෴෴෴ ඈත දිලිසෙන හිරු
සඳු ෴෴෴
ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසෙ කීවා මට ඔබ ගැන තොරතුරු
මාගෙ නෙත් යුග මතු පියවෙන තුරු
ආදරෙයි මා ආදරෙයි - ආදරෙයි මා ආදරෙයි
ඈත දිලිසෙන………………
(ළා තණ නිල්ලේ පිනි කඳුළැල්ලේ
මා ඔබ දුටුවේ ප්‍රේම ලෝකේ) //
දෑස දෑසක් සොයා තනි වූ දිනේදි
ඈත දිලිසෙන………………
(මධු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ අමිල උදානේ) //
සීත සුළඟේ වෙළී මතු හමුවුණාවේ
ඈත දිලිසෙන………………//
ආදරෙයි මා ආදරෙයි ///
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : පී. එල්.
ඒ. සෝමපාල
ගායනය : මංජුල
වර්ණකුලසූරිය සමග ඇන්ජලීන් ගුණතිලක
(මුල් ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන්
ගුණතිලක )
තනුව : මේරේ සප්නෝ කී රාණි කබ් ආයේගි
තූ (හින්දි) ගීතය
චිත්‍රපටය : ආරාධනා (1969)
සංගීත නිර්මාණය : එස්. ඩී. බර්මන්
චිත්‍රපටිය : අභිරහස (1971)
Lyrics : Premakeerthi De Alwis
Music : P. L. A. Somapala
Artist : Manjula Warnakulasuriya with Anjeline
Gunathilake
(First
Version by H. R. Jothipala with Anjeline
Gunathilake)
Film : Abhirahasa (1971)
Melody : Mere Sapno Ki Rani Kab Aayegi Tu(Hindi) song
Film : Aradhana (1969)
Music : S. D. Burman
No comments:
Post a Comment