Sunday, January 31, 2021

BORALU ANENA PAYA RIDAWANA by Deepika Priyadarshani Peiris | බොරළු ඇනෙන පය රිදවන


 

⋆⋆⋆ බොරළු ඇනෙන පය රිදවන ⋆⋆⋆⋆⋆⋆ බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවා ගන්න ඔබේ සතුටු මුහුණ අපට ටිකක් හොඳින් බලා ගන්න මහත්වරුනි බදුලු ඔයෙන් කිරි කඳුලක් අපිත් ගන්න කාසි ඇතොත් මේ බෙලි මල් කඳුළු වතුර පොදක් බොන්න කැලේ ගිහින් නිදි වැරුවා කැලේ ගිහින් නිදි වැරුවා කැපුණ සඳුන් දණ්ඩ දනී ඒ සඳුනින් සිත තැවරූ සුවඳ පවා සිහින වැනී අඳුරට දුක එකතු වෙලා අඳුරට දුක එකතු වෙලා නින්ද බිඳුනු පැලට වඩී අපට නැතත් බදුලු ඔයට හෙටත් උදෑසනක් වඩී රෑන ගිරව් කටුසු කොබෙයි රෑන ගිරව් කටුසු කොබෙයි උරග නාග සපුනි වනේ නුඹට වගේමයි අපටත් දුක් පීඩා විඩා දැනේ කඳු ඉස්මත්තෙන් පාවී කඳු ඉස්මත්තෙන් පාවී වැගිරෙන දුන්හිඳ හීනේ පුංචි එවුන්ටයි ලස්සණ කිරි ගරුඬෙන් කවිය වුණේ පද සංකල්පනාව: රුචිර පරණවිතාන සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස් Lyrics: Ruchira Paranavithana Music: Rohana Weerasinghe Artist: Deepika Priyadarshani Peiris

No comments:

Post a Comment