Thursday, January 28, 2021

ARUNA UDAYE PIPUNA MALA SE by J. A. Milton Perera


 ෴෴෴ අරුණ උදයේ ෴෴෴ අරුණ උදයේ පිපුන මල සේ පිබිද මැලිකම් දුරලලා මුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා ගමන නාලිය වැනිය ඈ පිය නගා ලිඳ වෙත දියට යයි ලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව් කඩිසරයි අරුණ උදයේ .................... සිහල ආරිය සිරිත මේ ලිය සියළු තැන්හිම රකිනවා පිනට දහමට කැමති ඈ නිති ගමේ හඳ මෙන් දිළෙනවා අරුණ උදයේ පිපුන මල සේ පිබිද මැලිකම් දුරලලා වවයි මල් වතු වියයි පොල් අතු ගොතයි බීරළු හැඩ දමා කොටයි වී ටික පලයි දර ගොඩ උයා දෙන්නෙත් ඇය තමා අරුණ උදයේ .................... දෙගුරු කුල දෙවි නැමදලා // පද රචනය: කරුණාරත්න අබේසේකර සංගීත නිර්මාණය: ආර්. මුත්තුසාමි ගායනය: ජේ. ඒ්. මිල්ටන් පෙරේරා චිත්‍රපටය: කුරුළු බැද්ද Lyrics: Karunarathne Abeysekara Music: R. Muththusamy Artist: J. A. Milton Perera Film: Kurulu Badda

No comments:

Post a Comment