Friday, January 15, 2021

THOLIN THOLATA WAHENA AMA BINDU by W. D. Amaradewa


 

෴෴෴ තොලින් තොලට වෑහෙන මී බිංදූ ෴෴෴ අද පමණයි ඉතිරිව පවතින්නේ හෙට වන විට අප නැත හමුවන්නේ තොලින් තොලට වෑහෙන මී බිංදූ තොලින් තොලට පෑහෙන මී බිංදූ තොලින් තොලට යාවෙන අම ලන්දූ මලින් මලට පාවෙන බඹරින්දූ පිපෙන පිපෙන මල් කැකුලට කොඳුරා බමරා පවසන රහස මෙයයි ඔබ තොල් පෙති මට මීවිත වේ නම් මම ඔබෙ සංගීතය වෙන්නම් නොපැමිණි දුක් එන මග මල් රඳවා // සපැමිණි දුක් හැම දුරු කරවා // ජීවිත සැපතට දොර අරවා මී විත ගෙන එන් මුව විත පුරවා පද රචනය: මහගමසේකර සංගීත නිර්මාණය: ලයනල් අල්ගම ගායනය: ඩබ්. ඩී. අමරදේව චිත්‍රපටය: පරසතු මල් (1966) Lyrics: Mahagamasekara Music: Lionel Algama Artist: W. D. Amaradewa Film: Parasathu Mal (1966)

No comments:

Post a Comment