Sunday, November 22, 2020

MA PRARTHANA ASHAWO by H. R. Jothipala with Anjeline Gunathilake




 ෴෴෴ මා ප්‍රාර්ථනා ආශාවෝ ෴෴෴

මා ප්‍රාර්ථනා ආශාවෝ ආරාධනා ඇසුනාදෝ පෙර ආත්මයේ පැතුවාදෝ මේ ආත්මයේ හමුවේදෝ මා ප්‍රාර්ථනා ආශාවෝ................. දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ රැඳි රැඳි රැඳි තුරුලේ වෙලී පෙම් බඳේ බැඳි බැඳි බැඳි වෙසෙමී සදා කල් ප්‍රියේ මනහාරී වන රේඛා යායේ පාවේ මධු ලෝලී බිඟු රෑනේ පෙම් ගී රාවේ මා ප්‍රාර්ථනා ආශාවෝ.................// පෙන රැලි රැලි රැලි විහිදී පැතුම් සාගරේ දිය සුළි සුළි සුළි කැරකේ හැඟුම් යා කෙරේ රස සිතිවිළි අතරේ සුපෙම් මාවතේ ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ මා ප්‍රාර්ථනා ආශාවෝ................. පද රචනය : ධර්මසිරි ගමගේ සංගීත නිර්මාණය : ප්‍රේමසිරි කේමදාස ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : ළසඳා (1974) Lyrics : Dharmasiri Gamage Music : Premasiri Gamage Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Lasanda (1974)

No comments:

Post a Comment