Friday, January 15, 2021

SANNALIYANE SANNALIYANE by W. D. Amaradewa


 

෴෴෴ සන්නාලියනේ සන්නාලියනේ ෴෴෴ සන්නාලියනේ සන්නාලියනේ මේ හිමිදිරි උදයේ සන්තෝසෙන් ඔබ හිනැහී හිනැහී කාටද ඇඳුම වියන්නේ මේ පොඩි ඇඳුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ මාලගිරා තටු සේම රුවින් යුතු නිල්වන් ඇඳුම වියන්නේ ඊයේ ඉපදුනු කුලුඳුල් දූටයි මේ පොඩි ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ මේ හැන්දෑ යාමේ හැඩ වැඩ දමලා ලස්සන කරලා කාටද ඇඳුම වියන්නේ දිලිසෙන ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ කාටද ඇඳුම වියන්නේ සැන්දෑ අහසේ රන්වන් පාටින් දිලිසෙන ඇඳුම වියන්නේ ඒ කුලුඳුල් දූ දීගෙක දෙන්නයි මංගල ඇඳුම වියන්නේ සන්නාලියනේ සන්නාලියනේ සීතල හඳ එළියේ මැළැවුණු මුහුණින් වෙව්ලන දෑතින් කාටද සළුව වියන්නේ හීතල සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ කාටද සළුව වියන්නේ කණකොක් තටුවේ සුදුමැලි පාටින් සීතල සළුව වියන්නේ මියගිය ඇයගේ මිනිය වහන්නයි සීතල සළුව වියන්නේ පද රචනය: මහගමසේකර සංගීත නිර්මාණය: ඩබ්. ඩී. අමරදේව ගායනය: ඩබ්. ඩී. අමරදේව Lyrics: Mahagamasekara Music: W. D. Amaradewa Artist: W. D. Amaradewa

No comments:

Post a Comment