Friday, January 15, 2021

KANDA UDIN ENA GOMARIYE by W. D. Amaradewa


 

෴෴෴ කන්ද උඩින් එන ගෝමරියේ ෴෴෴ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටියේ කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ ඇයි මට පිටුපා ගෙට යන්නේ නලලේ දාඩිය මුතුපට පටලා වළාකුලේ සුදු සේලය රැඳිලා වළාකුලේ සුදු සේලය රැඳිලා අත පාමුදු පය පාමුදු ලා ගෙන ළමැදේ ගෝමර මල් ගවසා ගෙන කන්ද උඩින් එන ගෝමරියේ කන්ද උඩින් සඳවත පායන්නේ සිනා කිරෙන් සඳ එළිය ගලන්නේ ලැව් ගිනි ගත් සිත එයිනි නිවෙන්නේ රන් තැටියෙන් කිරි දියර දියන්නේ කන්ද උඩින් එන ගෝමරියේ කඳු පාමුල මිටියාවත වැතිරී ඔබ එනතුරු මම හිඳිනෙමි තනිවී ඈත ඉඳන් කළු මුහුදට නැඟලා මා කැඳවයි ඔබ වෙත අත වනලා කන්ද උඩින් එන ගෝමරියේ ඇයි මට පිටුපා ගෙට යන්නේ ඇයි මට පිටුපා ගෙට යන්නේ නලලේ දාඩිය මුතුපට පටලා වළාකුලේ සුදු සේලය රැඳිලා වළාකුලේ සුදු සේලය රැඳිලා අතපා මුදු පය පා මුදු ලා ගෙන ළමැදේ ගෝමර මල් ගවසා ගෙන කන්ද උඩින් එන ගෝමරියේ පද රචනය: මහගමසේකර සංගීතය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Mahagamasekara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

No comments:

Post a Comment