Friday, January 15, 2021

OBA MA SAMAGA by W. D. Amaradewa


 

෴෴෴ ඔබ මා සමග ෴෴෴ ඔබ මා සමඟ අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැළුවා හොරැහින් ම දෙස වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි පාළුව ලුහු බඳින කිරලා හඬා වැටෙයි නොකියූ රහස හද උතුරා වාන් දමයි මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස මේ මහ කන්ද බැළුවා හොරැහින් ම දෙස පද රචනය: සුනිල් සරත් පෙරේරා සංගීතය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Sunil Sarath Perera Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

No comments:

Post a Comment