Thursday, November 26, 2020

HITHIN DARANNATA BARI by H. R. Jothipala with Anjeline Gunathilake




 

෴෴෴ හිතින් දරන්නට බැරි ෴෴෴

හිතින් දරන්නට බැරි සිතුම් පැතුම් පිරි පිරී

කිරි බිංදු සේ කිරි බිංදු සේ ඇද හැලෙනා අසිරි සිරි

ඔ මාගේ හිතින් දරන්නට බැරි ..................

ඔ මාගේ හිතින් දරන්නට බැරි

 

සඳුන් සිසිල් ගුණ මලෙන් සුගන්ධය සඳෙන් කෙරූ සිරි ගොතා

දුගී වෙසින් කොයි ලෙසින් උපන්නද සොඳුරේ මා පතා

පබා කුමාරිද සැඳෑ කුමාරිද නිශා කුමාරිද ප්‍රියේ

උදේ හිරුයි ඔබ රැයේ සඳයි ඔබ මාගේ ලෝකයේ

වාසනාව එයි සිනාසී පාලා අසිරි සිරි

ඔ මාගේ හිතින් දරන්නට බැරි ..................

ඔ මාගේ හිතින් දරන්නට බැරි

 

කසුන් විමන් වල පුළුන් යහන් මත සුරංඟනාවන් වගේ

සුවෙන් නිදන්නට සැපෙන් වෙසෙන්නට මා හින්දා මගේ

හිතන්නෙ නෑ මම ප්‍රියේ මළත් කිම ලොවක් ප්‍රියේ දුක නැතේ

ලැඟුම් පතන්නෙමි සදා බැඳෙන්නට ඔබගේ හදවතේ

වාසනාව එයි සිනාසී පාලා අසිරි සිරි

ඔ මාගේ හිතින් දරන්නට බැරි ..................//

ඔ මාගේ හිතින් දරන්නට බැරි

 

පද රචනය : කරුණාරත්න අබේසේකර

සංගීතය : එම්. කේ. රොක්සාමි

ගායනය : ඇන්ජලීන් ගුණතිලක සමග එච්. ආර්. ජෝතිපාල

චිත්‍රපටය : සුසී (1974)

Lyrics : Karunarathne Abeysekara

Music : M. K. Rocksamy

Artist : Anjeline Gunathilake with H. R. Jothipala

Film : Sussy (1974)

No comments:

Post a Comment