෴෴෴ සුසුදු රැල්ල ෴෴෴
සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි
යළී //
යළි යළී.. යළි යළී..
සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි
යළී
නැඟී ආලෝකෙ දී දින රජිඳා පාවි
සිනා මුදු කෝල
ආදරේ ලෝකේ අමා තුළින් දකිමි
සොඳුරු සිහින සමුදාය
නැඟී ආලෝකෙ දී දින රජිඳා පාවි
සිනා මුදු කෝල
හද අරණේ සිහිලස දී එන සුවඳ දැනෙයි
යළි යළී
සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි
යළී
යළි යළී.. යළි යළී..
සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි
යළී
ප්රියේ පා සිනා දයා ළඟා වී බලන්න
ලැබූ වාසනාව
ලොව්තුරු චේතනා මනා පල දේය පිනදී
පෙර දි සසර ආලෙ සේ
ප්රියේ පා සිනා දයා ළඟා වී බලන්න
ලැබූ වාසනාව
හද හදෙහි අත අතෙහී අද එකට වෙළයි
යළි යළී
සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි
යළී //
යළි යළී - යළි යළී ///
පද රචනය : කරුණාරත්න අබේසේකර
සංගීතය : පී. එල්. ඒ. සෝමපාල
ගායනය : මංජුල වර්ණකුලසූරිය සමග
ඇන්ජලීන් ගුණතිලක
(මුල් ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක )
චිත්රපටය : අභිරහස (1971)
තනුව : ගුන් ගුනා රහේ හේන් භවරෙ
(හින්දි) ගීතය
චිත්රපටය : ආරාධනා (1969)
සංගීත නිර්මාණය : එස්. ඩී. බර්මන්
Lyrics : Karunarathne Abeysekara
Music : P. L. A. Somapala
Artist : Manjula Warnakulasuriya with Anjeline
Gunathilake
(First
Version by H. R. Jothipala with Anjeline
Gunathilake)
Film : Abhirahasa (1971)
Melody : Gun Guna Rahe
Hain Bhanvare (Hindi) song
Film : Aradhana (1969)
Music : S. D. Burman
No comments:
Post a Comment