Sunday, January 17, 2021

LO AMBALAME INDALA YANAWA by Latha Walpola



෴෴෴ ලෝ අම්බලමේ ඉඳලා ෴෴෴
ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා දෙයි මාන බලා කරුමේ පහරා මේ ජීවිතයේ කෝ ස්ථිරතා පිණි බිංදු වගේ බිඳි යාවි සෙනේ මේ නිසරු කයේ අපි ආලෙ කළා // කරුමේ කළේ මේ කිමදෝ අනේ අහෝ කරුමේ කළේ මේ කිමදෝ අනේ මේ මාව දමාලා යන්නෙ කොහේ ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා ගිණි දැල්ල නගින්නා සොහොන පුරා ගිනි කන්ද නගී ආකාසෙ සරා ගිනි දැල්වීල ආවේ හර්දෙ පලා පව්කාර මගේ පව් පල දේ අහෝ පව්කාර මගේ පව් පල දේ අහෝ මේ ජීවිතයේ කෝ ස්ථිරතා ලෝ අම්බලමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා සංසාර දුකින් මිරිකීම තමා ලෝකේහි සොබා දහමේ නියමා // මරණේට ආ දා යා යුතුයි ඔව් මරණේට ආ දා යා යුතුයි ධර්මේ මෙ නමුත් සැනසෙන්න මෙසේ ලෝ අම්බලමේ ඉඳලා ................ ලෝ අම්බලමේ පද රචනය: ඩී. ටී. ප්‍රනාන්දු සංගීතය: එස්. වේදාචලම් ගායනය: ලතා වල්පොල මුල් ගායනය: ජික්කි චිත්‍රපටය: ජීවිත සටන (1957) තනුව: දින් දින් කෙ ලියේ හින්දි ගීතය චිත්‍රපටය: බාදල් (1951) සංගීත නිර්මාණය: ෂන්කර්-ජායිකිෂන් Lyrics: D. T. Fernando Music: S. Vedachalam Artist: Latha Walpola First Version sung by Jikki Film: Jeewitha Satana (1957) Melody: Din Din Ke Liye Hindi song Film: Badal (1951) Music Direction: Shankar-Jaikishan

No comments:

Post a Comment