෴෴෴ ජීවිතයේ කාන්තාරේ ෴෴෴
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියළි වැල්ලේ
උතුරා ගලා යයි ආදරේ
මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
දුටුවා ගලා එන ආදරේ
(සුරංගනා කතා පොතේ කතා ලෙසේ
මිනිස් ලොවේ සුරංගනා ලොවක් නැතේ) //
(කටු ඇත මල් නටු මතේ ලප නැතිදෝ සඳවතේ) //
ගජමුතු කැට උපදින්නෙත් වන පෙතේ
මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
දුටුවා ගලා එන ආදරේ
(කඳුයි හිමයි හිමින් සැරේ බැඳී බැඳී
මවයි නොයෙක් සිතුම් ඇළුම් කියා දිදී) //
(සීතල නල රැල් දිගේ පායන හිරු සඳු නැගේ) //
දෑසක් හා දෑසක් බන්දා හා හා
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියළි වැල්ලේ
උතුරා ගලා යයි ආදරේ
මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
(උදා නොවූ උදෑසනක් උපද්දවා
දිවා රැයේ අළුත් හැඟුම් ගෙනත් දෙවා) //
(ඔබෙ මුදු පිවිතුරු සිතේ මට හෙට දවසක් ඇතේ) //
නෙත පිය වෙන තුරු ඔබටයි ජීවිතේ
මා එන මග සංසාරේ ලුහු බැඳ එක එල්ලේ
දුටුවා ගලා එන ආදරේ
ජීවිතයේ කාන්තාරේ තුරුණු වියළි වැල්ලේ
උතුරා ගලා යයි ආදරේ
(මා එන මග සංසාරේ ජීවිතයේ කාන්තාරේ
ජීවිතයේ කාන්තාරේ ජීවිතයේ කාන්තාරේ) ///
පද රචනය :
සංගීත නිර්මාණය : පි. එල්. ඒ. සෝමපාල
ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක
චිත්‍රපටය : සුහද පැතුම
තනුව : කන්චී රේ කන්චී රේ ගීතය
හරේ රාමා හරේ ක්‍රිෂ්ණා චිත්‍රපටය (හින්දි) 1971
ආර්. ඩී. බර්මන්ගේ සංගීතය.
Lyrics :
Music : P. L. A. Somapala
Artist : H. R. Jothipala with Anjeline Gunathilake
Film : Suhada Pathuma
Melody : Kanchi Re Kanchi Re song
Hare Rama Hare Krishna movie (Hindi) 1971
Music : R. D. Burmen
No comments:
Post a Comment