⋆⋆⋆ කොයි යන්නේ ⋆⋆⋆⋆⋆⋆
කොයි යන්නේ බඳ ලෙලවාලා
ලැසි ගමනේ ඉඟ සොලවාලා
පාවෙන සුළඟේ වද මල වාගේ
වද මල වාගේ වද මල වාගේ
කොයි යන්නේ ................
(කොකාගේ පාට අප දන්නේ
පියාඹන දාට වැටහෙන්නේ) //
(බලා ගන්නයි දෙනෙත් ඇත්තේ
සිතා ගන්නයි සිතක් ඇත්තේ) //
කොයි යන්නේ ................//
(ඉතින්වත් යං පියා සළලා
ඉගිල්ලී එන්නකෝ හැරිලා) //
(ඔබේ වෙස් දැන් වෙනස් කරලා
හිනාවීයන් ටිකක් බලලා) //
කොයි යන්නේ ................//
පද රචනය:
ගායනය: එච්. ආර්. ජෝතිපාල
සංගීතය: එම්. කේ. රොක්සාමි
චිත්‍රපටය: එදත් සූරයා අදත් සූරයා (1972)
තනුව: මොහොමඩ් රාෆි ගැයූ “කහාන් චල් දියේ ”ගීතය
චිත්‍රපටය: 1968 දී තිරගත වූ ‘ජූක් ගයා ආස්මාන්’ හින්දි චිත්‍රපටය
සංගීත නිර්මාණය: ෂන්කර් ජායිකිෂන්
Lyrics:
Artist: H.R.Jothipala
Music: M. K. Rocksamy
Film: Edath Sooraya Adath Sooraya (1972)
Melody: "Kahan Chal Diye" song
Film: 'Jhuk Gaya Aasman' Hindi movie released in 1968.
Music Direction: Shankar- Jaikishan
No comments:
Post a Comment