෝක නාථ සමිඳුගෙ නාමේ තිලෝ තිලක ................ පද රචනය: පියදාස දම්මන්තොට සංගීත නිර්මාණය: බණ්ඩාර අතාවුද ගායනය: බණ්ඩාර අතාවුද Lyrics: Piyadasa Dammanthota Music: Bandara Athawuda Artist: Bandara Athawuda

SIHINAYAKI OBA by Bandara Athawuda





 ⋆⋆⋆ සිහිනයකි ඔබ ⋆⋆⋆⋆⋆⋆

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ නිදන නෙත් යුග සනසනා සිතුම් රැලි ඔබ තනිව හිඳි වේලේ නිහඬ මා හද සනසනා ඉරකි ඔබ මට සඳකි ඔබ මට කිසිදු කිසි විට සමු නොගන්නා සයුරු රළ ඔබ ඈත සමුදුර සයුරු තෙර මා හමුවනා සිහිනයකි ඔබ ................ යුග ගණන් අප වෙන්ව ආ මග සොඳුරු නිම්නෙක එක් වෙලා දුක් සුසුම් නැති අපේ ලොව තුල සිනා මල් පෙති විසිරිලා හිරුට තනි නැත සඳුත් නැත තනිවී එකම අහසක හමුවෙලා ලොවම සසලව බලා සිටියාවේ යලිදු අප ඇත ලංවෙලා පද රචනය: කුසුම් පීරිස් සංගීත නිර්මාණය: එච්. එම්. ජයවර්ධන ගායනය: බණ්ඩාර අතාවුද සමග නිරංජලා සරෝජිනී පීරිස් Lyrics: Kusum Peiris Music: H.M.Jayawardhana Artist: Bandara Athawuda with Niranjala Sarojini Peiris

Thursday, November 26, 2020

SANDAPANA WAGE by Paul Fernando



 

෴෴෴ සඳපාන වගේ (මාලා) ෴෴෴

සඳපාන වගේ ඔබ රුව දිලිසිලා මට නිතරම පෙනෙනවා මැවීලා

මාලා ඇවිත් මගේ කණට ඔයා ළං වෙලා කියන්නකො ආදරේ කියාලා

මාලා මම ඔබ ගැනම හිතාලා අහසේ රන් මාලිගා තනාලා

ඔයා මගේ මං ඔයාගෙ යැයි පතාලා කියන්නකො ආදරේ කියාලා

 

ලස්සන ගී ගයා රස කරලා මම එන්නම් සොයා සුදු මාලා

අද සිට මං ඔයාගෙයි කියලා කියන්නකෝ ම‍ගේ සුදු මාලා

සඳපාන වගේ...................

 

පෙම් ලොව සැරිසරා පියඹාලා ආවේ ඔබ සොයා සුදු මාලා

ගෙල සරසාලා මල් මාලා පිළිගන්නම් ඔයා සුදු මාලා

සඳපාන වගේ.....................

කියන්නකො ආදරේ කියාල ///

 

පද රචනය : ප්‍රියා පීරිස්

සංගීතය : නිස්සංක විමලසූරිය

ගායනය : පෝල් ප්‍රනාන්දු

Lyrics : Priya Peiris

Music : Nissanka Wimalasooriya

Artist : Paul Fernando

SUSUDU RALLA by Manjula Warnakulasuriya with Anjeline Gunathilake





 

෴෴෴  සුසුදු රැල්ල ෴෴෴

සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී //

යළි යළී.. යළි යළී..

සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී

 

නැඟී ආලෝකෙ දී දින රජිඳා පාවි සිනා මුදු කෝල

ආදරේ ලෝකේ අමා තුළින් දකිමි සොඳුරු සිහින සමුදාය

නැඟී ආලෝකෙ දී දින රජිඳා පාවි සිනා මුදු කෝල

හද අරණේ සිහිලස දී එන සුවඳ දැනෙයි යළි යළී

සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී

යළි යළී.. යළි යළී..

සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී

 

ප්‍රියේ පා සිනා දයා ළඟා වී බලන්න ලැබූ වාසනාව

ලොව්තුරු චේතනා මනා පල දේය පිනදී පෙර දි සසර ආලෙ සේ

ප්‍රියේ පා සිනා දයා ළඟා වී බලන්න ලැබූ වාසනාව

හද හදෙහි අත අතෙහී අද එකට වෙළයි යළි යළී

සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී //

යළි යළී - යළි යළී ///

 

පද රචනය : කරුණාරත්න අබේසේකර

සංගීතය : පී. එල්. ඒ. සෝමපාල

ගායනය : මංජුල වර්ණකුලසූරිය සමග ඇන්ජලීන් ගුණතිලක

              (මුල් ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක )

චිත්‍රපටය : අභිරහස (1971)

තනුව : ගුන් ගුනා රහේ හේන් භවරෙ (හින්දි) ගීතය

            චිත්‍රපටය : ආරාධනා (1969)

            සංගීත නිර්මාණය : එස්. ඩී. බර්මන්

Lyrics : Karunarathne Abeysekara

Music : P. L. A. Somapala

Artist : Manjula Warnakulasuriya with Anjeline Gunathilake

             (First Version by H. R. Jothipala with  Anjeline Gunathilake)

Film : Abhirahasa (1971)

Melody : Gun Guna Rahe Hain Bhanvare (Hindi) song

                 Film : Aradhana (1969)

                 Music : S. D. Burman

HITHIN DARANNATA BARI by H. R. Jothipala with Anjeline Gunathilake




 

෴෴෴ හිතින් දරන්නට බැරි ෴෴෴

හිතින් දරන්නට බැරි සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ ඇද හැලෙනා අසිරි සිරි

ඔ මාගේ හිතින් දරන්නට බැරි ..................

ඔ මාගේ හිතින් දරන්නට බැරි

 

සඳුන් සිසිල් ගුණ මලෙන් සුගන්ධය සඳෙන් කෙරූ සිරි ගොතා

දුගී වෙසින් කොයි ලෙසින් උපන්නද සොඳුරේ මා පතා

පබා කුමාරිද සැඳෑ කුමාරිද නිශා කුමාරිද ප්‍රියේ

උදේ හිරුයි ඔබ රැයේ සඳයි ඔබ මාගේ ලෝකයේ

වාසනාව එයි සිනාසී පාලා අසිරි සිරි

ඔ මාගේ හිතින් දරන්නට බැරි ..................

ඔ මාගේ හිතින් දරන්නට බැරි

 

කසුන් විමන් වල පුළුන් යහන් මත සුරංඟනාවන් වගේ

සුවෙන් නිදන්නට සැපෙන් වෙසෙන්නට මා හින්දා මගේ

හිතන්නෙ නෑ මම ප්‍රියේ මළත් කිම ලොවක් ප්‍රියේ දුක නැතේ

ලැඟුම් පතන්නෙමි සදා බැඳෙන්නට ඔබගේ හදවතේ

වාසනාව එයි සිනාසී පාලා අසිරි සිරි

ඔ මාගේ හිතින් දරන්නට බැරි ..................//

ඔ මාගේ හිතින් දරන්නට බැරි

 

පද රචනය : කරුණාරත්න අබේසේකර

සංගීතය : එම්. කේ. රොක්සාමි

ගායනය : ඇන්ජලීන් ගුණතිලක සමග එච්. ආර්. ජෝතිපාල

චිත්‍රපටය : සුසී (1974)

Lyrics : Karunarathne Abeysekara

Music : M. K. Rocksamy

Artist : Anjeline Gunathilake with H. R. Jothipala

Film : Sussy (1974)

AETHA DILISENA HIRU SANDU by Manjula Warnakulasuriya with Anjeline Gunathilake





 

෴෴෴ ඈත දිලිසෙන හිරු සඳු ෴෴෴

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු

රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු

මාගෙ නෙත් යුග මතු පියවෙන තුරු

ආදරෙයි මා ආදරෙයි - ආදරෙයි මා ආදරෙයි

ඈත දිලිසෙන………………

 

(ළා තණ නිල්ලේ පිනි කඳුළැල්ලේ

මා ඔබ දුටුවේ ප්‍රේම ලෝකේ) //

දෑස දෑසක් සොයා තනි වූ දිනේදි

ඈත දිලිසෙන………………

 

(මධු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ

වාසනාවේ අමිල උදානේ) //

සීත සුළඟේ වෙළී මතු හමුවුණාවේ

ඈත දිලිසෙන………………//

ආදරෙයි මා ආදරෙයි ///

 

පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්

සංගීතය : පී. එල්. ඒ. සෝමපාල

ගායනය : මංජුල වර්ණකුලසූරිය සමග ඇන්ජලීන් ගුණතිලක

              (මුල් ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක )

තනුව : මේරේ සප්නෝ කී රාණි කබ් ආයේගි තූ (හින්දි) ගීතය

            චිත්‍රපටය : ආරාධනා (1969)

            සංගීත නිර්මාණය : එස්. ඩී. බර්මන්

චිත්‍රපටිය : අභිරහස (1971)

Lyrics : Premakeerthi De Alwis

Music : P. L. A. Somapala

Artist : Manjula Warnakulasuriya with Anjeline Gunathilake

             (First Version by H. R. Jothipala with  Anjeline Gunathilake)

Film : Abhirahasa (1971)

Melody : Mere Sapno Ki Rani Kab Aayegi Tu(Hindi) song

               Film : Aradhana (1969)

               Music : S. D. Burman