Friday, December 25, 2020

MAGE SURATHAL PODI DUWA by Maxwell Mendis

Maxwell Mendis


 GEE SAYURA

2.46K subscribers

෴෴෴ මගෙ සුරතල් පොඩි දුව - 2 ෴෴෴ මගෙ සුරතල් පොඩි දුව අද දීගෙක යනවා ජය මංගල සුබ ආසිරි ගීත ඇසෙනවා අවිහිංසක මනාලයෙක් නිවසට එනවා ඔහු අත ගන්නට මම අද අවසර දෙනවා බාලෙහි කී බොළඳ කතා මට සිහි වෙනවා ඒවා දැන් යලි මගෙ දෙසවනට ඇසෙනවා (සුරතල් දුව මංගල පෝරුවේ සිටිනවා දුව දකින්න අළුත් නෑයො අද මෙහෙ එනවා) // ඔබෙ පොඩි පින්තූරය බිත්තියෙ එල්ලෙනවා කැකුළු දත් ටිකක් පෙන්නල හිනැහි බලනවා ඇස් දෙක වගෙ රැකගත් ඔබ මගේ දුව තමා සතුටින් හිනැහෙන්නකො ඔය කඳුළු පිස දමා කල්ගත වී ඔබෙ මව් පියො වයසට යනවා දුවනියෙ අපි එකලට ඔබෙ පිහිට පතනවා (නෑදෑ හිතවතුන් සමග සතුටින් ඉන්න හැදූ මවගෙ දෙපා වැඳල දුව සමු ගන්න) // අප අතරෙන් ඉගිලී යන කිරිලි දියණියේ අළුත් කූඩුවක් හදන්න පරාදීසයේ ඒ තුළ සාමය රජ වෙයි මුළු ජීවිතයේ නපුරක් කිසිදා නොවෙන්න බැඳි ආදරයේ

No comments:

Post a Comment