Thursday, January 28, 2021

ADARE NAM AYI METHARAM by Chandralekha Perera with Prince Udaya Priyantha | ආදරේ නම් ඇයි මෙතරම්


 

෴෴෴ ආදරේ නම් ඇයි මෙතරම් ෴෴෴ ආදරේ නම් ඇයි මෙතරම් මට හිංසා දෙන්නේ වරදක් වීද මගෙන් නෑ හද වාවන්නේ සුළු දෙයකින් සිත සැළෙනා මා පෙම්බර ළඳුනේ කිසි දා තුන් සිතකින් නැහැ ඔබ රිදවන්නේ ආදරේ නම් නිරතුරු ඔබ ලඟ දැවටී ඉන්නට වරම් නැතේ එ නිසා සැකයක් ඔබ සිත රැඳිලා දෝ කැලඹී සැමදා ඔබ එනවා යයි මා මඟ බලා හිඳී පැතුමන් හද අරණේ ලැඟුම් ගනී සිතුවිල්ලේ ඈත දිහා හඬ ඇසෙනා වාගෙ දැනේ මාරුතේ ආදරේ නම් ඇයි මෙතරම් මට හිංසා දෙන්නේ වරදක් වීද මගෙන් නෑ හද වාවන්නේ ආදරේ නම් රන් මිණි කිරුළු දරා සිටියත් ඔබ නැති ලෝකේ කුමටද සෙනෙහස ලඟ නැති තනිවුණ මේ ලෝකේ ආදරයේ මිහිර ගෙනා ඔබ මා ලඟ නැතිමුත් එක සිතමයි ඇත්තේ පුද දුන් සෙනෙහස මත්තේ හොර රහසේ සිතට හොරා ආල සිතුම් මැවේවී ආදරේ නම් ................ ආදරේ නම් පද රචනය: නිහාල් ගම්හේවා සංගීත නිර්මාණය: නිහාල් ගම්හේවා ගායනය: චන්ද්‍රලේඛා පෙරේරා සමග ප්‍රින්ස් උදය ප්‍රියන්ත Lyrics: Nihal Gamhewa Music: Nihal Gamhewa Artist: Chandralekha Perera with Prince Udaya Priyantha

No comments:

Post a Comment