Friday, January 29, 2021

THARU DAHASAK PAYANA RA by Keerthi Pasquel




 

෴෴ තරු දහසක් පායන රෑ ෴෴෴ තරු දහසක් පායන රෑ අඳුරු වුණාදෝ පෙමින් බැඳුනු හිත කෙලෙසක නපුරු වුණාදෝ තරු දහසක් ................ මට සතුරු වුණාදෝ නොපිපි කුසුම පුබුදන්නට හැකිය ආදරෙන් පිපුනු කුසුම පර වෙන්නෙත් හිත අනාදරෙන් සඳේ සිසිල හිරු උණුසුම බෙද අහස් තලෙන් තරු බිඳුවක ආදරයෙන් පලක් නෑ ඉතින් මට පලක් නෑ ඉතින් පෙමක සුවඳ විඳ ගනු බෑ දුරස් වූ සිතින් පවසක් සන්සිඳ වනු බෑ තුසර බිඳුවකින් කඳුළු බිඳක් නොමැති නෙතින් වැලපුනත් ඉතින් ආදරයට අනුකම්පා මට එපා ඉතින් යලි මට එපා ඉතින් තරු දහසක් පායන ................ මට සතුරු වුණාදෝ /// පද රචනය: ධර්මරත්න පෙරේරා සංගීත නිර්මාණය: මිල්ටන් පීරිස් ගායනය: කීර්ති පැස්කුවෙල් Lyrics: Dharmarathne Perera Music: Milton Peiris Artist: Keerthi Pasquel

No comments:

Post a Comment