Friday, December 25, 2020

MAGE SURATHAL PODI DUWA by Maxwell Mendis

Maxwell Mendis


 GEE SAYURA

2.46K subscribers

෴෴෴ මගෙ සුරතල් පොඩි දුව - 2 ෴෴෴ මගෙ සුරතල් පොඩි දුව අද දීගෙක යනවා ජය මංගල සුබ ආසිරි ගීත ඇසෙනවා අවිහිංසක මනාලයෙක් නිවසට එනවා ඔහු අත ගන්නට මම අද අවසර දෙනවා බාලෙහි කී බොළඳ කතා මට සිහි වෙනවා ඒවා දැන් යලි මගෙ දෙසවනට ඇසෙනවා (සුරතල් දුව මංගල පෝරුවේ සිටිනවා දුව දකින්න අළුත් නෑයො අද මෙහෙ එනවා) // ඔබෙ පොඩි පින්තූරය බිත්තියෙ එල්ලෙනවා කැකුළු දත් ටිකක් පෙන්නල හිනැහි බලනවා ඇස් දෙක වගෙ රැකගත් ඔබ මගේ දුව තමා සතුටින් හිනැහෙන්නකො ඔය කඳුළු පිස දමා කල්ගත වී ඔබෙ මව් පියො වයසට යනවා දුවනියෙ අපි එකලට ඔබෙ පිහිට පතනවා (නෑදෑ හිතවතුන් සමග සතුටින් ඉන්න හැදූ මවගෙ දෙපා වැඳල දුව සමු ගන්න) // අප අතරෙන් ඉගිලී යන කිරිලි දියණියේ අළුත් කූඩුවක් හදන්න පරාදීසයේ ඒ තුළ සාමය රජ වෙයි මුළු ජීවිතයේ නපුරක් කිසිදා නොවෙන්න බැඳි ආදරයේ

MAGE SURATHAL PODI DUWA by Maxwell Mendis

Maxwell Mendis


 


2.46K subscribers

෴෴෴ මගෙ සුරතල් පොඩි දුව ෴෴෴ මගෙ සුරතල් පොඩි දුව හොඳ ළමයෙකු වෙනවා එහි සැකයක් නැති බව මට වැටහී යනවා මට ඇති එක වස්තුව මේ ලොවෙහි ඔබ තමා මා මැරුණත් මගෙ හිත නැහැ යන්නෙ ඔබ දමා පාන්දරින් මම යන කල රැකියාව කරා මිදුලට බැස අත වනනව නොපෙනි යන තුරා (පොඩි සපත්තු ඇඳුම් තවද කැවිළි ගේනවා මේව දීල මං ඇගෙ පොඩි සිත සනසනවා) // පොඩි දේකට බැන්නොත් එයා දුකෙන් අඬනවා එවෙලෙට මට අනුකම්පාවක් ඇති වෙනවා නාඬන් මගෙ දුව කියමින් වඩා ගන්නවා හොඳයි නරක දෙක එයාට වටහා දෙනවා කල් ගත වී පොඩි දුව ලොකු ළමයෙක් වෙනවා දැන් එයාට හොඳයි නරක ටිකක් දන්නවා (චරිතෙ ඔබේ පණටත් වැඩියෙන් රැක ගන්න දිවි රැකුණත් කිළුටින් පල නැතැයි සිතන්න) // මගෙ සුරතල් පොඩි දුව................

GIMAN HARINA DIYAMBA DIGE by W. D. Amaradewa

W. D. Amaradewa


 GEE SAYURA

2.46K subscribers

෴෴෴ ගිමන් හරින දියඹ දිගේ ෴෴෴ ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා සිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැළුණු මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ නිල් කටරොලු නිල නැහැවුණ මල්දර මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හඩගාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ ගිමන් හරින................ පද රචනය: ජානක සිරිවර්ධන සංගීතය: අරුණ ගුණවර්ධන ගායනය: ඩබ්. ඩී. අමරදේව

Thursday, December 24, 2020

DAETHE ELLI MIYURU KATHA KI by W. D. Amaradewa

W. D. Amaradewa


 


2.46K subscribers

෴෴෴ දෑතේ එල්ලී මියුරු කතා කී ෴෴෴ දෑතේ එල්ලී මියුරු කතා කී සුරතල් දෝණියනේ කාලයෙ රියසක මහළු මගෙන් ඔබ ඈතට ගෙන යන්නේ දෑතේ එල්ලී.................. බොළඳ මියුරු බස් සවන් නිවා ලූ කැකුළු සිනා රස සිත සනහා ලූ // අතීත සිහිනය බොඳ වී දිය වී ඈතට පා වෙන්නේ ඈතට පා වෙන්නේ දෑතේ එල්ලී.................. පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ ඇස නැළ වූ සිත පින වූ // මතක වරායෙන් නොපෙනෙන ඈතට වැලි බත පා වෙන්නේ වැලි බත පා වෙන්නේ දෑතේ එල්ලී.................. පද රචනය: ස්වර්ණ ශ්‍රී බණ්ඩාර සංගීතය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Swarna Sri Bandara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

DASKON SAKISANDA by Neela Wickramasinghe with W. D. Amaradewa

W. D. Amaradewa

Neela Wickramasinghe


 


2.46K subscribers

෴෴෴ දස්කොන් සකිසඳ ෴෴෴ දස්කොන් සකිසඳ ඉක්මන් ගමනින් නො එනා ගමනකි යන්නේ එනමුත් ළඳුනේ මතු අත් භවයේ ඔබ මා යළි හමු වන්නේ දස්කොන් සකිසඳ……………. සියොළඟ හිමි ලඟ හදවත මා ලඟ කෙලෙසද හද බැඳලන්නේ කවුදෝ රැකවල් ලන්නේ ඔබ මා යලි හමු වන්නේ දස්කොන් සකිසඳ……………. මිය යමි මනු ලොව හමු වෙමි පෙම් ලොව ලොවුතුරු සුව වලඳින්නේ කිසිදා නැත සමු ගන්නේ ඔබ මා යළි හමු වන්නේ දස්කොන් සකිසඳ……………. පද රචනය: සුනිල් ආරියරත්න සංගීතය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව සමග නීලා වික්‍රමසිංහ Lyrics: Sunil Ariyarathne Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa with Neela Wickramasinghe

Wednesday, December 23, 2020

MAWATHA PALUWE SEETHALA yAMAYE by Clarence Wijewardhana

Clarence Wijewardhana


 GEE SAYURA

2.45K subscribers

෴෴෴ මාවත පාළුවේ සීතල යාමයේ ෴෴෴ මාවත පාළුවේ සීතල යාමයේ පෙර දිනයේ මගෙ දිවියේ විදි සුවයේ රස සිහියේ ඇත නොමැකී ලයේ අමතක වී නොයේ දුක දැනුනා සිත තැවුනා පෙර කල මිතුරු ඇසුර පවට පෙරළුනා මාවත පාළුවේ සීතල යාමයේ මීවිත මා අතේ මා සිත ගී පොතේ රස මැව්වේ මල්සර හී වැදී පෙර දා මා විඳී සුව සිහිවේ මේ මුළු ලෝකයේ ජීවිත කාලයේ රජ වෙනවා පැරදෙනවා මාවත පාළුවේ................. දූවිලි මාවතේ මේ මගෙ ජීවිතේ අද ගෙවනා මා මිතුරන් නිතී මා පසු කර යතී මට පිටුපා මේ මුළු ලෝකයේ ජීවිත කාලයේ රජ වෙනවා පැරදෙනවා මාවත පාළුවේ................. පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

MADARA MAL NETHA NOMA DUTU by Clarence Wijewardhana

Clarence Wijewardhana



2.45K subscribers

෴෴෴ මදාරා මල් නෙත නොම දුටූ ෴෴෴ මදාරා මල් නෙත නොම දුටූ සඳේ කැළුම් ගෙනෙයි එහි පිනි බිඳූ ලොවේ ඈත පාවෙනා සුරංගනාවියන් ගෙනෙයි මදාරා මල් නෙත නොම දුටූ දෙව් ලියන් වරලේ රඳනා දෙව් උයන් හොබවා පිපෙනා මට නැත වරම් ඔබ හට තරම් මදාරා මල් නෙත නොම දුටූ මදාරා මල්................... සීත වූ හිමව් අරණේ ඈත තාරකා සෙවනේ මගෙ හද දුටූ මා සිත පැතූ මදාරා මල් නෙත නොම දුටූ මදාරා මල්................... පද රචනය: ක්ලැරන්ස් විජේවර්ධන සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Clarence Wijewardhana Music: Clarence Wijewardhana Artist: Clarence Wijewardhana

ADAREI MA ADAREI by Clarence Wijewardhana

Clarence Wijewardhana


 GEE SAYURA

2.45K subscribers

෴෴෴ ආදරෙයි මා ආදරෙයි ෴෴෴ ආදරෙයි මා ආදරෙයි ආදරෙයි මා ආදරෙයි සෑමදා සුදු නංගියේ වාසනා වේවා සදා වාසනා වේවා සදා ජීවිතේ සුදු නංගියේ දෑතේ වෙලී මා හා එදා සෙල්ලම් කෙරූ පුංචි නංගී මගේ මනමාලියක් වීල අද ඉන්නෙ හිනැහීල පැතුමන් මවා ආදරේ ආදරෙයි මා ආදරෙයි ආදරෙයි මා ආදරෙයි සෑමදා සුදු නංගියේ මේ ආසිරී ඔබටයි නගේ ඉවසීම සැනසීම වෙන දේ ලොවේ සෙනෙහේ බැඳී ඉන්න සිරි දෙව්දුවක් වෙන්න පැතුමන් මවා ආදරේ ආදරෙයි මා ආදරෙයි ආදරෙයි මා ආදරෙයි සෑමදා සුදු නංගියේ වාසනා වේවා සදා වාසනා වේවා සදා මේ ජීවිතේ සුදු නංගියේ පද රචනය: සංගීතය: ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන

JEEWITHAYE KANTHARE by H. R. Jothipala with Anjeline Gunathilake

H. R. Jothipala
Anjeline Gunathilake



 GEE SAYURA

2.45K subscribers

෴෴෴ ජීවිතයේ කාන්තාරේ ෴෴෴ ජීවිතයේ කාන්තාරේ තුරුණු වියළි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ දුටුවා ගලා එන ආදරේ දුටුවා ගලා එන ආදරේ (සුරංගනා කතා පොතේ කතා ලෙසේ මිනිස් ලොවේ සුරංගනා ලොවක් නැතේ) // (කටු ඇත මල් නටු මතේ ලප නැතිදෝ සඳවතේ) // ගජමුතු කැට උපදින්නෙත් වන පෙතේ මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ දුටුවා ගලා එන ආදරේ දුටුවා ගලා එන ආදරේ (කඳුයි හිමයි හිමින් සැරේ බැඳී බැඳී මවයි නොයෙක් සිතුම් ඇළුම් කියා දිදී) // (සීතල නල රැල් දිගේ පායන හිරු සඳු නැගේ) // දෑසක් හා දෑසක් බන්දා හා හා ජීවිතයේ කාන්තාරේ තුරුණු වියළි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ දුටුවා ගලා එන ආදරේ (උදා නොවූ උදෑසනක් උපද්දවා දිවා රැයේ අළුත් හැඟුම් ගෙනත් දෙවා) // (ඔබෙ මුදු පිවිතුරු සිතේ මට හෙට දවසක් ඇතේ) // නෙත පිය වෙන තුරු ඔබටයි ජීවිතේ මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ දුටුවා ගලා එන ආදරේ ජීවිතයේ කාන්තාරේ තුරුණු වියළි වැල්ලේ උතුරා ගලා යයි ආදරේ (මා එන මග සංසාරේ ජීවිතයේ කාන්තාරේ ජීවිතයේ කාන්තාරේ ජීවිතයේ කාන්තාරේ) /// පද රචනය : සංගීත නිර්මාණය : පි. එල්. ඒ. සෝමපාල ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : සුහද පැතුම තනුව : කන්චී රේ කන්චී රේ ගීතය හරේ රාමා හරේ ක්‍රිෂ්ණා චිත්‍රපටය (හින්දි) 1971 ආර්. ඩී. බර්මන්ගේ සංගීතය. Lyrics : Music : P. L. A. Somapala Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Suhada Pathuma Melody : Kanchi Re Kanchi Re song Hare Rama Hare Krishna movie (Hindi) 1971 Music : R. D. Burmen

PAHAN THIRE AWILENNE by H. R. Jothipala with Anjeline Gunathilake

H. R. Jothipala
Anjeline Gunathilake



2.45K subscribers

෴෴෴ පහන් තිරේ ඇවිලෙන්නේ ෴෴෴ පහන් තිරේ ඇවිලෙන්නේ පැතුම ඔබේ නෑ සුන් වන්නේ සසල වුණා හද සාගරේ උරගා බැලුවද මගෙ ආදරේ අරුණ උදේ කිරණ විදා නොදිලි ගිලේවිද දිනපතිඳා අඳුරු වළා අතර කිඳා සැඟවි මැවේවිද රැස් හමුදා පහන් තිරේ ඇවිලෙන්නේ පැතුම ඔබේ නෑ සුන් වන්නේ නවමලියේ ඔබ සෙවනේ දහසක් මල්වල සුවඳ දැනේ මා කව්දැයි අමතක වී මගෙ නෙත සිත ගත ඔබ සතුවී පහන් තිරේ ඇවිලෙන්නේ................ පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය : පී. එල්. ඒ. සෝමපාල ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : ඔන්න බබෝ බිල්ලෝ එනවා (1974) Lyrics : Karunarathne Abeysekara Music : P. L. A. Somapala Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Onna Babo Billo Enawa (1974)

NUPURUDU HANGUMAKI THERAPENNE by H. R. Jothipala with Anjeline Gunathilake

Anjeline Gunathilake

H.R.Jothipala



 
෴෴෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ෴෴෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ නොවිඳපු රසයකි උතුරන්නේ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ වෙනදා කවදාවත් නොවුණේ නුපුරුදු හැඟුමකි................ ඔබෙ නුවන් රන් කූඩුවේ කව්ද යුවළක් ජෝඩුවේ ඉන්නෙ කව්දෝ හැංගිලා බලනු මැනවී ලං වෙලා ඔහු වගෙයි මා ඔබ වගෙයි ඈ සතුටු වී සපුරා අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා නුපුරුදු හැඟුමකි................// පිපී සැලෙනා ලිය ගොමු හැපී නඟනා ගුමු ගුමු සුළඟෙ එතිලා මුසු වෙලා ඈත විසිරෙයි පාවෙලා අපගෙ හැඩයේ අතර සැතපේ මියුරු සර වපුරා අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා නුපුරුදු හැඟුමකි................// පද රචනය : සංගීත නිර්මාණය : ටී. එෆ්. ලතීෆ් (තනුව: එම්. එම්. හක්) ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : සුජීවා (1972) Lyrics : Music : T. F. Latif (Melody: M. M. Haq) Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Sujeewa (1972)

BALA MASSINE by Anjeline Gunathilake with Clarence Wijewardhana

Anjeline Gunathilake

Clarence Wijewardhana


 ෴෴෴ බාල මස්සිනේ ෴෴෴

බාල මස්සිනේ මොනවද වෙන්න යන්නෙ මේ (පොරොන්දම් අපේ හොඳ නැති වගක් කියනවා) // නෑනො ඔය තරම් කලබල වෙන්නෙ මොකටදෝ ඕක අම්මගේ ගැටයක් කියා හිතෙනවා ඒක නම් හැබැයි මුල සිට ඈ විරුද්ධමයි (අම්ම කිව් කතා ඇහුවම බයයි හිත මගේ) // බය වෙලා බැහෑ ජීවත් වෙන්න මේ ලොවේ ආදරේ නමින් නොසැලී ඉන්න කෝ නගේ ඊයෙ දහවලේ තරුණෙක් විත් සිදාදියෙන් (හින්නි නංගිගෙන් වංහුං ඇහුවලූ මගේ) // පිපෙන මල් කැලේ සොයමින් යන්න පැණි උරා බමරු එනවනේ නිතරම කොහෙත් ඔය වගේ කව්රුදෝ අපේ හඳහන් දෙක අරන් බලා (දීග කෑවොතින් ඔබ මැරෙනවයි කිව්වලූ) // නෑනො ඔබ විවා කරගෙන එක දිනක් ගෙවා ජීවිතේ මගේ නැතිවී ගියත් කම් නැතේ (බාල මස්සිනේ මගේ බාල මස්සිනේ බාල මස්සිනේ මොනවද වෙන්න යන්නෙ මේ) /// පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ඇන්ජලීන් ගුණතිලක සමග ක්ලැරන්ස් විජේවර්ධන Lyrics : Karunarathne Abeysekara Music : Clarence Wijewardhana Artist : Anjeline Gunathilake with Clarence Wijewardhana