Friday, January 15, 2021

SANDUN GASE SAMAN WALAK by W. D. Amaradewa with Mallika Kahawita


 

෴෴෴ සඳුන් ගසේ සමන් වැලක් ෴෴෴ සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සැළී ලෙළී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා මූදට හාවී ගඟ හාදු පුදාවී මී අඹ දළු සිළි සිළිගා නටන්නේ කාටද මේ කාටද අත වනන්නේ // මල වටකර වන බඹරිඳු බමන්නේ මධු රස දැනිලා ද මෙසේ රඟන්නේ පිල් විදහා රණ මයුරා රන් රැඟුමක් පාවි නුරා ඒ දුටු මයුරී බලයි සතුටින් ඉපිලී සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ නඳුන් වනේ සිහිල් සුවය සොයන්නේ සැලී ලෙළී දෙගොඩ තලා ගඟක් ගලයි සයුර බලා මූදට හාවී ගඟ හාදු පුදාවී සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව සහ මල්ලිකා කහවිට චිත්‍රපටිය: අදට වැඩිය හෙට හොඳයි (1963) Lyrics: Karunarathne abeysekara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa with Mallika Kahawita Film: Adata Wadiya Heta Hondai (1963)

No comments:

Post a Comment