Wednesday, December 23, 2020

NUPURUDU HANGUMAKI THERAPENNE by H. R. Jothipala with Anjeline Gunathilake

Anjeline Gunathilake

H.R.Jothipala



 
෴෴෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ ෴෴෴ නුපුරුදු හැඟුමකි තෙරපෙන්නේ නොවිඳපු රසයකි උතුරන්නේ නෙත ගත සිත මගෙ පිබිදෙන්නේ වෙනදා කවදාවත් නොවුණේ නුපුරුදු හැඟුමකි................ ඔබෙ නුවන් රන් කූඩුවේ කව්ද යුවළක් ජෝඩුවේ ඉන්නෙ කව්දෝ හැංගිලා බලනු මැනවී ලං වෙලා ඔහු වගෙයි මා ඔබ වගෙයි ඈ සතුටු වී සපුරා අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා නුපුරුදු හැඟුමකි................// පිපී සැලෙනා ලිය ගොමු හැපී නඟනා ගුමු ගුමු සුළඟෙ එතිලා මුසු වෙලා ඈත විසිරෙයි පාවෙලා අපගෙ හැඩයේ අතර සැතපේ මියුරු සර වපුරා අතට අත දී හිතට හිත දී එන්න මා පෙම්බරා නුපුරුදු හැඟුමකි................// පද රචනය : සංගීත නිර්මාණය : ටී. එෆ්. ලතීෆ් (තනුව: එම්. එම්. හක්) ගායනය : එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ගුණතිලක චිත්‍රපටය : සුජීවා (1972) Lyrics : Music : T. F. Latif (Melody: M. M. Haq) Artist : H. R. Jothipala with Anjeline Gunathilake Film : Sujeewa (1972)

No comments:

Post a Comment