Thursday, December 17, 2020

AHA AHA ADARANIYA SINA OBE by H. R. Jothipala with Anjeline Gunathilake

Anjeline Gunathilake

H. R. Jothipala


 ෴෴෴ අහා අහා ආදරණීය සිනා ෴෴෴

අහා අහා ආදරණීය සිනා ඔබේ අහා අහා ආදරණීය සිනා මගේ නෙත් තුරුල්ලේ නිදැල්ලේ සැතපෙනා අහා අහා ආදරණීය සිනා ඔබේ අහා අහා ආදරණීය සිනා හදේ මල් ලතාවේ සුගන්දේ විහිදෙනා අහා අහා ආදරණීය සිනා ඔබේ අහා අහා ආදරණීය සිනා සුළං වැල් ගීත ගයා යයි නොදන්නා ගීත ගයා යයි සුළං වැල් ගීත ගයා යයි සයුරෙහි දිය රැළි මෙනි මගෙ සිතුවිළි කියා ගන්න ගොතය කියම්ද කෙසේ අහා අහා ආදරණීය සිනා ඔබේ අහා අහා ආදරණීය සිනා ඔබේ මේ බැල්මෙන්ම තේරේ හදේ ඇති චංචල බාවේ ඔබේ මේ බැල්මෙන්ම තේරේ දෙතොල සැලෙන හැටි ඇසිපිය ලන හැටි නුපුරුදු තැන්වල ඔහොම තමා අහා අහා ආදරණීය සිනා ඔබේ අහා අහා ආදරණීය සිනා මගේ නෙත් තුරුල්ලේ නිදැල්ලේ සැතපෙනා අහා අහා ආදරණීය සිනා ඔබේ අහා අහා ආදරණීය සිනා පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය : පී. එල්. ඒ. සෝමපාල ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : හතර දෙනාම සූරයෝ (1971) තනුව : අහා අහා ආ යේ සුහානා සෆර් ගීතය සුහානා සෆර් (හින්දි) චිත්‍රපටය - 1970 සංගීතය : ලක්ෂ්මීකාන්ත් ප්‍යාරේලාල් Lyrics : Karunarathne Abeysekara Music : P. L. A. Somapala Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Hathara Denama Surayo (1971) Melody: Aha Aha Aye Suhana Safar song Film: Suhana Safar (Hindi) 1970 Music: Laxmikant Pyarelal

No comments:

Post a Comment