Sunday, January 31, 2021

BORALU ANENA PAYA RIDAWANA by Deepika Priyadarshani Peiris | බොරළු ඇනෙන පය රිදවන


 

⋆⋆⋆ බොරළු ඇනෙන පය රිදවන ⋆⋆⋆⋆⋆⋆ බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවා ගන්න ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලා ගන්න මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න කැලේ ගිහින් නිදි වැරුවා කැලේ ගිහින් නිදි වැරුවා කැපුණ සඳුන් දණ්ඩ දනී ඒ සඳුනින් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී අඳුරට දුක එකතු වෙලා අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වඩී අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී රෑන ගිරව් කටුසු කොබෙයි රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ කඳු ඉස්මත්තෙන් පාවී කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ පුංචි එවුන්ටයි ලස්සණ කිරි ගරුඬෙන් කවිය වුණේ පද සංකල්පනාව: රුචිර පරණවිතාන සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Lyrics: Ruchira Paranavithana Music: Rohana Weerasinghe Artist: Deepika Priyadarshani Peiris

Friday, January 29, 2021

THARU DAHASAK PAYANA RA by Keerthi Pasquel




 

෴෴ තරු දහසක් පායන රෑ ෴෴෴ තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ පෙමින් බැඳුනු හිත කෙලෙසක නපුරු වුණාදෝ තරු දහසක් ................ මට සතුරු වුණාදෝ නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන් පිපුනු කුසුම පර වෙන්නෙත් හිත අනාදරෙන් සඳේ සිසිල හිරු උණුසුම බෙද අහස් තලෙන් තරු බිඳුවක ආදරයෙන් පලක් නෑ ඉතින් මට පලක් නෑ ඉතින් පෙමක සුවඳ විඳ ගනු බෑ දුරස් වූ සිතින් පවසක් සන්සිඳ වනු බෑ තුසර බිඳුවකින් කඳුළු බිඳක් නොමැති නෙතින් වැලපුනත් ඉතින් ආදරයට අනුකම්පා මට එපා ඉතින් යලි මට එපා ඉතින් තරු දහසක් පායන ................ මට සතුරු වුණාදෝ /// පද රචනය: ධර්මරත්න පෙරේරා සංගීත නිර්මාණය: මිල්ටන් පීරිස් ගායනය: කීර්ති පැස්කුවෙල් Lyrics: Dharmarathne Perera Music: Milton Peiris Artist: Keerthi Pasquel

Thursday, January 28, 2021

ADARE NAM AYI METHARAM by Chandralekha Perera with Prince Udaya Priyantha | ආදරේ නම් ඇයි මෙතරම්


 

෴෴෴ ආදරේ නම් ඇයි මෙතරම් ෴෴෴ ආදරේ නම් ඇයි මෙතරම් මට හිංසා දෙන්නේ වරදක් වීද මගෙන් නෑ හද වාවන්නේ සුළු දෙයකින් සිත සැළෙනා මා පෙම්බර ළඳුනේ කිසි දා තුන් සිතකින් නැහැ ඔබ රිදවන්නේ ආදරේ නම් නිරතුරු ඔබ ලඟ දැවටී ඉන්නට වරම් නැතේ එ නිසා සැකයක් ඔබ සිත රැඳිලා දෝ කැලඹී සැමදා ඔබ එනවා යයි මා මඟ බලා හිඳී පැතුමන් හද අරණේ ලැඟුම් ගනී සිතුවිල්ලේ ඈත දිහා හඬ ඇසෙනා වාගෙ දැනේ මාරුතේ ආදරේ නම් ඇයි මෙතරම් මට හිංසා දෙන්නේ වරදක් වීද මගෙන් නෑ හද වාවන්නේ ආදරේ නම් රන් මිණි කිරුළු දරා සිටියත් ඔබ නැති ලෝකේ කුමටද සෙනෙහස ලඟ නැති තනිවුණ මේ ලෝකේ ආදරයේ මිහිර ගෙනා ඔබ මා ලඟ නැතිමුත් එක සිතමයි ඇත්තේ පුද දුන් සෙනෙහස මත්තේ හොර රහසේ සිතට හොරා ආල සිතුම් මැවේවී ආදරේ නම් ................ ආදරේ නම් පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: චන්ද්‍රලේඛා පෙරේරා සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Chandralekha Perera with Prince Udaya Priyantha

ARUNA UDAYE PIPUNA MALA SE by J. A. Milton Perera


 ෴෴෴ අරුණ උදයේ ෴෴෴ අරුණ උදයේ පිපුන මල සේ පිබිද මැලිකම් දුරලලා මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා ගමන නාලිය වැනිය ඈ පිය නගා ලිඳ වෙත දියට යයි ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව් කඩිසරයි අරුණ උදයේ .................... සිහල ආරිය සිරිත මේ ලිය සියළු තැන්හිම රකිනවා පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන් දිළෙනවා අරුණ උදයේ පිපුන මල සේ පිබිද මැලිකම් දුරලලා වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බීරළු හැඩ දමා කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඇය තමා අරුණ උදයේ .................... දෙගුරු කුල දෙවි නැමදලා // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ආර්. මුත්තුසාමි ගායනය: ජේ. ඒ්. මිල්ටන් පෙරේරා චිත්‍රපටය: කුරුළු බැද්ද Lyrics: Karunarathne Abeysekara Music: R. Muththusamy Artist: J. A. Milton Perera Film: Kurulu Badda

SANGEETHA SAGARE by Prince Udaya Priyantha


 

෴෴෴ සංගීත සාගරේ ෴෴෴ සංගීත සාගරේ පෙම් සිහින මාරුතේ සන්සුන් හදක් නැවක් සේ ගිලේ මායාවකින් සංගීත සාගරේ ................... සංගීත සාගරේ කැකුළු මල සේ නැවුම් වී සිතක් මෝදුවේ සළෙල බඹරුන් ඇදී ඒ මලට ලොල් සිතේ රඟන තාලේ බලා ගයන ගීතේ අසා මත් වේවිදෝ සංගීත සාගරේ ................... සංගීත සාගරේ සිතට වහලෙක් නොවේ නම් කිරුළු පළඳයි ලොවේ ඉක්මන් සුවේ සොයා යයි ගැඹුරු අවපාතයේ ඈත දුර ගැන සිතා සිත් පහන් වේවි නම් ජය මාවතයි සංගීත සාගරේ ................... සංගීත සාගරේ පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Prince Udaya Priyantha

Sunday, January 17, 2021

MAGE DEASE KANDULU by J A Milton Perera | මගෙ දෑසෙ කඳුළු | J.A.Milton Pe...



෴෴෴ මගෙ දෑසෙ කඳුළු ෴෴෴
මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වේ ඔහු නැග ඇත මට හිමි නැති මඟුල් පෝරුවේ මගෙ දෑසෙ කඳුළු ................. මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා// මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා පරම චේතනා මගෙ දෑසෙ කඳුළු ................. නො ඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන් සතූ// මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ ඔහුට මින් මතූ මගෙ දෑසෙ කඳුළු .................// ගායනය: ජේ. ඒ. මිල්ටන් පෙරේරා මුල් ගායනය: ටියුඩර් ජයශාන්ත පද රචනය: සරත් චන්ද්‍රසිරි සංගීත නිර්මාණය: රංජිත් පෙරේරා

LO AMBALAME INDALA YANAWA by Latha Walpola



෴෴෴ ලෝ අම්බලමේ ඉඳලා ෴෴෴
ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා දෙයි මාන බලා කරුමේ පහරා මේ ජීවිතයේ කෝ ස්ථිරතා පිණි බිංදු වගේ බිඳි යාවි සෙනේ මේ නිසරු කයේ අපි ආලෙ කළා // කරුමේ කළේ මේ කිමදෝ අනේ අහෝ කරුමේ කළේ මේ කිමදෝ අනේ මේ මාව දමාලා යන්නෙ කොහේ ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා ගිණි දැල්ල නගින්නා සොහොන පුරා ගිනි කන්ද නගී ආකාසෙ සරා ගිනි දැල්වීල ආවේ හර්දෙ පලා පව්කාර මගේ පව් පල දේ අහෝ පව්කාර මගේ පව් පල දේ අහෝ මේ ජීවිතයේ කෝ ස්ථිරතා ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා සංසාර දුකින් මිරිකීම තමා ලෝකේහි සොබා දහමේ නියමා // මරණේට ආ දා යා යුතුයි ඔව් මරණේට ආ දා යා යුතුයි ධර්මේ මෙ නමුත් සැනසෙන්න මෙසේ ලෝ අම්බලමේ ඉඳලා ................ ලෝ අම්බලමේ පද රචනය: ඩී. ටී. ප්‍රනාන්දු සංගීතය: එස්. වේදාචලම් ගායනය: ලතා වල්පොල මුල් ගායනය: ජික්කි චිත්‍රපටය: ජීවිත සටන (1957) තනුව: දින් දින් කෙ ලියේ හින්දි ගීතය චිත්‍රපටය: බාදල් (1951) සංගීත නිර්මාණය: ෂන්කර්-ජායිකිෂන් Lyrics: D. T. Fernando Music: S. Vedachalam Artist: Latha Walpola First Version sung by Jikki Film: Jeewitha Satana (1957) Melody: Din Din Ke Liye Hindi song Film: Badal (1951) Music Direction: Shankar-Jaikishan

Friday, January 15, 2021

KANDA UDIN ENA GOMARIYE by W. D. Amaradewa


 

෴෴෴ කන්ද උඩින් එන ගෝමරියේ ෴෴෴ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටියේ කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ ඇයි මට පිටුපා ගෙට යන්නේ නලලේ දාඩිය මුතුපට පටලා වළාකුලේ සුදු සේලය රැඳිලා වළාකුලේ සුදු සේලය රැඳිලා අත පාමුදු පය පාමුදු ලා ගෙන ළමැදේ ගෝමර මල් ගවසා ගෙන කන්ද උඩින් එන ගෝමරියේ කන්ද උඩින් සඳවත පායන්නේ සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ ලැව් ගිනි ගත් සිත එයිනි නිවෙන්නේ රන් තැටියෙන් කිරි දියර දියන්නේ කන්ද උඩින් එන ගෝමරියේ කඳු පාමුල මිටියාවත වැතිරී ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී ඈත ඉඳන් කළු මුහුදට නැඟලා මා කැඳවයි ඔබ වෙත අත වනලා කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ ඇයි මට පිටුපා ගෙට යන්නේ නලලේ දාඩිය මුතුපට පටලා වළාකුලේ සුදු සේලය රැඳිලා වළාකුලේ සුදු සේලය රැඳිලා අතපා මුදු පය පා මුදු ලා ගෙන ළමැදේ ගෝමර මල් ගවසා ගෙන කන්ද උඩින් එන ගෝමරියේ පද රචනය: මහගමසේකර සංගීතය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Mahagamasekara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

OBA MA SAMAGA by W. D. Amaradewa


 

෴෴෴ ඔබ මා සමග ෴෴෴ ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැළුවා හොරැහින් ම දෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැළුවා හොරැහින් ම දෙස පද රචනය: සුනිල් සරත් පෙරේරා සංගීතය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Sunil Sarath Perera Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

SANNALIYANE SANNALIYANE by W. D. Amaradewa


 

෴෴෴ සන්නාලියනේ සන්නාලියනේ ෴෴෴ සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුනු කුලුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ දිලිසෙන ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුලුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ මැළැවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ හීතල සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ පද රචනය: මහගමසේකර සංගීත නිර්මාණය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Mahagamasekara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

THOLIN THOLATA WAHENA AMA BINDU by W. D. Amaradewa


 

෴෴෴ තොලින් තොලට වෑහෙන මී බිංදූ ෴෴෴ අද පමණයි ඉතිරිව පවතින්නේ හෙට වන විට අප නැත හමුවන්නේ තොලින් තොලට වෑහෙන මී බිංදූ තොලින් තොලට පෑහෙන මී බිංදූ තොලින් තොලට යාවෙන අම ලන්දූ මලින් මලට පාවෙන බඹරින්දූ පිපෙන පිපෙන මල් කැකුලට කොඳුරා බමරා පවසන රහස මෙයයි ඔබ තොල් පෙති මට මීවිත වේ නම් මම ඔබෙ සංගීතය වෙන්නම් නොපැමිණි දුක් එන මග මල් රඳවා // සපැමිණි දුක් හැම දුරු කරවා // ජීවිත සැපතට දොර අරවා මී විත ගෙන එන් මුව විත පුරවා පද රචනය: මහගමසේකර සංගීත නිර්මාණය: ලයනල් අල්ගම ගායනය: ඩබ්. ඩී. අමරදේව චිත්‍රපටය: පරසතු මල් (1966) Lyrics: Mahagamasekara Music: Lionel Algama Artist: W. D. Amaradewa Film: Parasathu Mal (1966)

SANDUN GASE SAMAN WALAK by W. D. Amaradewa with Mallika Kahawita


 

෴෴෴ සඳුන් ගසේ සමන් වැලක් ෴෴෴ සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සැළී ලෙළී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා මූදට හාවී ගඟ හාදු පුදාවී මී අඹ දළු සිළි සිළිගා නටන්නේ කාටද මේ කාටද අත වනන්නේ // මල වටකර වන බඹරිඳු බමන්නේ මධු රස දැනිලා ද මෙසේ රඟන්නේ පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පාවි නුරා ඒ දුටු මයුරී බලයි සතුටින් ඉපිලී සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සැලී ලෙළී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා මූදට හාවී ගඟ හාදු පුදාවී සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව සහ මල්ලිකා කහවිට චිත්‍රපටිය: අදට වැඩිය හෙට හොඳයි (1963) Lyrics: Karunarathne abeysekara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa with Mallika Kahawita Film: Adata Wadiya Heta Hondai (1963)

Pipunu Kusuma Parawuwa by W. D. Amaradewa


 

෴෴෴ පිපුනු කුසුම පරවූවා ෴෴෴ පිපුනු කුසුම පරවූවා පිපුනු කුසුම පරවූවා බමර කිකිණි ගොළු වුණා මුතු කැට සුද සැඟවුණා හසරැළි වියළී ගියා - හසරැළි වියළී ගියා පිපුනු කුසුම පරවූවා සිතක නැඟී පෙම් රළ පෙළ වෙරළ වැළඳ නිල් දෑසක සිතක නැඟී පෙම් රළ පෙළ කඳුළු වලට පෙරළුනා - කඳුළු වලට පෙරළුනා කඳුළු වලට පෙරළුනා දෑස අඳුර කැටි වුණා පිපුනු කුසුම පරවූවා පිපුනු කුසුම පරවූවා බමර කිකිණි ගොළු වුණා මුතු කැට සුද සැඟවුණා හසරැළි වියළී ගියා - හසරැළි වියළී ගියා පිපුනු කුසුම පරවූවා පද රචනය: සිරි ගුණසිංහ සංගීතය: සෝමදාස ඇල්විටිගල ගායනය: ඩබ්. ඩී. අමරදේව චිත්‍රපටය: සත් සමුදුර (1967) Lyrics: Siri Gunasinghe Music: Somadasa Alwitigala Artist: W. D. Amaradewa Film: Sath Samudura (1967)

Monday, January 11, 2021

SIRIPODA WASSA WAHI by Gunadasa Kapuge


 

2.65K subscribers

෴෴෴ සිරි පොද වැස්ස වහී ෴෴෴ සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී තෙමි තෙමි යමුද කොහේ මඟතොට නිවහනක් නැතී වැව රවුමේ වැව රවුමේ - වැව රවුමේ වැව රවුමේ සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී හිමිදිරි හඳපානේ නැළවෙන ගොයම වගේ මගෙ සිත නැමේ නැමේ ඔබ සිත වෙතට නැමේ පෙම් මල් පිපුණු හිතේ පුසුඹට නොවෙද නඟෝ මගෙ සිත නැමේ නැමේ ඔබ සිත වෙතට නැමේ සිරි පොද වැස්ස වහී ................... සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී ලස්සණ වැව් ඉවුරේ නිල් දිය සරැළි බිඳේ සිරි පොද වැටෙයි හිතේ වෙන්වී යමුද කොහේ පෙම් මල් පිපුණු හිතේ මල් පෙති කැඩෙයි අහෝ වෙන්වී යන්ට නොවේ ළංවී ඉඳිමු මෙහේ සිරි පොද වැස්ස වහී ................... සිරි පොද වැස්ස වහී හාදු දී සුළං ඇදී එතී /// පද රචනය : සුනිල් ආර්. ගමගේ සංගීත නිර්මාණය : එච්.එම්. ජයවර්ධන ගායනය : විශාරද ගුණදාස කපුගේ සහ විශාරද මාලිනී බුලත්සිංහල Lyrics : Sunil R. Gamage Music : H. M. Jayawardhana Artist : Gunadasa Kapuge with Malani Bulathsinhala

Sunday, January 10, 2021

HORA BORU MAGE NATHA by Maxwell Mendis

HORA BORU MAGE NATHA by Maxwell Mendis

MATA SAMAWANNA by Clarence Wijewardhana

 



2.64K subscribers

෴෴෴ මට සමාවන්න ෴෴෴ සමාවන්න මට සමාවන්න මම වරදක් කළා නොවේ ඔබ කියන කතා මට සිතිය නොහේ එය ආදර බැල්මෙහි නෑ ලියවී තිබුණේ මා සිත රිදවා සිනහසුනා ඔබ සිනහසුනා මම නෑ තරහා ඔබ හා කිසිදා නොදැනී ඔබ හා බැඳුනා පමණී මට සමාවන්න මට සමාවන්න මම තරහා වුණා නොවේ ඔබ කියන කතා මට සිතිය නොහේ එය ආදර බැල්මෙහි නෑ ලියවී තිබුණේ මා තනිවේ යැයි ඔබ සිතුවා දෝ ඔබ සිතුවා දෝ හද නෑ තැවුනේ සිත නෑ බිඳුනේ ඔබ මා හඳුනා ගත්තා පමණී මට සමාවන්න මට සමාවන්න මම වරදක් කළා නොවේ ඔබ කියන කතා මට සිතිය නොහේ එය ආදර බැල්මෙහි නෑ ලියවී තිබුණේ පද රචනය: සංගීතය: ගායනය: ක්ලැරන්ස් විජේවර්ධන Lyrics: Music: Artist: Clarence Wijewardhana