Friday, December 18, 2020

SUDU PATA MEEDUM GALALA by H. R. Jothipala with Anjeline Gunathilake


 ෴෴෴ සුදු පාට මීදුම් ගලාලා ෴෴෴

සුදු පාට මීදුම් ගලාලා අර පේන කන්දේ වෙළීලා මදහාසෙ පෙන්වා බැඳීලා දෙදෙනාට රහසේ කියා දේ සුදු පාට මීදුම් ගලාලා................ ආදරේ ආදරේ (නීල ඔබෙ දෑස යහනාව සුව දේ දෙන්න සැතපෙන්න ඉඩ දෙන්න නිබඳේ) // (එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ) // ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ සුදු පාට මීදුම් ගලාලා................ ආදරේ ආදරේ (ඈත දිය ඇල්ල පිස ආව සුළඟයි ගන්න අත ගන්න ලං වෙන්න සිසිලයි) // (සීත දුරු වන්නෙ අද වාගෙ රැයකයි සිහින හෙලි වන්නෙ හෙට ආයෙ හිරුටයි) // සිහින හෙලි වන්නෙ හෙට ආයෙ හිරුටයි සුදු පාට මීදුම් ගලාලා................// ආදරේ ආදරේ ආදරේ පද රචනය : සංගීත නිර්මාණය : එම්. කේ. රොක්සාමි ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : එදත් සූරයා අදත් සූරයා (1972) තනුව : කෝන් හේ ජො සප්නේ මේන් ආයා චිත්‍රපටය : ජූක් ගයා ආස්මාන් (හින්දි) 1968 සංගීතය : ශන්කර් ජායිකිෂන් Lyrics : Music : M. K. Rocksamy Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Edath Sooraya Adath Sooraya (1972) Melody : Kaun Hai Jo Sapne Mein Aaya Film : Jhuk Gaya Aasman (Hindi) 1968


Music : Shanker Jaikishan

No comments:

Post a Comment