Wednesday, December 23, 2020

BALA MASSINE by Anjeline Gunathilake with Clarence Wijewardhana

Anjeline Gunathilake

Clarence Wijewardhana


 ෴෴෴ බාල මස්සිනේ ෴෴෴

බාල මස්සිනේ මොනවද වෙන්න යන්නෙ මේ (පොරොන්දම් අපේ හොඳ නැති වගක් කියනවා) // නෑනො ඔය තරම් කලබල වෙන්නෙ මොකටදෝ ඕක අම්මගේ ගැටයක් කියා හිතෙනවා ඒක නම් හැබැයි මුල සිට ඈ විරුද්ධමයි (අම්ම කිව් කතා ඇහුවම බයයි හිත මගේ) // බය වෙලා බැහෑ ජීවත් වෙන්න මේ ලොවේ ආදරේ නමින් නොසැලී ඉන්න කෝ නගේ ඊයෙ දහවලේ තරුණෙක් විත් සිදාදියෙන් (හින්නි නංගිගෙන් වංහුං ඇහුවලූ මගේ) // පිපෙන මල් කැලේ සොයමින් යන්න පැණි උරා බමරු එනවනේ නිතරම කොහෙත් ඔය වගේ කව්රුදෝ අපේ හඳහන් දෙක අරන් බලා (දීග කෑවොතින් ඔබ මැරෙනවයි කිව්වලූ) // නෑනො ඔබ විවා කරගෙන එක දිනක් ගෙවා ජීවිතේ මගේ නැතිවී ගියත් කම් නැතේ (බාල මස්සිනේ මගේ බාල මස්සිනේ බාල මස්සිනේ මොනවද වෙන්න යන්නෙ මේ) /// පද රචනය : කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය : ක්ලැරන්ස් විජේවර්ධන ගායනය : ඇන්ජලීන් ගුණතිලක සමග ක්ලැරන්ස් විජේවර්ධන Lyrics : Karunarathne Abeysekara Music : Clarence Wijewardhana Artist : Anjeline Gunathilake with Clarence Wijewardhana

No comments:

Post a Comment